My followers

Saturday 10 March 2012

ඕස්ට්‍රේලියන් අගමැතිනියත් Living together

මේක පබ්ලිෂ් කරන්න හිටියෙ ෆයිනල් එක දින්නම, දැන් ඉතින් මොකේ දන් වළඳන්නද? 


පහතින් තියෙන්නෙ පෙබරවාරි දෙවෙනිදා, ඕස්ට්‍රේලියන් අගමැති තුමිය ජූලියා ගිලාඩ් තම නිළ නිවසේදී, පසුගිය  දින වල ඕස්ට්‍රේලියාවේ සංචාරය කල  ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම හමු වූ අවස්තාව නිරූපනය කරන පින්තුර ටිකක්.

මේ පින්තුර සහිත පුවත් පත් වාර්තාවේ " JULIA GILLARD AND HER HUSBAND" යනුවෙන් සඳහන් කරල තිබුනත්, ඒ දෙන්න අඹු සැමියන් නෙමේ. ඒ දෙන්නත් "Living Together "


                      

Australian PM hosts Sri Lanka cricket team at her residence

Photos courtesy of Johann Jayasinha/SNNI.
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ0_0.jpg
ජූලියා ගිලාඩ්, මහේලව පිළිගනිමින්...
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ0002_0.jpg
ජුලියා ගිලාඩ් සහ ඇගේ 'ලිවින් ටුගෙදර් '  පාට්නර් ටිම් මැතිසන් දකුණු අප්‍රිකානු ජාතික ශ්‍රී ලංකා  ක්‍රිකට් පුහුණු කරු ග්‍රැහැම් ෆෝඩ් පිළිගනිමින් 
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ00003_0.jpg
ජුලියා ගිලාඩ්, ඇන්ජෙලෝ මැතිව්ස්  පිළිගනිමින් 
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ00004_0.jpg
ජුලියා, ටිම්, මහේල සහ ශ්‍රී ලංකාව සමග පුහුණු තරඟයකට ඔස්ට්‍රේලියාවට  නායකත්ව දුන් බ්‍රැඩ් හැඩින්...
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ00005_0.jpg
ලසිත් මලිංග...හෙහ්...හෙහ්....හෙයාර් ස්ටයිල් එක දැන් ලෝක ප්‍රසිද්ධයි.  මට නාකියෙක්, තරුණයෙක් සහ ගිරවියක් ගැන කතාවක් මතක් වුනා. දැන් කුණුහරප කථා  ලියන්නෙ මාසෙකට එකක් නිසා පස්සෙ කියන්නං....
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ00006_0.jpg
මහේල රැස් වී සිටි පිරිස අමතමින්...
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ00007_0.jpg
ශ්‍රී ලංකා කණ්ඩායම ජූලියා සමග....
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ00008_0.jpg
කට්ටිය කොක්ටේල් එකක් රස විඳිමින්...
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ0009_0.jpg
පාටිය ඉවර වෙලා යන්න කලින් නැවතත් සමුහ චායාරුපෙකට පෙනී සිටිමින්...
© Johann Jayasinha/SNNI

123 comments:

  1. මේක හරි යන්නේ නෑ.. දැන් trend එක Living Together නේ.. මාත් එහෙම එකකට බහින්න ඕන..

    ReplyDelete
  2. අද නම් කවුරුවත් කියන කමෙන්ට් දිහා බලන් ඉඳලා පස්සෙ නෝක්කාඩු අහන්න ලේස්ති නෑ..අර ගිරවිගෙ කතාවත් ලියලා දාන්ඩ අයියෙ ඉක්මනට...

    ReplyDelete
  3. ඔබා මාමා කරන්නේ කැන්ගරුදේශේත් සිටිසන් එක නැති කරගන්න වැඩ නොවැ.. :D

    ReplyDelete
  4. තන්ක්ස් ඔබෝ ෂෙයාර් කලාට මාලිංගයට කවුද ආදරේ නැත්තේ. ලිවින් ටු ගෙදර් කියන්නෙත් ඉතින් බැඳලා වගේම තමයි. එකම දේ ඕන වෙලාවක යන්න පුළුවන්. වගකීමෙන් තොර. විතවුට් ප්‍රෙජුඩීස්.. හෙහ් හෙහ්

    ReplyDelete
  5. අන්න රටටම ආදර්ශයක් වෙන නායකයෝ.. අපිට විතරද එන්න කියලා තියෙන්නේ.. ඉන්දියන් කාරයෝ ගෙන්න ගෙන නැද්ද?

    ReplyDelete
  6. ජූලියා අපේ කට්ටියට වාඩි වෙන්න පුටු දීලා නැද්ද?

    ReplyDelete
  7. චැහ් මේක හිතල බලන්න ඕනි.... අද වෙනකල් මේක මගෙ කම්පනාවට නාපු හැටි!!!!

    ReplyDelete
  8. සැහ්.. මුන්ට කන්න දීල නැද්ද ?

    දැං ඉතිං ඔබායිය කියන්නෙ අපිටත් මෙහේ ලොක්කො කරන දේවල් මෙහෙම පෝස්ට් කරන්න කියලද ?

    ReplyDelete
  9. කෝ team එක coach ඔබාමා (ම) එක්ක පින්තූරයක් අරන් නෑ නේ....
    P.S. මේ මේ ඒවා හරියන්නේ නෑ මාසෙට 3ක් වත් ඕනේ OLD ස්පැෂල් වලින්....

    ReplyDelete
  10. මේ පොටෝ ටිකත් ඔබා මාමා ගැහුවේ කැමරා ෆෝන් එකෙන්ද? හැබැයි නියමෙට වැදිලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. @ නජාත් අක්රම් ,
      බොලාට පස් දෙනෙක්ද හත් දෙනෙක්ද එක්ක ලිවින් ටුගෙදර් පුලුවන්නෙ. මෙහෙ කථාවක් යනව, ඔසාම ඉන්න තැන ඔත්තුව දුන්නෙ ඌමයි කියල. ගෑණු පස් දෙනෙක්ද කොහෙද එක්ක තනියම අවුරුදු ගානක් හැංගිල හිටියම සිය දිවි නසා ගන්න හිතෙන එක පුදුමයට කාරණයක් නෙමේලු...හෙහ්...හෙහ්...

      @ වෙනි ,
      ඒක උඹල දන්න කථාවක් මං හිතන්නෙ, ඒ වුනාට වෙලාවක ලියන්නං. සමහර කථා බයෙන්, බයෙන්, දැම්මට හුඟක් කට්ටිය අහල නැති බව දැක්ක.

      @ අයිස් කුලතුංග,
      හෙහ්..හෙහ්..ලංකාවෙ පුරවැසි කම ගහල ගියා, මෙහෙ එක ගත්තම. පොඩි දුව ලඟදි එයාගේ හස්බන්ඩ එක්ක ලංකාවෙ එකත් [ඩුවල්] ගත්ත. ලක්ස දෙකහමාරක්ද කොහෙද ගියාලු, අපරාදේ සල්ලි. මෙහෙ එකේ හොඳේ තියෙන්නෙ, ඊයේ පෙරේද පොරක් මැලේසියාවෙ අහුවෙලා ඇම්ෆෙටමයින් ග්රෑම් 250 ක් එක්ක. මැලේසියාවේ මරණ දඬුවම ලැබෙන වරදක්. මෙහෙ පුරවැසියෙක් හින්ද ආණ්ඩුව දෙන්නෙ ෆුල් ට්‍රයි එකක් පොරව බේරගන්න. ප්‍රධාන හේතුව මෙහෙ ආණ්ඩුවයි රටවසියොයි විරුද්ධයි මොන වැරද්දටවත් මරණ දඬුවම හෙවත් 'කැපිටල් පනිෂ්මන්ට් ' එකට.

      මෙහෙ කථා කිරීමේ නිදහස උපරිමේටම තියෙනව. මං ඔබීට කියන්නෙ 'කථා කිරීමේ නිදහස තියෙනව කිව්වට, ඔයා කථා කලොත් ඕනෙ වෙලාවක මගෙ පර්ස් එකට තට්ටු වෙනව ' කියල

      @ මාතලන්,
      එහෙම්ම කියන්න බෑ මෙහෙ, ලිවින් ටුගෙදර් හිටියත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ කසාද බැඳල හිටිය විධියටමයි. ලංගම කට්ටිය ඉස්සර කිව්ව විධියට ' වංගෙඩි බදු ' [නඩත්තු] ගෙවන්නම වෙනව. හැබැයි ගෑණු පිරිමි බේදයක් නැතුව. මට ඊයේ පෙරේද ආරංචි වුනා පොඩි කුමාරිහාමි නීති වේදිනියක් කියල, එයා හරියටම දන්නවා ඇති මෙහෙ නීති

      @ දිනේෂ්,
      එයාලටත් පාටියක් දෙන්න ඇති, කලින්නෙ ආවෙ ටෙස්ට් මැච් වලට, ඒ වැඩේ හුඟාක් කලිං සිද්ධ වෙන්න ඇත්තෙ

      @ හරී-පිණිපලස,
      හෙහ්..හෙහ්...වඩුවගේ ගෙදර වගේ කියල හිතුනද ? මං හිතන්නෙ පින්තුර ගන්න කොට හිටගෙන ගන්නැති, අර කොක්ටේල් බොන තැන නං කට්ටිය කොට බිත්තියකවත් ඉඳගෙන ඉන්නව වගේ පේනව

      @ සංජු,
      ක්‍රිකට් ගහන එකද, පින්තුර වලට ඉන්න එකද ?

      @ නවම් මාවත,
      උඹයි මායි නොදන්න කොක්ටේල් පාටි...හෙහ්...හෙහ්... මං හිතන්නෙ ඔය වෙලාවට සර්ව් කරන්නෙ අර 'ෆින්ගර් ෆුඩ් ' කියන සිල්ලර කෑම, නිකං බඩ හුරතල් කොරන්න වගේ. මං වගේ එවුං හිටිය නං අනිත් එවුං බඩගින්නෙ උංට සිල්ලර කෑමත් නෑ

      @ ගුලියා,
      කෝච් ඉන්නෙ 'බිහයින්ඩ් ද සීන් ' නෙ බං, බොට ඒකවත් තේරෙන්නෙ නැද්ද, අනිත් එක ෆයිනල් එක පැරදුනාට ඔය තත්තෙටවත් ගෙනාවේ කොයි තරං අමාරුවෙන් කියලද බොගෙ හිතේ :-))

      @ බුද්ධි,
      පික්ෂු නං කෙලින්න එපා, මෙහෙ ඕවගෙ කේස් වලට නඩු දාන්නෙ හෙණ ගණන් වන්දි ඉල්ලල. දැක්කෙ නැද්ද ෆොටෝ අල්ලපු පොරගෙ නම දෙපොලකම දාල තියෙනව වැඩි පරෙස්සමට. ඊට හපන් ෆොටෝ කැචර් ලංකාවෙ පොරක්. සුද්දෙක් ගෙන් නං කොහොහොම හරි බේරෙතෑකි.
      PS
      ඇත්තටම ෆොටෝග්‍රෆර් පුද්ගලිකව අඳුනන්නෙ නෑ, මට පින්තුර සහ විස්තර ආවෙ ඊමේල් එකකින්. වාසගම නිසා ෆොටෝ අරන් තියෙන්නෙ ලංකාවෙ කෙනෙක් වෙන්න ඕනෙ කියල හිතුන.

      Delete
  11. කැනගරු රටේ සුදු වෑන් නැද්ද .......... ? ඉන්ඩ හම්බවෙනෙන්නෑ..... මහ රැජිනට මඩ ගහලා !

    ReplyDelete
  12. බලන්ඩකෝ කැමරාමන් ඩෙනිම ගහලා ඉන්නෙ.....

    ReplyDelete
  13. Living Together. No strings attached. අන්න කරනවනම් වැඩේ!

    henryblogwalker the Dude

    ReplyDelete
  14. ඊළඟ පොස්ට් එක පෙනී වොන්ග් ගැන ද? :D

    ReplyDelete
  15. දැන් එතකොට ලිවින්ග් ටුගෙදර් හෙන ජොලිද?

    8 වෙනි ෆොටෝ එකේ මාලිංගට පිටිපස්සෙන් හිටගෙන ඉන්නේ කවුද බන්,,,?

    ReplyDelete
  16. රිපොර්ටර් ඔබා කැන්ගරු දේශයේ සිට..

    ReplyDelete
  17. හොඳ වෙලාවට ඔස්ට්‍රෙලියන් අගමැතිනියට සිංහල බැරි නැත්නම් ඔබාට වෙනදෙ බලන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. @ සමීර,
      ඇත්තෙන්ම ලොකු නිදහසක් තියෙන්නෙ ඕනෙ දෙයක් කියන්න හෝ කරන්න, වෙලාවකට සමහරු ඒක 'වල් බූරු ' නිදහසක් හැටියටත් පාවිච්චි කරනව කියලත් කියන්න පුළුවන්. උදාහරනෙකට කිව්වොත් මැද පෙරදිගින් ආව කට්ටිය කියන්නෙ ගැහැණු අයට මූණු වැහෙන්න 'බර්කා ' අඳින්න අයිතිවාසිකමක් තියෙනව කියල. ඒව ගැන කියනව නං කොමෙන්ට් එකක් නෙමේ පෝස්ට් එකක් ලියන්න වෙන්නෙ.

      @ බුද්ධි,
      අපේ රටට වඩා පොඩ්ඩක් වෙනස් තව දෙයක් මෙහෙ ඒක. ඇඳුමෙන්, රැකියාවෙන්, සල්ලිකාර කමෙන් මිනිස්සු උසස් කියල ගණන් ගන්නෙ නෑ. තමන්ගෙ බොස්ට විතරක් නෙමේ අගමැතිටත් මුල නම, එහෙමත් නැත්තං, 'මේට් ' කියල කථා කරන්නෙ. මේට් කියන්නෙ අපේ මචං කියනවට බොහෝ දුරට සමානව මෙහෙ පාවිච්චි වෙන එකක්, හැබැයි අඳුනන්නෙ නැති අයටත් මේට් හෝ බ්‍රෝ [බ්‍රදර් ශෝටන් ෆෝම්] කියල අමතන එක මෙහෙ ස්වාභාවිකයි. සමහර සමාජවාදී කියා ගන්න රටවලට වඩා සමානාත්මතාවය රැකිල තියෙනව. ලෝකෙන්ම උතුම් රට කියල කියනව නං නෙමේ

      @ ඩුඩ්,
      හැබැයි 'වංගෙඩි බදු ' වලින් නිදහස් නෑ මෙහෙ නීතියෙ හැටියට :-)

      @ නිරෝෂිනී,
      හූ ද #### ඉස් පෙනී වොන්ග් :-)

      @ අබේපාල මාමා,
      ලිවින් ටුගේතර් මෙහෙ නරක නෑ, එකට ඉන්නකං...වෙං වුනොත් මෙහෙ නීතියෙ හැටියට බැඳල හිටිය වගේම වංගෙඩි බදු [නඩත්තු] නං ගෙවන්න වෙනව.

      මේකෙ පිටිපස්සෙ ඉන්න එකා හොයන්නෙ ඉස්සෙල්ල පෝස්ට් එකේ බෙන්ස් එක මිස් වුන හින්දද ?

      @ ක්සැන්ඩර්,
      කැන්ගරු දේසෙට තව නමක් තියෙනව 'ආස් එන්ඩ් ඔෆ් ද වර්ල්ඩ් ' [ලෝකෙ පුක] කියල, ඒ ගැනත් ළඟදිම පෝස්ට් එකක් දාන්න ඉන්නෙ...හෙහ්...හෙහ්...

      @ ලොකු ජෝන්,
      මගෙ පිළිතුරු බලන්නකො කොමෙන්ට් වලට දීල තියෙන. එතකොට තේරෙයි කොයි තරං වල් බූරු නිදහසක් මට තියෙනවද කියල :-)

      Delete
    2. ශිනහවෙන් හෝ ඛථෘවෙන් බැහැ මණිණ්ණට මිනිෂා...... අන්න ඒකනෙ.... මමත් කැමතියි ඕන තැනක ඩෙනිම ගහලා යන්ඩ... කොහෙද ඉතිං...

      Delete
  18. පැපරාසි ඔබා රජගෙට එබේ!

    ReplyDelete
  19. ඉතිං ඔබා ඔබීව කසාද බැඳල ඉන්නෙත් "ලිවිං ටුගෙදර්" නෙ? ආයෙ නැතිව වෙනමයැ?

    ReplyDelete
  20. ඔබා මාම තාම අතුරුදහන් වෙලා එහෙම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. @ රාජ්,
      ඔබා මඩ හෝදගෙනනෙ ඉන්නෙ...හෙහ්..හෙහ්..

      @ ඇනෝ,
      ඔබා ඉතින් බබානෙ

      @ ප්‍රසන්න,
      ඔබී මාව හැන්ගුවොත් තමා.... :-))

      Delete
  21. අපිත් ඉතිං ලිවින් ටුගෙදර් වලට තමයි මනාප... :)

    ReplyDelete
  22. මෙයත් පාන් 3.50 ට දෙන්නම් කියලා ආපු එක්කෙනෙක්ද ?

    ReplyDelete
  23. මොනවා උනත්, ජුලියා මාර ස්මාර්ට් නේ... අපේ කොල්ලන්ගෙත් වැරැද්දක් නෑ. අනෙක තමා ඔය ටිම් හරි හොඳ එක්කෙනා. විශේෂයෙන් සිකුරාදා දවස්වල, ජුලියා ගෙදර ආවාම එයාට මහන්සි අරින්ට දීලා, (වයින් වීදුරුවක් අතට කාරිය දීලා කාරිය ) රෑ කෑමත් හදලා ලඟට දෙනවලු.

    අන්න හස්බන්ඩ්ලා.:D

    ReplyDelete
    Replies
    1. ලිවින්ටු ගෙදර්නෙ මැඩම්!

      අනික අරයා අගමැතිනෙ. ටිම්ට මොන සැපද! යන්ට උනොත් කාටද පාඩු...! මං හිතන්නෙ ටිම්කාරයා සිකුරාදා රෑ කෑම විතරක් නෙමේ, සෙනසුරාදා උදේම වැල්ලට ගිහිල්ලා මාලු ගෙනල්ලා ඒවා කපලා ෆිජ් එකේ දාලා, ඉරිදා උදේම පොලට ගිහිල්ලා ඒවා කපලා හොදලා කරලා ෆිජ් එකේ දාලා, සතියටම ඕනෙ පොල්ගෙඩි ටික ලෙලි ගහලා, හවස් වරුවෙ රෙදි අපුල්ලලා, වාහනේ හොදලා, ඇදුං ටිකත් මැදලා දීලලු ඉරිදා රෑවත් ඔන්න ඔහෙ නිදා ගමුද කියලා අහන්නෙ.....

      අන්න හස්බන්ඩ්ලා නේද :P

      Delete
    2. @ Buddhi,
      ඔව්...වොව්...පොල් ලෙලි ගහන එක නං ලෙසටම කොරනව ඇති, ජූලියා සෑහෙන්න මහන්සි වෙලානෙ ගෙදර එන්නෙ....රටක් බලාගන්නව කියන එක ලේසි කෙලියක්ද, [බලාගන්නව කියල කිව්වෙ, පාලනේ කියල නෙමේ] මහින්දලට නං සපෝර්ට් එකට කැලණියේ කස්ටිය හෙමත් ඉන්නවනෙ

      Delete
  24. ම්ම්ම්ම්ම්ම්..... ඕනෙ වෙලාවට වෙන්වෙලා යන්ටත් බැරි නම්, වෙන් වුනාට පස්සෙ වන්දි ගෙවන්ටත් ඕනෙ නම්... මොකක්ද මේ living together කියන එකෙ වෙනස???

    ලංකාවෙත් ඔය living together තියෙනවා සමහර ගම්මාන වල. සිංහලෙන් කියන්නෙ චාරිත්‍ර විවාහ කියලා...

    ReplyDelete
  25. මේ රටවල සදාචාරෙ නෑ කියන එක ඉතින් අහන්න දෙයක්ද?..වැඩේ තියෙන්නෙ මේව අපේ අයත් ආදර්ශයට ගනීද දන්නෙ නෑ ඔබා මාමගෙ පෝස්ට් එකෙන් පස්සෙ.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ සදාචාරේ නියමෛ නේද , ලෝකේ වෙන කිසිම රටක නැහැ මේ වාගේ , සදාචාරයක්, ඒ වුනත් මේ රටේ ඉන්න කට්ටිය බලන්නෙම හොරෙන් හරි ඔය අවිනීත රටකට පැනගන්න නේද, ඒ අපේ රටේ සදාචාරේ තිබුනාට ඉන්න අයගෙන් වැඩි දෙනෙකුට සදාචාරේ නැතිව වෙන්න ඇති .

      Delete
    2. @ kuwa,

      පට්ට කතාව මචෝ.. අපේ බුවාලගෙ සදාචාරෙ මනින මිම්ම ගැන පොඩ්ඩක් හොයලා බලන්ටෝනැ.. :D

      Delete
    3. බුරා,
      උඹ ඕක මනින්නෙ එංගලන්තෙ ඉඳල වෙන්ටෑ

      Delete
    4. හැක හැක.. මමනං ඕක මනින්න යන්නෙ නෑ අංකල්.. මොකද මට සදාචාරයක් කියලා දෙයක් නෑ නෙවැ.. ;)

      Delete
    5. බූරු කටයි ඌරු පිටයි තියෙනව නං බොටයි මටයි මොන සදාචාරෙද ? ටපලුනාද මන්ද. අද සෙනසුරාද හවස, අනික ඔබීත් ගෙදර නෑ...ටපලුනාට කාට බයක්ද ? :-))

      Delete
    6. ඕක 'ඌරු කටයි බූරු පිටයි' වෙන්ටෝනැ මං හිතන විදියට.. ඇත්ත කියහං ඔබාඅයියා, වයින් බෝතලේම ඉවර කලා නේද..?? :D

      Delete
  26. අගමැතිනියකටත් ඉතිං කරන්න කියලා කොච්චර වැඩ තියෙනවද?එහෙවු එකේ වෙඩින් එකක්වත් ගන්න වෙලාවක් නැතිව ඇති.

    ReplyDelete
  27. සිරා පොටෝ ටික.. ඔබාත් මාර අප්ඩේට් නොවැ දෙන්නේ..

    ReplyDelete
  28. ඔහෙ විතරක් නෙවෙයි මෙහෙත් ලොකු ලොකු අය ලිවින්ග් ටුගෙදර් වගේ තමයි. ඒගැන ඉතින් ඔබා මාම නොදන්නව‍යැ.

    ReplyDelete
  29. ලිවින් ටුගෙදර් කියන එක මහා නරක දෙයක් වගේ තමයි අපේ මිනිස්සු කතා කරන්නේ. හැබැයි බොහොම ඉස්සර කාලේ අපේ රටෙත් ඕක සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බ බව ගොඩ දෙනෙක් දන්නේ නෑ. කිව්වත් පිළිගන්නෙත් නෑ! :D

    ReplyDelete
    Replies
    1. අපේ රටේ පස්සෙ ශේප් වෙන්න පුළුවන් හින්ද හොඳා...මෙහෙ ඒ සෙල්ලං බෑ බැඳල හිටිය වගේම වංගෙඩි බදු [නඩත්තු] ගෙවන්න ඕනෙ...හෙහ්..හෙහ්..

      Delete
  30. හැබැයි විහිළුවට මොනා කිව්වත්, අපේ රටේ ලොකු ලොකු කට්ටිය ත් ඔක්කොම ලිවින් ටුගේතර් වගේ තමයි නේ ද? අඩු ගානේ ජුලියා ට හිටින්නේ එක පාට්නර් කෙනෙකි. අපේ ලොක්කන්ට එහෙමද?
    අපේ අය ගේ බොරු සෝබන සදාචාරේ! මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන කොට, රට විකුණන් කන කොට, කෝ අපේ සදාචාරේ!

    ReplyDelete
    Replies
    1. අපේ රටේ පස්සෙ ශේප් වෙන්න පුළුවන් හින්ද හොඳා...මෙහෙ ඒ සෙල්ලං බෑ බැඳල හිටිය වගේම වංගෙඩි බදු [නඩත්තු] ගෙවන්න ඕනෙ...niroshinee දන්නව ඇති ඒ ගැන දන්නැත්තං අහන්න පොඩි කුමාරිහාමිගෙන්...ඊයේ පෙරේද ආරංචි වුනා පො.කු. ලෝයර් කෙනෙක් කියල හැබැයි ඇත්තද කියල නං දන්නෑ

      Delete
    2. හුටා! අනේ අර අසරණ ගෙම්බා. ඌ ග්‍රීස් බැරල් එකකට බැහල හිටියත් බේරෙනව බොරු. මට මේ අහමැතිනි ගැන ලොකු පැහැදීමක් ඇති වුනා.

      හිටියා නං මේ පැත්තේ රජ කරනව ලංකාවට
      ඇත්තයි අපි මල් පුදන්ට ඕනෙ ඔහොම බවලතුන්ට

      -ටොමියා -

      Delete
    3. කලබොල වෙන්න එපා ටොමියො ඒක ඇත්තද කියල දන්නෑ. කොහොම වුනත් [එහෙම නැතත් මං කිව්වෙ] ගෙම්බා පව්...

      Delete
  31. @ සාතන්,
    යක්කුන්ගෙත් මහම යකා එක්ක ලිවින් ටුගෙදර් එන්නෙත් ඉතින් යස්සනියක්ම තමා, හැබැයි කාලි අම්ම වගේ කෙනෙක්ව ට්‍රයි කරලා බලන්න පුලුහන්

    @ සෙනා,
    නෑ....ඊට වැඩ හුඟාක් ලොකු දේවල් පොරොන්දු වුනේ...හැබැයි සමහර පොරොන්දු ඉටු කොරලත් තියෙනව...හෙහ්..හෙහ්...

    @ පොඩි කුමාරිහාමි,
    මට ඔය ටික කොරන්න විධියක් නැති එක ගැන හෙණ අස්පෙට්.
    ඔබී වෙජිටේරියන් වුන කාලෙම වයින් බොන එකත් නැවැත්තුව. ඒ විතරක්යැ ඉරිදට සිංහල ඉස්කෝලෙ වොලන්ටියර් ටීච, පෝයට සිල් ගන්නව, වැඩ කෝටියයි.
    හැබැයි එකම හොඳේ මට පන්සල් එන්න, සිල් ගන්න, අනන් මනං කියන්නෙත් නෑ, වීකෙන්ඩ් එකේ මං වයින් වීදුරු එකක් පහක් බිව්වට මුකුත් කියන්නෙත් නෑ :-)))

    @ සිහින මතකයන්,
    කියවල නිකං ඉන්නෙ නැතුව කොමෙන්ට් එකකුත් දාල යන්න තරං නිහතමානි වුන එක ගැන මගෙ ස්තුතිය පිළිගන්න

    @ තරු අරුන්දතී,
    ලංකාවෙ තියෙන ඊට වඩා හොඳම එක, මං කැමතිම එක, ' එක ගෙයි කෑම ' කොහෙද හුඟක් එවුං කැමති නෑනෙ වැඩේට, නැත්තං ට්‍රයි කොරල බලල හරි යං නැත්තං අයියට හරි මල්ලිට හරි වැඩේ හරි යන එකාට බාරදීල ශේප් වෙන්න පුලුහන්නෙ :-)

    @ කස්ස & කුවා,
    රටේ 'සදාචාරේ ' හෙහ්..හෙහ්...
    වැඩි දුර නොකිය පොඩි දෙයක් කියන්නම්. මං මෙහාට සංක්‍රමණය කොරන්න ලැස්ති වෙන වෙලාවෙ මගෙ හොඳම යාලුවෙක් කිව්ව ' උඹට ඉන්නෙ දුවල දෙන්නෙක්, හොඳට හිතපන් ඔය වගේ රටකට අරං යනවද කියල'
    ලංකාවෙ හැදුන මගෙ යාළුවගේ දුව කොහෙත්ම නොගැලපෙන තරුණයෙක් එක්ක පැනල ගිහින්, විවාහෙ අසාර්ථක වෙලා ටික කාලෙකින් ආයෙමත් ගෙදර ආව, වෙලාවට ඒ විවාහෙන් දරු සම්පතක් ලැබුනෙ නෑ.

    සදාචාරේ ඇති කොරගන්න ඕනෙ රට නෙමේ ළමයි, අපි. ඉන්නෙ කොයි රටේ වුනත් දු දරුවො මොකද කොරන්නෙ කියල විමසිල්ලෙන් නොහිටියොත් සදාචාරේ ටොප් එකට රැකෙයි

    @ අසරණයා,
    ඒගොල්ලො ලිවින් ටුගෙදර් පටං ගත්තෙ ජූලියා අකමැති සොරි අගමැති වෙන්න හුඟක් කලිං.... :-)

    @ සෑම්,
    ඊළඟ අප්ඩේට් එක දැක්කම බලමු සෑම් මොකද කියන්නෙ කියල...හෙහ්...හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා ඇත්තටම වැඩිහිටියෙක් කියල අද තමයි මට හරියටම තේරුනේ.
      සිංහල කොල්ලෙක් වැඩිහිටියෙකුට කරන ආචාරය කළා කියල හිතාගන්න.

      Delete
    2. තෑන්ක්ස් ... කාටද ආඩම්බර හෙහ්...හෙහ්...

      Delete
    3. අප්පද බොල අලුත් අප්ඩේට් එක ඔන්න අද බැලුවා.. :) සිරා.. !

      Delete
  32. අගමැතිනිය ආදර්ශමත් කාන්තාවක් නෙව.

    ReplyDelete
    Replies
    1. ඔව්...ඔව් කැන්ඩියන් අපේ මහරජ තුමා වගේම තමා :-))

      Where were you hiding for the last few days ?

      Delete
  33. මීට පස්සේ ***ඒවා මාසෙට එකක් කිව්වා...එහෙම කරන්න එපාාා

    ReplyDelete
    Replies
    1. කියන්නා කෙසේ කීවත්.........


      ඔබාට කුණුහරප නොකිය මාසයක් ඉන්න පුලුහන් නං ඌරො පියාඹන්නත්,බල්ලො කක්ක නොකන්නත්, පටං ගනී. ඒ අස්සෙ ලංකාවෙ පැස්ටෝල් මිළ බහී, බස් ගාස්තු අඩු වෙයි, මාරය ඉල්ලා හිටිනව වගේ එලෝලු මිල වැඩි වෙලා ගොවියො රජ වෙයි....

      Delete
  34. ඇත්තටම අගමැතිනිය නම් හොදයි වගේ
    අර ගිරවියගේ කතාවත් ලිව්වා නම්.

    ReplyDelete
    Replies
    1. ඒක හැමෝම දන්න ප්‍රසිද්ධ කථාවක් මං හිතන්නෙ

      Delete
  35. මට ෆොටෝ පෙන්නේ නැතෝ..

    ReplyDelete
    Replies
    1. ෆොටෝ දැක්කා. අර 7 ෆොටෝ එකේ සචිත්‍ර මොකෝ කරන්නේ!! බස් මගියෙක් වගේ..

      Delete
    2. සචිත්‍ර කියන්නෙ සාක්කුවට අත දාගෙන ඉන්න කෙනාද ? 'පොකට් බිලියඩ් ' ගහනව වගේ

      Delete
  36. කොක් ටේල් කියන්නේ මොනාද බොලවු ? මට තියන එකම ගැටළුව ඒක

    ReplyDelete
    Replies
    1. අම්මපා කොකුන්ට වලිග නැහැනේ ?

      Delete
    2. (දිග කොක් = කොක් ටේල්) වෙන්න ඇති.

      Delete
    3. ඔය කියන්නෙ අර මොටුම්බෝ ගොයියට තියෙනව වගේ ???

      Delete
    4. http://www.avaruusmies.com/jokes/english/238.html (නිරුවත් ඡායාරුප ඇත, අවශ්‍යනම් ප්‍රවේශම් වෙන්න)

      Delete
    5. අනේ මන්ද මොටුම්බො ගෙ එකට වයාග්‍රා ගහලවත් පණ ගන්නන්න පුලුවන්ද මන්ද, උගෙ කරුමෙට හැදිච්ච ලෙඩක් වගේ......

      Delete
    6. සඳරුට ඇතිවෙන්න උත්තර හම්බෙලා නේද ?

      Delete
  37. //දැන් කුණුහරප කථා ලියන්නෙ මාසෙකට එකක් නිසා පස්සෙ කියන්නං....
    අම්මාපල්ල !!! මේ මාමව ඉස්ටු දාන්ඩ එපැයි !

    ReplyDelete
    Replies
    1. මාව නං ලෝකෙ නැති ඒවා කරන්න හදනව කෂ්ටිය අද තමා එකෙක් මාව ඉස්ටු දාන්න හැදුවෙ....හෙහ්...හෙහ්...

      Delete
  38. මහේල මක්කද ඔබා අයියේ කිව්වේ..කතාවට ලින්කුවක් වත් තියේද...
    බුවා කතා කරනවා අහන් ඉන්න ආසයි... ලංකාවේ එලට කඩ්ඩ කතා කරන බුවාලගෙන් ආස කෙනෙක් තමයි මහේල ( සහ සංගා )

    ReplyDelete
  39. මෙයා මාර සුදුයිනේ ලිවින් ටුගෙදර් හරිම ජොලි ඇති නේද....මට මාර ප්‍රස්නයක් ආවා දැන් ලිවින් ටුගෙදර් ඉඳලා කෙල්ල කොල්ලව දාලා ගියොත් කෙල්ල කොල්ලට නඩත්තුව ගෙවනවද??? ඔහේ රටවල උප්පැන්නක් නැද්ද??(මවත් පියත් විවාහකද කියලා අහන්නේ නැද්ද??)...ලිවින් ටුගෙදර් කරද්දි වෙන කෙනෙක්ව බඳින්න පුළුවන්ද???

    මේ ක්‍රමයෙන් වාසි කාටද??

    ඔබා මාමේ ලඟදිම ලංකාවේ පුරවැසි භාවය ඉල්ලගන්න වෙයි වගේ...ඔට්ටේලියාවේ සුදු වෑන් එහෙම නැතිව ඇති නේද??

    ReplyDelete
    Replies
    1. වයස 50 පැන්නට තාම කෙල්ල වගේ....


      වැඩිය හම්බ කරන කෙනා ගෙවන්න ඕනෙ.
      අම්ම තාත්ත බැඳලද නැද්ද කියන එක මෙහෙ ගණන් ගන්නෙ නෑ

      Delete
  40. ලිවිං ටුගෙදර් කියන මෙව්වා එකට ලංකාවේ නෙමෙයි කොයි ලෝකෙ උනත් කොල්ලංගෙන්නං විරුද්ධත්වයක් එන්නෙ නෑ.කොහෙද මේ ආත්මාර්ථකාමී කෙල්ලො එක්කනෙ බැරි.

    ReplyDelete
    Replies
    1. කෙල්ලො ආත්මාර්ථකාමීද ? වෙලාවට මේක කියවන කෙල්ලො මේ කොමෙන්ට් එක දැකල නෑ වගේ....

      Delete
  41. මමනං හිතන්නෙ ඔය ලිවිං ටුගෙදර් සීන් එක කරදරයි . . . යාලුවෙලා ඉන්නකාලෙ බදිමු කියල චුරු චුරු ගාන හැටියට . . . එකට ඉන්න කාලෙ මොන කං කරච්චලයක් ඇතිද ???

    ReplyDelete
    Replies
    1. උඹ වයස 7-8 කාලෙ ඉඳන් ඉයර් ප්ලග් පාවිච්චි කොරන්න ඇති නේද ?

      Delete
  42. අඩේ මහ රැජිනට මඩ ගහලා නේද? ඉදපන් අදම සුදු වෑන් එකක් එවන්නම්. පරිස්සම් වෙලා හිටපිය....

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි ලංකාවෙ ආරක්ෂක අංශ වල තදයො බ්ලොග් කියෝනව කියල දන්නෙ දැන්නෙ......

      Delete
  43. දැන් ඔබා මාමේ ලිවින්ග් ටු ගෙදර එකයි, කසදෙයි වෙනස මොකද්ද? මොකක් හරි අංජබජල් සින්කොන් එකක් නෑ නේ...
    මමත් ඔය දෙකෙන් එකක් තෝර ගන්න ඉන්නේ ඔබා මාමේ මේ ඉදිල්ල හරි යන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත්, කොබෙයියා

      Delete
  44. ඔබා මාමේ...... ඔන්න කොල්ලෝ ගොනා හැරෙන්නේ පොල් පැලෙට .

    ReplyDelete
    Replies
    1. ItaliDilaan ට දීල තියෙන පිළිතුරම තමා :-)

      Delete
  45. මමත් බැලුවා මෙහේ ලිවිං‍ටුගෙදර් පාරක් දාන්න තාම සෙටමෝල් උනේ නෑ හරියන එකක්....

    ReplyDelete
    Replies
    1. මගේ සාතිශය සංවේගය පිළිගන්න....

      Delete
  46. //සදාචාරේ ඇති කොරගන්න ඕනෙ රට නෙමේ ළමයි, අපි. ඉන්නෙ කොයි රටේ වුනත් දු දරුවො මොකද කොරන්නෙ කියල විමසිල්ලෙන් නොහිටියොත් සදාචාරේ ටොප් එකට රැකෙයි//
    හරියටම හරි ඔබා... මෙන්න මල් මිටක්...
    මටත් කෙල්ලො දෙන්නෙක් ඉන්න හින්දා අඩුපාඩුවක් නැතුව ඔය වගේ කතා නම් අහනව මමත්...

    ReplyDelete
    Replies
    1. කෙල්ලො හොඳයි...කොල්ලො දෙන්නෙක් හිටිය නං කොහෙන් කෙළවර වෙයිද කියල මට නං හිතාගන්නවත් බෑ :-)

      Delete
  47. මාත් යනවා ඕස්ට්‍රේලියා!ලිවින් ටුගේදර් 1කට බහින්න!:-/

    ReplyDelete
    Replies
    1. මෙහෙ කෙල්ලො නුවන් එනකල් බලා ඉන්නවලු

      Delete
  48. මම මේ පින්තුර ටික මීට කලින් මුණු පොතේ දැක්කා ඔබා මාමේ. එත් අදනේ දාගත්තේ මේ හරුපයක් අයියෝ

    ReplyDelete
    Replies
    1. මූනු පොතේ ඔය විස්තර දෙන්නෑ....ඕව දැනගන්න මෙහාටම එන්න ඕනෙ...හෙහ්...හෙහ්...

      Delete
  49. අගමැතිනිත් හම්බුනා කියන්නේ තවම ක්‍රිකට්වලට තැන තියෙනවා එහෙනම්. සුද්දෝ වැඩිය මැච් බලන්න එන්නේ නැති හින්දා මං හිතාන උන්නේ සුද්දෝ දැන් ක්‍රිකට්වලට මානාප නැතිය කියලා..

    ReplyDelete
    Replies
    1. මෙහෙ වැඩියම පොපියුලර් රග්බි වගේ ඒ වුනාට ටිකක් වෙනස් 'ඔස්ට්‍රේලියන් ෆුට්බෝල් ' කියල එකක්. ඒක මං හිතන්නෙ සෙල්ලං කරන්නෙ ඔස්ට්‍රේලියාවෙ විතරයි.

      Delete
    2. නැහැ, දැන් දැන් ඒක වෙන රටවලත් සෙල්ලං කරනවා.. හැබැයි ඔසීවල තරම් ජනප්‍රිය නෑ, අනෙක තියෙන එකම ප්‍රොෆෙෂනල් ලීග් එක AFL විතරයිනේ.. ඕක ඉතිං ඔසියන්ටම හරියන සෙල්ලමක්නේ, මෙච්චර අපූරුවට රග්බි යුනියන් එකයි, රග්බි ලීග් එකයි තියෙනවා, මුං හැදුවා අමුතුම රග්බි ගේම් එකක්.. :D

      Delete
    3. බුරා 'ඔසී ෆුටි 'අද ඊයෙ මුං හදා ගත්ත එකක් නෙමේ මෙහෙ හුඟාක් ඉස්සර ක්‍රිකටර්ස්ල වින්ටර් එකේ ෆිට්නස් තියාගන්න පටන් ගත්ත එකක් කියලයි මන් අහල තියෙන්නෙ, මම ඉතිහාසෙ සර්ච් කරල බැලුවෙ නං නෑ.

      Delete
    4. බුරා මෙන්න ලින්ක් එකක්

      Delete
    5. http://en.wikipedia.org/wiki/History_of_Australian_rules_football

      Delete
  50. ඔය කතා වැඩක් නෑ තාම ඉතින් දං වළඳන්න එකක් හොයා ගත්තෙ නැතෙයි.........

    ReplyDelete
    Replies
    1. එෂියා කප් එකේ වත් ට්‍රයි එකක් දෙමු

      Delete
  51. "living together" එක කොච්චර සිම්පල් ප්ලැන් එකක්ද

    ReplyDelete
    Replies
    1. එහෙමද හිතෙන්නෙ...කොරලම බලන්න ඕනෙ....

      Delete
  52. ඔබා අයියේ වංගෙඩි බද්ද මිසක් මෝල්ගස් බද්දක් ඇත්තෙම නැද්ද? මහන්සි වෙච්ච එකාට එපෑයෑ බන් ගෙවන්න හික්ස්

    ReplyDelete
  53. අපෝ ඒ පාර අගමැතිනිගේත් ඕප දුප හොයලානේ...හි හි

    ReplyDelete
  54. ඔබා ඔන්න ඉතින් අපේ මහත්තැන්ලාටත් අදහස් දෙනවා. හැබැයි ඒ කෂ්ටිය ඉතින් කීදෙනෙක් එක්ක ලිවින් ටුගෙදර් කරන්නද ඉන්න සන්ක්යාවේ හැටියට..

    ReplyDelete
  55. @ සයුරි,
    ඔපදූප නෙමේ, ඇත්තම කථා.

    @ සරත් ලන්කාප්‍රිය,
    ඇයි මුකුත් අයිඩියාස් එකක් හෙම ඔළුවට ආවද ?

    ReplyDelete
  56. මේක නම් පැහැදිලි ඉරිසියාවට ලියපු පෝස්ට් එකක්..
    නරකද ඔබා මාමාත් ජුලියාට ඇප්ලිකෙෂන් එකක් දැම්මොත්.. මොකද කියන්නේ පෙර පිනක් වත් තිබිලා වැඩේ පත්තුවුනොත්? අපිටත් ආඩම්බරයෙන් කියන්න පුළුවන් අපේ එකෙක් තමයි මුළු ඕස්ට්‍රේලියාවටම කොම්පිට්ටු හදන්නේ කියලා..

    ReplyDelete
  57. //මේක නම් පැහැදිලි ඉරිසියාවට ලියපු පෝස්ට් එකක්...//

    කාට ඊරිසියා වෙන්නද බොලේ....හෙහ්...හෙහ්...

    ReplyDelete
  58. අගමැතිතුමිය නම් හරිම ලස්සනයි..
    එයා අපේ අයට හොඳට සලකලා වගේ පේනවා...

    ReplyDelete
    Replies
    1. වයස 50 ත් පහු කරල කියල කියන්නවත් බෑ නේද ?

      Delete
  59. සමහරු ඉතින් 50-60 පහු වුණාම ලිවින් ටුගෙදර් වාගෙ තමා. නැද්ද ඔබා. මම මේ කිව්වෙ ඔබා ගැන නෙමේ. නිකං හිතට ආපු නිසා.

    ReplyDelete
  60. oba ha obi sindu kiyanna gihin una katawak mama ahala thiyenawa eka attada
    anith eka cokage natta raswidinne kohomda banz mame

    ReplyDelete
    Replies
    1. ඇත්තද බලන්න කථාව අහලම ඉන්න වෙනව. ඔබාට සිංදු කියන්න නං සෑහෙන්න සින්දු වතුර බොන්න වෙනව, ඒ වෙලාවටනන් ඔබී රවරින් මිසක් මා එක්ක සිංදු කියන්න නං එන්නෑ...හෙහ්...හෙහ්...

      කොකාගෙ නැට්ට ගැන කියල දෙන්න තාම බොට වයස මදි පුතේ.

      Delete
  61. කමෙන්ට් ටික බලන්න සෑහෙන වෙලාවක් ගියා.... මරු කමෙන්ට් ටික. මටත් හිතයි ලිව් ඉන් ටුගෙතර් කොරන්න... අහල බලන්න ඕනි හික් හික්

    ReplyDelete
    Replies
    1. මෙහෙද ? එහෙද ? මෙහෙ කෙනාද ? එහෙ කෙනාද ? එහෙ කෙනා බ්ලොග් කියෝනවද ? ලංකාවට ගිහින් පණ පිටින් ඉන්න බලාපොරොත්තුවක් තියෙනවද ?

      Delete
    2. චී චී මම හොඳ එකා දැන්. ඉන්න ළමය ඇති හොඳටම..හික් හික්... බ්ලොග් නම් ඔය බලන්නේ... මේකත් බලනවද කොහෙද

      Delete
    3. ළඟදීම එනවා Disability Pension අලුත් පොස්ට් එකක්

      Delete
  62. හරි මෙන්න මම ඇහුව කතාව . පහුගිය නිදහස් දිනය සමරලා තිබ්බ උත්සවයට ඔබා හා ඔබී සහබාගි උනා. ඔබා සින්දු වතුර හා නැටුම් තෙල් අරගෙන හිටියේ හොඳට.
    ඔබට ආරාධනාවක් අවා ඕබී එක්ක සින්දුවක් කියන්න. ඔබා බැහැ බැහැ කියද්දී ඕබී නැග්ග වේදිකාවට ඔබවත් ඇදගෙන. මේ වගේ චාන්ස් කොහෙද ලැබෙන්නේ මේ නහින දෙහින කාලේ. ඔන්න ඕබී පටන් ගත්ත සින්දුව

    “ මට මුළු ලොවම ඔබා..යි “

    දැන් ඔබගේ වාරය ඔබා කවද කාපු ටකරන්ද ඔබා පුල් හොල්මන් කවදාවත් සින්දු කියල නැහැ. දැන් කරන්න දෙයක් න මොනවා හරි කියන්න ඕනේ .
    ඔන්න ඔබා කියනවා

    ඉඳහිට මමත් ඔබා...යි.

    ReplyDelete