My followers

Wednesday 28 March 2012

For Clergy - පුජ්‍ය පක්ෂයට

චිත්‍රය ඇඳල එව්වේ මල්මධාර බණ්ඩාර විසිනි 

1970 ගණන් වල මුල බාගෙ, මම වේරහැර පුහුණුව ලබන්න යන කාලෙ තමා ලංකාව මෙට්‍රික් ක්‍රමේට හැරෙන්න පටන් ගත්තෙ. ඒ කාලෙ ප්‍රයිවෙට් බස් තිබුන් නෑ. ලංගම බස් ඇතුලෙ දැන්වීමක් අලෝල තිබ්බ 'ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි ' කියල. හුඟක් ඒ දැන්වීම් වල කව්ද මන්ද 'හැ' යන්න කුරුටු ගාල තිබ්බ. ඔය වගේම කෝච්චි පෙට්ටි ඇතුලෙ සමහර ආසන උඩ ගහල තිබුන දැන්වීමක් 'කාන්තාවන්ට පමණයි ' කියල. ඔය දැන්වීමෙත් පමණයි කියන වචනෙ මැද්දෙ තියෙන 'ම'යන්නයි,'ණ' යන්නයි හැම වෙලාවෙම හූරල දාල තිබුනෙ. අපි ඉස්කෝලේ යන කාලෙ තිබුන තව 'පවර් සෙට්' කියල කෝච්චි වර්ගයක්. කෝච්චියගෙ බ්ලොග් එක පැත්තෙ ගියා නම්, පවර් සෙට් විතරක් නෙමේ, ලංකාවේ ඉස්සර දුවපු, දැනටත් දුවන, ඕනෙම කෝච්චියක් ගැන විස්තර, එන්ජිමේ දිග, බර,  ඇතුළු විස්තර එක්කම බලාගත්තෑකි. ඔය පවර් සෙට් මැදිරි ඇතුලෙ ගහල තිබුන දැන්වීමක් 'මෙය ඔබේ ජාතික වස්තුවකි, ඔබේ ඇස් දෙක මෙන් රැකගන්න' කියල. ඔය දැන්වීමෙත් ඕනෙ වෙලාවක ඇස් කියන වචනෙ දකින්න නෑ. යාන්තමට මතකයි ඒ වාක්‍යය ඉංග්‍රීසියෙනුත් ගහල තිබුන 'This is your national wealth, look after it as your health' කියල, ඒක නං හූරල තිබුන කියල මතකයක් නෑ.  වාක්‍යය තේරෙන් නැති හින්දද, වෙනස් තේරුමක් එන්න හුරන්න බැරි හින්දද දන්නෙ නෑ. ඔක්කොම දැන්වීම් ඉංග්‍රීසියෙන් විතරක් ගැහුව නම් හූරන්නංගෙන් බේරගන්නත් තිබුන කියල හිතෙනව දැන්නම්.

ලංකාව මෙට්‍රික් ක්‍රමේට හැරෙන කාලෙ නීති සම්පාදනය වුනා, කිසිම වෙළඳ ගනුදෙනුවක් අවුන්ස, රාත්තල්, යාර, අඩි, ගැලුම්, බෝතල්,  වලින් කරන්න තහනම් කියල. ඒ කාලෙ වෙන්නැති dram එකත් මි.ලී. 100 බවට පත්වුනේ. ඉස්සර බෝතලේ කියන්නෙ dram අටක්. අපරාදෙ කියන්න බෑ, බාර් කාරයො නම් මි.ලී 750 බෝතලේ අගේට මි.ලී.100 ඒව අටකට බෙදන්න, උන් ගිය ඉස්කෝල වලින් ඉගෙන ගෙන ඇවිල්ල තිබුනෙ. ඔය කාලෙ වෙළෙන්දො ගාව රාත්තල්, කාල්, බාග, අවුන්ස, තරාදි පඩි හෝ හාල් මනින සේරු තිබිල අහු වුනොත් උසාවි දාල දඩ ගහනව. මාකට් එකේ වෙළෙන්දො සෑහෙන කාලයක් යනකම් පරණ පුරුදු විධියටම දෙහි මිරිස් හෙම වික්කෙ කාලෙ, බාගෙ, ගාන කියල. හැබැයි කිරුවෙ ග්රෑම් 100 සහ 200 පඩි වලින්. 1980 ගණන් වල අග හරියෙ මම ලංකාවෙන් එනකොටත්, ගම්පහ මාකට් ලේන් එකේ පදික වෙළෙන්දො හාල් වික්කෙ සේරුවෙන් මැනල. නගර සභාවෙන් පොලිසියත් එක්ක ඇවිල්ල, සේරුත් එක්ක අල්ලන් යනකොට වෙළෙන්ද නෙමේ යන්නෙ, ඒවට යන්න වෙනම කට්ටිය ඉන්නව මාකට් ලේන් එකේ. වෙළෙන්දට තියෙන්නෙ උසාවි දාපුවම දඩේ ගෙවල උසාවි දාපු එකාව බේරගෙන ඌට කීයක් හරි දෙන්න.

මම ලංගමෙන් අයින් වෙලා, මෙහෙ එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කාලෙ, අපේ මස්සිනාට අයිති ග්රොසරියක මුදලාලි වෙලා හිටිය ටික කාලයක්. ඒක තිබුනෙත් මාකට් ලේන් එකේ. අල්ලපු එක පොඩි සිල්ලර කඩයක්, මුදලාලි 'සුදු මල්ලි' කියල තරුණ පහේ හාදයෙක්. ගම මාතර පැත්තෙ. ගමෙන් එක්කන් ආපු නෑදෑ මල්ලිල තමා සහයට හිටියෙ. සුදු මල්ලි ගෙ කඩේ පුංචි නිසා හාල් එහෙම වික්කෙ, සුදු මල්ලිගෙ කඩේ ඉස්සරහ පේව්මන්ට් එකේ. මාකට් ලේන් එකේ ලොකු කඩ හවස හය , හත, අතරෙ වැහුවට, සුදුමල්ලිල මම වගේ පොඩි බිස්නස් කාරයො වහන්නෙ රෑ අට පහුවෙලා. දවසක් මම කඩේ ලෑලි වහනකොට දැක්ක සුදුමල්ලි අමුතු වැඩක් කරනව.  මිනිහ ගෝලයො කඩේ වහන්න අස්පස් කරන අතරෙ, එළියෙ තිබුන හාල් ගෝනි වල උඩම, පාර පැත්තට තියෙන හාල් ටික, පරෙස්සමට එකතු කරල වෙනම කඩදාසි බෑග් වලට දානව. මම ඒ මොකටද කියල ඇහුවම, සුදු මල්ලි කිව්ව 'ගෙදර කෑමට මහත්තය' කියල. පහුවෙනිදද කොහෙද, දවල් එකට දෙකට විතර කඩවල මැස්සො ඇහිරෙන වෙලාවෙ, අපි දෙන්න පොඩි කයියක් ගහගෙන ඉන්න කොට තමා සුදු මල්ලි ඇත්ත කතාව කිව්වෙ. හාල් ගන්න එන පාරිභෝගිකයො, විශේෂෙන්ම ගෑනු අය, හාල් හොඳට වේලිලද කියල බලන්න හාල් ඇටයක් දෙකක් හපල බලනවලු. ඒකට හාල් ගෝනියේ උඩින්ම, ඉස්සරහට වෙන්න දාල තියෙන්නෙ, ඉස්තරම්ම හාල් ටිකක්ලු. හාල් මනින්නෙ හැම වෙලාවෙම ගෝනියේ වෙළෙන්ද පැත්තට තියෙන හාල් වලින්ලු. මන් ඇහුව ඒ පාර ගල් වැලි කලවම් තෙත හාල්ද අනිත් හරියෙ තියෙන්නෙ කියල. සුදු මල්ලි මගෙන් අහනව, මහත්තය කියන්නෙ අපි හාල් වේලන්නද, අපිට මෝල් වලින් ලැබෙන ඒව විකුණනව ඇර කියල. මිනිහ එදා මට පෙන්නුව, සේරුව හදල තියෙන හැටිත්. සේරුව පිටතින් ලොකුවට තිබුනට, අඩිය තියෙන්නෙ ටිකක් උඩින්. හාල් ගෝනිය උඩින් ලස්සනට හොඳ හාල් ටිකක් දානවට වෙළෙන්දො කියන්නෙ 'මාලෙ දානව' කියලලු.


පඳුර වටේ තැලිල්ල හින්ද තව පොඩ්ඩෙන් කියන්න ආපු කථාවත් අමතක වෙනව. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ සෑහෙන කාලෙකට ඉස්සර, පිටකොටුවෙ ඉඳල පිළියන්දල පැත්තට ගිය 120 ලංගම බස් එහෙක. මේ වෙලාවෙ බස් එකේ මගීන් ඉඳල තියෙන්නෙ ආසන ගානට වගේ.  මගදි මොන ආගමේ හෝ පුජක වරයෙක් නැග්ගොත් බස් එකට, ආසනේ පුජ කරන්න වෙන නිසා  ඩ්‍රයිවර් උන්නැහෙ පිටිපස්සෙ වගේ තියෙන 'පුජ්‍ය පක්ෂය' සඳහා වෙන් කල ආසනේ කව්රුත් වාඩි වෙලා ඉඳල නෑ. 

සමහරු කියනව වගේ 'කණ සාක්කුවෙ' වැටෙන්න බීපු මනුස්සයෙක් නැග්ගලු බස් එකට, කොටුවෙ ඉස්ටේසම පහුකරල චුට්ටක් දුර යනකොට තියෙන බස් හෝල්ට් එහෙකින්. හොස්පිට්ල් ස්ට්‍රීට් එක පැත්තෙ ෆේමස් බාර් එහෙක ඉඳල වෙන්නැති ආවෙ. දෙන්නෙක් වාඩි වෙන්න පුළුවන් ආසනයක් හිස්ව තියෙනව දැක්කම, මිනිහ බුරු ඇඳත් දිග ඇරගෙනම වාඩි වුනාලු. වාඩිවෙලා ජනේලේ පැත්තට හේත්තුවෙලා නින්දක් ගහන්න හදනකොට , කොන්දොස්තර උන්නැහෙ බොහොම අමාරුවෙන් යන තැන අහගෙන ටිකට් එකක් දුන්නලු. ටිකට් එකත් උඩ සාක්කුවෙ දාගෙන අපේ ඩෝප් කාරය ආපහු නින්දට වැටිල. 



ඇස්වාට්ටුව හන්දියෙ බස් එක නැවත්තුවම  බෞධ භික්ෂූන් වහන්සෙ නමක් නැගල තියෙනව බස් එකට. කොන්දොස්තර උන්නැහෙ ඩෝප්කාරයව ආයෙත් අවදි කරල ස්වාමීන් වහන්සෙටත් ඉඳගන්න ඉඩ අරන් දීල. ඩෝප්කාරය ඉඩ දෙන ගමන් ඇහෙන නොඇහෙන ගානට කියල තියෙනව 'දෙන්ඩ හිතයි, අපවත් වෙන්න' කියල. භික්ෂූන් වහන්සෙටත්, බේබද්ද කියපු කථාව ඇහුනත්, තමන්ගෙ පාඩුවෙ සද්ද නැතුව ඉඳල. ඊට පස්සෙ මිනිහ නිදාගෙන නෑ, දිගටම තොල් මතුරමින් ඉඳල තියෙන්නෙ.

තුන්මුල්ල හන්දියෙ බුදු පිළිමෙ පහු කරගෙන බස් එක යනකොට ඩෝප්කාරය බැරි මරගාතෙ නැගිටල බුදු පිළිමෙට වැඳල වාඩි වුනාලු. වාඩිවෙලා ස්වාමීන් වහන්සෙගෙන් ඇහුවලු 'ඔහෙලගෙත් බොස් නේද අර, ගරුසරු දක්කන්නෙ නැද්ද' කියල.

ඩ්‍රයිවර් උන්නැහෙ ගැහුවලු 'බ්‍රාස් ' ගාල බ්රේක් පාරක්. නැගිටල ආවලු ඩ්‍රයිවින් සීට් එකෙන්, ඇදල දැම්මලු ඩෝප්කාරයව බස් එකෙන් එළියට කුණු මාළු කෑල්ලක් වගේ. ඩෝප් කාරය පාරෙ, බස් එක ගියාලු යන්න.

සැලකිය යුතුයි. අපහාසයක් හෝ උපහාසයක් එල්ල වුනා නම් ඩෝප්කාරයට මිස බුදු දහමට හෝ භික්ෂුන් වහන්සේලාට නොවේ.

ඔබීයි මායි අප්‍රියෙල් පළවෙනිද [කොහොමත් මගෙ දවසනෙ] ලංකාවට යනව, බ්ලොග් අවකාශෙ සැරිසන්න, අප්‍රියෙල් මාසෙ තුල වෙලාව තියෙයිද දන්නෙ නෑ. බොහෝ අය 22 වෙනිද හමුවෙයි කියල හිතෙනව. 


 දන්නෙම නැතුව ඉස්සෙල්ල [ටිකට් ඉන්ස්පෙක්ටර්] පෝස්ට් එකෙන් හාෆ් සෙන්චරිය ගහල :-)

176 comments:

  1. Replies
    1. කව්ද මේ කම්මල් කාරය කියල බලන්න ගියා, තාම කම්මල ඇරල නෑනෙ.හෙහ්...හෙහ්..

      Delete
    2. @ වෙනි,
      එක ජෙක බක බක ගාල වැඩක් නෑ, පෝස්ට් එක ගැන මොකද කියන්නෙ කියහන්. :-)

      @ කවිකාරි,
      තෑන්ක් යූ.

      Delete
    3. මාත් ගියා කම්මල බලන්ට..

      Delete
    4. පොඩ්ඩක් ඉවසමු තාම මයින හම හදනව....

      Delete
  2. එහෙනං 22 හම්බ වෙමු ඈ...

    ReplyDelete
  3. have a safe journey n advance wishes for ur birthday :P !

    ReplyDelete
  4. මම දෙක ...
    ඔබා මාම 22 හම්බෙමු හොඳේ... :)

    ReplyDelete
  5. අයියෝ සාබිත් ගම කාලනෙ... :පී :පී :පී

    ReplyDelete
  6. මළ මගුලයි. ලැජ්ජාවෙ බෑ උඩින්ම කමෙන්ට් දාන්න.
    අර ඩැයිවර් උන්නැහෙනං නියම කොන්දක් තියන පොරක් වෙන්නැති. ඩෝප් කාරයෙකුට ගහන්න කාටත් පුළුවන් තමයි. ඒ වුනත්, මිනිහ තීරණයක් ගන්න ඕනැ කියල හිතපු වෙලාවෙ තීරණේ අරගෙන ඒක ඉම්ප්ලිමන්ට් කළා.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට කමෙන්ට් එක ටයිප් කරන අතරතුරේ හතරපස් දෙනෙක් පොස්ට් කරල. නැත්තං වස ලැජ්ජාවයි.

      Delete
  7. ගොඩාක් දේවල් ඉගෙනගත්තු පෝස්ට් එකක්. අතීතය කොහොමත් බලාගෙන ගියාම වර්තමානයට වඩා රසවත් වගේ. ආයම එන්නේ නැති හන්දද දන්නෙත් නෑ.

    ඔබායි, ඔබීයි ලංකාවට ගියාම අපට හරිම පාලුයි. බ්ලොග් පැත්තේ රවුමක් ඇවිදලා යන්ට එන්ට හොඳේ. දෙන්නටම සුබ අලුත් අවුරුද්දක් පතනවා.

    තවත් එකක් අප්‍රේල් 22 පොඩ්ඩිත් පේන්ට ඉන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලන්ට. සමහර විට 'සැඟවුනු අමුත්තී' එයා වෙන්ටත් බැරි නෑ...:D

    ReplyDelete
  8. අපිත් ඉස්කෝලෙ ගියේ ලටෙක් කියන බස් එක.. ඒකෙ හදිසි පිටවීමක් නෑ.. පිටිපස්සෙ වීදුරුවෙ ගහල තිබුනෙ.. හදිසි දොරටුව - වීදුරුව ක න්න කියල... හික් හික්.. තව තිබ්බ .. මතක් වෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මතක් වුනොත් කියන්න. ලටෙක් ආවෙ මම ලංකාවෙන් ආවට පස්සෙ.

      Delete
    2. ලටෙක් කියන්නෙ වෙත්තසිංහ ගොයියගෙ එක නේද ???

      Delete
    3. මම හිතන්නෙ ඔව්

      Delete
  9. 22 හමු වෙන්න උත්සහ කරනවා ඔබා මාමේ

    ReplyDelete
  10. සුභ ගමන් ඔබා අයියේ. පරිස්සමෙන් එන්න.
    මං මේ උඩ මාතෘකාව දැක්කම හිතුවේ. නෑ ඒක්කෝ ඕනි නෑ...:D

    ReplyDelete
  11. සුභ පැතුම් ඔබා අයියා...කතාවත් අගෙයි...

    දිනේටම එනව කිව්ව නේද..?

    ReplyDelete
  12. පෝස්ට් එක නම් වැඩකුත් නෑ... අර පඳුර වටේ තැලිල්ල තමා නියම. 22 හම්බු වෙමු... මම යන්නෙ 9...

    ReplyDelete
  13. සට සට වල කට්ටිය මව් සටට යන නිසා බ්ලොග් අවකාසෙ අවුරුද්දට කඩා වැටෙයි නේද?

    පඳුර තලන් එකනම් හොඳයි ඔබා මාමෙ.. එතකොට හිනා වෙනගමන් මොනාහරි ඉගෙනත් ගත්තැකි..

    ලීටර්, සේරු කේස් නම් තාමත් අරින්න බෑ වගේ..

    මේ ළඟදී ලීටරේ බෝතලේකුත් අරන් මම ගියා රා ගේන්න.. බෝතලේ 60යි.. ලීටරේ70යි කියලා ලොකු බෝඩ් එකක් තියෙනවා..

    ඒ එඋනාට කඩේ චමින්ද අන්කල්ගෙන් ලීටරයක් ඉල්ලුවාම සද්ද දානවා මෙහෙ ලීටර් විකුණන්නෙ නෑ..බෝතල් විතරයි කිය කිය.. ඕක පිරෙන්න දැම්මොත් ලීටරයයි කියන්න කියන්නම.. උන්දෑ ඒ කතාවමයි කියන්නෙ... අන්තිමට වටහලා දෙන්න බැරිම තැන බෝතලයක් අරන් ගෙදර ආවා..

    ReplyDelete
    Replies
    1. @ නරකයා,
      නැත්තන්...නැත්තන්...

      @ සබීත්,
      තෑන්ක් යූ. අප්‍රියෙල් පළවෙනිදා මගේ දවස කිව්වේ උපන් දිනේ නෙමේ :- ) මෝඩයාගේ දවස නිසා

      @ පැට්ටා,
      හමුවෙමු...හමුවෙමු...
      දෙන්නම කොනකපාලල හින්ද නෝ ප්‍රෂ්

      @ ට්‍රැෆික් ඇනෝ,
      සහතික ඇත්ත. මිනිහ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කළා

      @ පො.කු.
      කොමෙන්ට් නං දැමෙයි, පෝස්ට් ලියවෙයි කියල නං හිතන්න අමාරුයි.
      කුමාරිහාමි කොහොමත් හැංගිලා ඇස් දෙක විතරයිනෙ පෙන්නන් ඉන්නෙ :-)

      @ ඩිලාන්,
      ට්‍රයි එකක් දෙන්න කොහොම හරි එදාට එන්න.

      @ ප්‍රියන්ත,
      ස්තුත්යි.
      නොකියපු ටිකත් කිව්වා නං තමා වටින්නෙ :-)

      @ මාරයා,
      පිටත් වෙන්නේ නං මටයි, බොටයි, වෙන් කරපු දවසෙ, හැබැයි බහින්නෙ පහුවෙනිද. මැලේසියාවෙ දවසක් ඉන්නව.

      @ පිස්සා,
      22 හමුවෙමු, හැබැයි ඊට ඉස්සෙල්ල ගාල්ල මාතර පැත්තේ එන්නත් ඉඩ තියෙනව.

      @ හරී,
      මට බොන්ඩ්ම බැරි ජාතියක් රා. බිව්වොත් පැයක් හමාරක් ඇතුලත පස්සට පොල්මුඩු ගහන්න වෙනව.

      Delete
  14. අර අකුරු හුරපු කතාව නම් මාරු අප්පා. බේබද්දට නම් හොඳ වැඩේ වුනේ ඔබා මාමේ. හාෆ් සෙන්චරියට මගෙන් උණුසුම් සුබ පැතුම් !!!

    ReplyDelete
  15. පනහට සුභ පැතුම්.

    මං හිතුවේ පනස් නමේත් ගහනව ඇති කියල ලබන සතියෙ උපන් දිනේදී!

    මෙන්න ග්‍රැෆික් එකක්.
    http://kathandara.blogspot.com.au/2011/10/millions-and-billions.html

    !!!

    ReplyDelete
    Replies
    1. Thank you.

      අප්‍රියෙල් පළවෙනිද 'මගේ දවස' කිව්වේ උපන් දිනේ නෙමේ මෝඩයාගේ දවස නිසා :- )

      ලින්ක් එකෙන් ගිහින් පෝස්ට් එක බැලුව. මට අමතක වෙලා තිබුනට ඒ පෝස්ට් එකට මම කොමෙන්ට් දාලත් තිබිලනේ.

      Delete
    2. ඔය වයසට ඔහොම තමයි, නිතරම අමතක වෙනවා!

      Delete
  16. 50 ට සුබපැතුම් ..පෝස්ට් එක නම් සුපර් . මන් හිතන්නේ අනික් පෝස්ටුත් හොඳයි . හැබැයි මේ පරණ ලංගම කතා No 1 හොඳේ . අපිටත් මතකයි පුද්ගලික බස් පටන් ගන්නවා යන්තම් වගේ . පුද්ගලික බස් පටන් ගත්ත වුනත් අපි වැඩිය ගියේ ලංගම තමයි . සීසන් කාරයෝ හින්ද .

    ReplyDelete
  17. පඳුර වටේ තැලිල්ල නම් සුපිරියි...ඒක නෙමේ ඔබා මාමේ ඔය රටවල් වල බීපු මිනිස්සුන්ට බස් වල යද්දි මෙහෙම කරන්නැද්ද?? කුණුහරුප කියාගෙන බීලා කෑ ගහන මිනිස්සු එහෙම බස් කෝච්චි වල යද්දි දඬුවම් දෙනවද?? දුම්බීම නම් තහනම් ඇති කියලා හිතනවා... 22 හම්බුවෙමුකෝ මාමේ මම නම් රෙජිස්ටර් වුනා වැඩේට

    ReplyDelete
  18. 80 ගනන් වල නෙමෙයි 90 ගනන් වලත් ගම්පහ මාකට් එකේ එලියේ තියෙන කඩ වල හාල් මැන්නේ සේරුවෙන්, කාලෙකින් ඒ පැත්තේ ගියේ නැති නිසා තාමත් එහෙමද දන්නේ නැහැ

    ReplyDelete
  19. බලාගෙන ගියාම ඔබා මාමාත් ඔලුව දාපු නැති මුට්ටියක් නෑ. හිතා ගන්න පුළුවන් ඒ දවස් වල කඩේට බඩු ගන්න එන ගැටිස්සියන්ට කොහොම කිරන්න ඇතිද කියලා ...

    කොහොම හරි කමක් නෑ .. උපන් දිනේ දවසේ පරිස්සමට ගිහින් එන්න... ලංකාවේදී පුළුවන් වෙලාවට බ්ලොග් වලට ඇවිත් යන්න... ,

    ඇවිත් යන්න එන්න :www.thunsitha.tk

    ReplyDelete
  20. එක වතාවක් මේ පැත්තේ රියදුරු, කොන්දොස්තර ඩබලකට සහෝදර රියදුරෙක්ගේ පියාණන්ව බසයෙන් පිටුවහල් කරන්න වුනේ ඔහු ඉඩ තිබෙන බසයේ ඉඳගෙන ඉන්නවා වෙනුවට ඇවිදින්න ගිහින් වාඩි වී හිටි අය මතට කඩා වැටීම...

    ගරු කටයුතු විදියට බෝක්කුවක් ළඟින් තියලා යන්න ගියා.

    ReplyDelete
  21. මමනං ආසම ඔබා මාමගෙ ආසම ඔය පදුර වටේ තල ටිකට තමයි... විසිදෙක සෙට් වෙමු ඈ... හාෆ් සෙන්චරියට සුභ පැතුම්,,,

    ReplyDelete
  22. එච්චර වෙලා ඔය පොරට යන්න දුන්න එකනෙ වැඩේ.

    ReplyDelete
  23. පනහට උණුසුම් සුභ පැතුම් පිළිගන්න ඔබා අයියා. පනස් වෙනි පෝස්ට් එකට චිත්‍රයක් ඇඳීමට ලැබීම භාග්‍යයක් කොට සලකනවා. එහෙනම් හොඳට එන්ජොයි කරන්න, ගිය පාර වගෙ මාරයව එක්ක යනවද ආපහු එනකොට කාර් එක එලවන්න?

    අර කිව්වත් වගෙ ඔබා අය්යත් කොරලා නැති අට මගුලක් නෑනේ. ලංකාව දැන් නම් මෙට්‍රික් ක්‍රමයටම තමා රෙන්නෙ. නමුත් තාම පාන් රාත්තල් කියලා කියන්නෙ හුඟ දෙනෙක්.

    henryblogwalker the Dude

    ReplyDelete
  24. මාතෘකාව අස්සට හාල් සේරුවක් ආවම මම බැලූවා මොකද කියලා.. පස්සේ මතක් උනේ මේ කියවන්නේ ඔබා මාමාගේ බ්ලොග් එක කියලා..

    සුභ ගමන් ඔබා මාමේ.. අවුරුද්දත් ජයට සමරලා, අවුරුදු උත්සවේ අවුරුදු කුමාරයා වෙලා හොද කතා ටිකක් අරන් එනකන් අපි බලන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. @ බින්ඩි,
      Thank you
      වයසක මිනිස්සු ගාව තියෙන්නෙ පරණ කතා නේන්නං .
      පුද්ගලික බස් පටන් ගන්නව මට හොඳට මතකයි. මන් අඳුනන කෙනෙකුත් ඒ කාලෙ කුරුණෑගල - මාතලේ පුද්ගලික බස් එකක් දිවෙව්ව.

      @ ගැමියා,
      කෝච්චි වල වගේම බස් වලත් ට්රාන්සිට් ඔෆිසර්ල යනව, බීල හිටියට ප්‍රශ්නයක් නෑ, අනෙත් මගීන්ට කරදරයක් වෙන විධියට හැසිරුනොත් බස් එකෙන් බස්සනව. බස් ඩ්‍රයිවර්ල ලඟත් වෝකි ටෝකි තියෙනව, කරදර කාරයෙක් හිටියොත් ට්රාන්සිට් ඔෆිසර්ලට කථා කරනව. බස් නැවතුමක හෝ දුම්රිය වේදිකාවක දුම්බොන්න බෑ.
      22 හමුවෙමු.

      @ මරණෙ,
      කව්ද එතකොට මාකට් යන්නේ එලෝලු හෙම ගේන්න ?

      @ සුදු මුවා,
      ගැටිස්සියෝ මාකට් ලේන් එකේ කඩ වලට එනව අඩුයි, වැඩි හරියක් එන්නෙ කසාද හෙම බැඳපු ගෑණු කට්ටිය :-)
      තුන්සිත මන් යන එන තැනක්නේ, මේ සයිට් එකෙත් මන් කියවන එකක් හැටියට නම් කරලා තියෙන්නෙ, දැක්කෙ නැද්ද ?

      @ ඉඳුනිල්,
      ඔය වගේ දේවල් දිනපතා දකින්න ලැබෙනව ලංගම අයට

      @ හරී-පිණිපළස,
      තෑන්ක් යූ, වෙරි මච්

      @ පොඩි මෑන්,
      ස්තුතියි සුභ පැතුමට, 22 අනිවා හමුවෙමු.

      @ සිතුවම්,
      එතකන් වැඩිය සද්දෙ දැම්මෙ නෑනෙ, සද්දෙ දාපු ගමන් තමා මෑන් කැපුනේ.

      @ Dude ,
      සුභ පැතුමට වගේම චිත්‍ර ඇඳල දෙනවට බෙහෙවින් ස්තුතියි. මාරය ආයි අවුරුදු උස්සවේටවත් ඒ ජොබ් එකට එයි කියල හිතන්න අමාරුයි ඇනෝනිමස් ආතල් ඌට ගහල තිබ්බ මඩේ හැටියට.
      කතන්දර කාරය දාල තියෙන ලින්ක් එකත් පොඩ්ඩක් ගිහින් බලන්නකො.

      @ දිනේෂ්,
      පඳුර වටේ පොඩ්ඩක් තැලුවේ නැත්තන් නිකන් කසනව වගේ :-)
      සුභ පැතුමට තෑන්ක් යූ, කථා ටිකක් නං කොහොම හරි අහුලගන්නම ඕනෙ.

      Delete
  25. බේබද්දට හොඳ වැඩේ. ඔන්න මමත් ආවා මේ පැත්තේ ඔබ්සවර් මරු නම

    ReplyDelete
    Replies
    1. අළුත් නමක් නිසා ප්‍රොෆයිල් එක හරහා ගිහින් බැලුව. හෙට දිහාට ඇවිල්ල බ්ලොග් එක හෙමීට කියවන්නම්. මෙහාට ගොඩ වුනාට තෑන්ක් යූ.

      Delete
    2. හුටාස්! අදනෙ දන්නෙ සල්මන් ඛානුත් සිංහල බ්ලොග් කියෝනවා කියලා.. :)

      Delete
    3. @ Bura,
      Not only reading, he is writing a blog in Sinhala as well, go through his profile and you will find his blog.

      Delete
  26. පනහටයි ලබන සතියේ උපන් දිනේටයි දෙකටම සුභ පැතුම් ඔබා මාමේ. එහෙම නම් 22 හමු වෙමු

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට තෑන්ක් යූ, 22 අනිවා හමුවෙමු.

      Delete
  27. පඳුර වටේ තැලිල්ලෙන් ගොඩක් දේ ඉගෙනගත්තා.මාමගෙ පෝස්ටු කවදත් හොඳයි. සුභ පතමි

    ReplyDelete
  28. පනස් වෙනි පෝස්ටුවට සුභපැතුම් ඔබා මාමේ...

    ReplyDelete
  29. සිංහල කියන්නෙ මාරම බාසවක් නේද ? එක අකුරක් එහා මෙහා කෙරුවම වෙන වෙනස කොහොමද ?

    ඔය සේරු වලින් හාල් මනිනවා මටත් මතකයි.. සේරුවට හාල් දාලා කපන්ඩ පොල්ලකුත් තිබුනා මතක විදිහට.. අපේ ගෙදර තාමා හුන්ඩුවක් තියනවා මගේ හිතේ.. ඔය මොන මොන මෙට්‍රික් ආවත් තාම ගෙදර මුට්ටියට හාල් වැටෙන්නේ හුන්ඩු ගානට.. කන්ඩ ඉන්න ගානට හුන්ඩු කීයක් ඕනද කියලා බවලත් ඈයෝ අත්දැකීමෙන්ම දන්නවා..

    ඉසර කිව්වෙත් මිනිහා හුන්ඩු ගානක බත් කනවා කියලනෙ. අනේ එතකොට දැන් කියන්ඩ වෙන්නේ මිනිහා ග්‍රැම් මෙච්චරක බත් කනවා කියලා නේද..

    මටනම් මේදා සැරේ අවුරුදු වච්චිල්...

    එහෙනම් ඉතින් දෙපලටම සුබ අළුත් අවුරුද්දක් පැතුවා !!

    ReplyDelete
    Replies
    1. Thanx for the reply below, checked the link given as well

      Delete
  30. තව දෙයක්:)ඔබා මාමගෙ හිනාව හරි සීදේවිනේ

    ReplyDelete
  31. අයියගෙ පනහට මගෙන් සිනා සපිරි සුබ පැතුම් ! පෝස්ට් එක වෙනදා වගේම එල ! සීයත් සිනහා වෙවීම දමන්න ඉක්මනින් හැකිවේවා ! පරිස්සමට එන්ඩකො එහෙනම් හෙට අනිද්දට.. ඔබී අක්කට අහු නොවෙන්ඩ එයාර් හොස්ටස් ලා දිහා බලන්ඩ පරිස්සමට ! මූනෙ ප්ලාස්ටර් දමානාවොත් අපි කොහොමෙයි අඳුරා ගන්නෙ ? එහෙනම් 22 හමුවෙමු !

    ReplyDelete
    Replies
    1. වෙනී,
      මූන වැහුනට අවුලක් නෑ . . . ගදෙන් කියන්න පුලුවං බුවා ඔබා කියල

      Delete
  32. ඔබා මාමනම් ඒකාෙල් මුදලාලි ෙවලා හිටියට බඩ ඇවිල්ල තිෙයන්ෙන් දැන් ව ෙග්.....

    ReplyDelete
    Replies
    1. 50ට ම ෙගනුත් සුභ පැතුම්...!!

      Delete
  33. අපිනම් තාම මෙට්‍රික් ක්‍රමයට රෙන්නේ නැහැ. රාත්තල් අවුන්ස හැතැම්ම වලින්ම තමයි වැඩ. ලංකාවේ තිබිච්ච පරණ ක්‍රමයෙයි USA ක්‍රමයෙයි වෙනස තමයි US ගැලුමක් ලීටර 3.8 ක් වීම.
    පරිස්සමින් ගිහින් එන්න. ලැබුනොත් උගුර හිරවෙනකම් කජු පුහුලන් කන්න. මට දැන් කජු වාරෙකදී ලංකාවට යන්න වෙන්නෙම නැහැ පොඩි එවුන්ගේ ඉස්කෝලෙ නිසා.

    ReplyDelete
  34. හාෆ් සෙන්චරියට සුබ පැතුම් !
    එහෙනම් 22 මුණගැහෙමු.
    (&ය බෙබාලට එච්චර අපහාස කරන්න එපා, අපිත් කන බොන මිනිස්සුනෙ)

    ReplyDelete
    Replies
    1. @ මාරුතය,
      ඇගයීම ගැන ස්තුතියි.

      @ පරිකල්පන,
      බෙහෙවින් ස්තුතියි.

      @ සෙනා,
      ඔව් මට මතකයි, හාල් සේරුව කපලමද කොහෙද පොලිෂ් වෙච්ච රවුම් ලී කෑල්ලක් තිබුන සේරුව එක්කම වෙළෙන්දො ගාව.
      වැඩුනු පිරිමියෙක් හාල් හුන්ඩුවක බත් කනව තමා ඒ කාලෙ පිළිගැනීම මට මතක විදියට.
      ඔබී නං රයිස් කුකර් එකට හාල් මනින්නෙ තේ බොන කෝප්පෙන්. රයිස් කුකර් එකත් එන පොතේ තියෙන්නෙත් හාල් කෝප්ප ගානට වැඩිපුර එක කෝප්පයක් වතුර දාන්න කියලනෙ.
      සෙනා සහ පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
      [අවුරුදු වොච්චිල් කිව්වේ ඇයි ? සෙනාගෙ නම මම සිංහලෙන් ලියන විධිය හරිද ?

      @ මාරුතය,
      හිනාව ගැන කිව්ව දේ නිසා, මීයගෙ බෝලෙ කරකෝගෙන ආයෙමත් උඩට ගිහින් පින්තුරෙ බැලුව කව්රුවත් ඒක වෙනස් කොරලවත්ද කියල...හෙහ්...හෙහ්...
      P .S . මාරුතේ ගෑල්ලමෙක් හෙම නෙවි නේද ?

      @ වෙනි,
      අපි එන බජට් එයා ලයින් එකේ ඉන්න එයා හොස්ටස්ල හොඳා අකුණු ගහන වෙලාවට එලියට දාන්න, අපායට කැලැන්ඩර් ගහන්න, පින්තුර වලටත් නරකම නෑ.

      @ ඕනයා,
      උඹ අත්දැකීමෙන් වෙන්නැති කියන්නෙ, උඹ ඉස්සර වැඩ කොරාපු තැනට මං ආවනෙ සැරයක්. එතන ගඳ මතක් වෙනකොටත් නාහෙ ඇකිලෙනවා දැනුත්. කරෝල වාඩියට ගියාට උඹේ රාජකාරිය තාම ඒකමනෙ, ගඳේ වෙනසක් නැතුව ඇති තමා.

      මට දුක උඹේ පොඩි එකීට, ගෙදරට කි.මී. 5 ක් තියෙල උඹ එන ගඳ දැනෙන්න පටන් ගන්න එකට :-)
      ලොකු එකීට නං පුරුදු ඇති හොඳට.

      @ තාරක,
      උඹටත් එසේම වේවා සහ සුභ උපන් දිනක් වේවා...!!! [මං කිව්වෙ කාලයාගෙ අවෑමෙන් ලොකු බඩක් පමණක් නොව තට්ටයක් සහ ලබ්බකුත් එක්කම]

      @ ප්‍රභාත්,
      මම අලව්ව ඩිපෝවෙ වැඩ කරන කාලෙ කජු සහ කජු පුහුලන් කෑව ජීවිත කාලෙකට ඇතිවෙන්න. වෙනකක් තියා ඔබීට සර්ජිකල් ග්ලවුස් ගෙනත් දීල තිබ්බෙ කජු මාළුවට කජු කපන්න...හෙහ්..හෙහ්..
      ලංකාවට යන්න ඇත්තටම හොඳම කාලෙ දෙසැම්බර්, රස්නෙ සහ හියුමිඩිටි අඩු නිසා.

      @ සුමිත්,
      තෑන්ක් යූ. ඔව්..වොව්..22 හමුවෙමු.
      පිස්සුද බේබද්දන්ට අපහාස කොරනව කියන්නෙ වලිගෙ හපා ගන්නවා වගේ වැඩක්නෙ. මේව ලිව්වට කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුයි...හෙහ්...හෙහ්...

      Delete
    2. වච්චිල් කිව්වෙ මෙදාපාර අවුරුද්දට ගෙදර යන්ඩ නොලැබෙන නිසා.. මෙදා පාර කිව්වට ඉතින් ගිය පාරත් බැරුව ගියා..:-)

      ඔය ප්‍රශ්නෙම අහපු ගැටයට දීපු පිලිතුර තමා මේ ..

      ඔබා මාමාට කැමති විදිහකින් කියන්ඩ පුලුවන්.. කිසි අව්ලක් නැහැ..

      ඇත්තටම මගෙ ඇත්ත නමත් එක්කත් මෙහෙ ඉන්න ඔටුවොයි අනිත් උනුයි එල්ලෙ ගහනව... හිහ් හිහ්.. :-)

      Delete
    3. @ Senna,
      Thanks for the reply, checked the link as well [found a new blog for the trouble :-)]

      Delete
    4. //අපි එන බජට් එයා ලයින් එකේ ඉන්න එයා හොස්ටස්ල හොඳා අකුණු ගහන වෙලාවට එලියට දාන්න, අපායට කැලැන්ඩර් ගහන්න, පින්තුර වලටත් නරකම නෑ.//
      පුදුම ආවේගයකින්නේ මේ ළමයි ගැන ලියල තියෙන්නේ!! මොකක් හරි නරක අත්දැකීමක් තියෙනවාවත්දෝ කියල හිතෙනවා. කොහොම උනත් බජට් වල යනකොට ඔක්කොම බජට් තමා. බජට් එයාපෝර්ට් එකේ සැප කොහොමද? ඉස්සර නම් රෑ 1 ට ද කොහෙද පස්සේ ටකරම් මඩුව වහලා දානවා. ලගකදී නම් ගිහින් නැහැ.
      SQ වල ගානේ ලොකු වෙනසක් තියෙනවද? ඒක ඉතින් වැඩ කරන්න ඉන්න අයගෙන්ම justify කරන්න පුළුවන්නේ. වෙලාව නම් එච්චර නාස්ති වෙන්නේ නෑ. බරත් වැඩිපුර ගෙනියන්න පුළුවන්.
      මැයි 30 ඉඳලා කොටි එයා ලයින් එකත් ලංකාවට යනවා සිංගප්පුරුවේ ඉඳන් සතියකට දවස් තුනකට. තවත් option එකක් ට්‍රය් කරන්න.
      එහෙනම් ඔන්න සුබ ගමන් කිව්වා.

      Delete
    5. මදෑ අපිත් ඔබා මමාට පාර්ටි එක්ක ෙදන්න කියල හිටියා... සුභ ගමන් කිව්වා ෙදපලටම!

      Delete
    6. කිසිම ආවේගයක් නෑ, ඒ කිව්ව වගේ කට්ටිය තමා ඉන්නෙ. KL බජට් එයා පෝට් එක කටුනායකට එහෙම වඩා දහස් ගුණයක් හොඳයි. වෙන ඉන්ටනැෂනල් ඒව වගේ නෙමේ කෑම හෙම හෙණ ලාබයි. SQ රිටන් ට්කට් එක $ 1500 - 2000 අතරෙ, එයා ඒෂියා වෙන්නෙ $ 550 ක් විතර. ඒ ගාන වුනේ කෑමට, ට්‍රාන්සිට් හොටේල් එකට සහ බැගේජ් කිලෝ 35 කටත් එක්ක. උන්ට ඊමේල් ලිපිනය දීල තිබ්බම ස්පෙෂල් ඔෆාර්ස් තියෙනකොට ඊයක් එවනව. වෙලාවක KL හරහ ගිහින් බලන්න, ටකරම් මඩු දකින්න නං ලැබෙන්නෙ නෑ.

      Delete
    7. තාරක,
      ආවට පස්සෙ වත් දාමු පාටියක් :-)

      Delete
    8. $550 return නම් හොඳටම වටිනවනේ (flights 4 කට.) SQ $1600 විතර වෙය් කියල දැනන් හිටියා. මම හිතුවා AA $1200 විතර වෙය් කියලා. Special Offer එකක් හින්ද වෙන්න ඇති ඔච්චර අඩු.
      මම budget terminal එකට ගියේ 2006 මැද භාගේ මගේ හිතේ. එතකොට මේ low cost කතන්දරයම අලුත් අත්දැකීමක්. අනිත් airport දැකල මේක දැක්කම නිකන් කරකවල අත හැරිය වගේ. මට තිබුන මතකය ටකරන් හා කොන්ක්‍රීට් පමණයි. අද මම site එකට ගිහින් පින්තුර බැලුව. හඳුනා ගන්නවත් බෑ. තව කියෙව්වම දැක්කේ 2007 ලොකු renovation / expansion එකක් කරලා.
      අපිට ඉතින් ඔය ස්පෙෂල් ඔෆර් වලට ගමන් සෙට් කරගන්න අමාරුය්. පොඩි එවුන්ගේ නිමාඩු කාලේ එපැය් යන්න. ඒත් උත්සහ කරලා බලන්න වටිනවා.

      Delete
  35. 50ට මගෙන් සුබ පැතුම් ඔබා මාමේ.
    කතාව නම් ඒ කාලේ ගැන නොදන්න අපි වගේ අයට වැදගත්.
    පරිස්සමින් ලංකාවට එන්න.

    ReplyDelete
  36. අම්මද බොල අවුරුද්ද එතකොට ගම්පහද ගෙවෙන්නේ.. එල එල..

    අපේම දිස්තිරික්කේ නොවැ..

    සුභ ගමන් සහ 50ට සුබ පැතුම් !

    ReplyDelete
  37. මේ කතාව මම වෙනත් බ්ලොග් එකක තිබිලා කියෙව්වා ඒවුනත් ඔබා තුමා ලියන විදියට කියවන්න ආසයි මගේ වින්දනීය බ්ලොග් අතර ඔබා තුමාගේ සහා තවත් එක් බ්ලොග් එකක් අංක එක.
    අප්‍රේල් වල අවම මාතර එනවද මමත් මාතරට ටිකක් විතර ලඟපාත

    ReplyDelete
    Replies
    1. 50ට සුභ පතනව 100 මීට වඩා ඉක්මන් කරන්න.

      Delete
  38. 50 ට සුබ පැතුම්...මේක දැක්කම මාත් නිකමට මගේ පෝස්ට් ගණන් කරා. 50 පැනල නොවැ.

    ලංකාවත් මෙට්‍රික් ක්‍රමේට හැරිච්ච එකේ ඇමෙරිකාවට බැරි උනා නේ තාම...මල වදේ :-|

    ReplyDelete
  39. ඔන්න මගෙනුත් 50 ට සුබ පැතුම්.
    ඔබා මාමගේ කතා වල ගතිය තියෙන්නේ පඳුරු තලන නිසාමද කොහෙද.
    අර රියදුරු මහත්තයා කරපු වැඩේ මමත් අනුමත කරනවා කෑවනම්, බිව්වනම් අනිත් අයට කරදරයක් නොවෙන්න ඉන්න දැනගන්න ඕනේ...

    මට නිවාඩු එන්න වෙන්නේ 22 පහු වෙලානේ.... :(

    ReplyDelete
  40. පබ්ලික් ලයිබ්‍රරියෙ කැන්ටිම ඉස්සරහ පොලිශ් ගඩොල් බිත්තියෙ "නිකරුනේ ගැවසීම තහනම්" කියල සුදු තීන්තෙන් ඇදල තිබුන දැන්වීමෙ "නි,රු,ව" අකුරු තුනම මම මකල දැම්මෙ 1999දි. ඒක තාම එහෙමමයි

    ReplyDelete
  41. 50ට සුභ පැතුම්..තාම ඩ්‍රෑම් එක නං එහෙම්මයි බාර් වල මයේ හිතේ...ඔය වගේ සීන් එකක් කරලා තියෙනවා හාමුදුරුවන්ට හමුදාවේ ලොක්කෙක් ලන්සියෙක්....මම රෑන්ක් දන්නෑ හාමුදුරුවනේ කියලා කථාව පටං අරං...අපේ හාමුදුරුවරු ටික හිනා වෙලා ගනං අරං නෑ ඒ සීන් එක...

    ReplyDelete
    Replies
    1. නෑ මචං....... දැන් ෆිෆ්ටි, හන්ඩ්‍රඩ්, ටූ හන්ඩ්‍රඩ්............... ඔය විදියට වැඩේ යන්නේ.....

      Delete
  42. තවම මෙහෙත් මෙට්‍රික් නෙවෙයි.. පාරෙ බෝර්ඩ් ඔක්කෝම තියෙන්නෙ යාර, සැතපුම් වලින්, කිරි බෝතල් එහෙම එන්නෙ පයින්ට් වලින්.. මේ මෝඩ ඉංගිරිසිකාරයො හදන්න බෑ.. :)

    ReplyDelete
    Replies
    1. හෆොයි බුරෝ ඕක අපේ වංශ උත්තමයට එහෙම ඇහුනා නම් ඔතනට ඇවිත් මාරාන්තික උපවාසයක් කරාවි "මෙට්‍රික් ක්‍රමයට වහා රෙනු" කියලා.

      Delete
  43. ඔබා කොළඹ වැඩ කළා නම් හොස්පිටල් ස්ට්‍රීට් එකේ ජැෆ්න හොටෙල් එකෙන් බත් කාල.. එතකොට පිටකොටුවේ දෙවෙනි හරස් වීදියේ පිලාවුස් එකේ බුරියානි එහෙම කාල ෆලුඩ එකක් එහෙම බීල ඇති !!

    ReplyDelete
    Replies
    1. @ ම. නිශාන්,
      තෑන්ක් යූ. ඔව්..වොව් ලංකාවට එන ඒක කොහොම වුනත් ආව වෙලාවේ ඉඳන් පරෙස්සන් වෙන්න ඕනේ, ඒත් ඉතින් වෙලාව ආවොත් බෑ කියන්නැය.

      @ සෑම්,
      දිස්ත්‍රික්කෙ නම් තමා, සෑම් කොයි හරියෙද ? 22 හමු වෙන්න ට්‍රයි එකක් දෙමු.
      සුභ පැතුමට තෑන්ක් යූ.

      @ නීල්,
      පහල දීල තියෙන ලින්ක් එකෙන් බලන්න ආපහු ගිහිල්ල මෙතන නේද කියෙව්වෙ ඉස්සෙල්ල කියල, කව්ද ලියල තියෙන්නේ කියලත් බලන්න. :-)

      http://onezerozerowords.blogspot.com.au/2011/08/blog-post.html

      ස්තුතියි මගේ බ්ලොග් ඒක ඇගයීම ගැන. ඔව් හැම වතාවෙම ලංකාවට ආවම මාතර එනව.
      හැම වතාවෙම ට්‍රයි කරනව පරණ යාලුවෙක් හමුවෙන්න . තාම බැරි වුනා. එයාගේ නම ගුරුගේ, ඉස්සර වල්ගම පන්සල ගාව වෙල්ඩින් වැඩ පොලක අයිති කාරයෙක්. දැන් වයස 60 කට කිට්ටු වෙන්න ඕනෙ, ජර්මන් ටෙක් එකේ ආදී ශිෂ්‍යයෙක්. විනෝදෙට කලේ ස්කුබා ඩයිවින්, එහෙම කෙනෙක් ගැන මොනයම් තොරතුරක් හෝ දන්නව නම් මේ සයිට් එකේ තියෙන ඊමේල් ලිපිනයට ඊතලයක් එවනවද ?
      50 ට සුභ පැතීම ගැනත් ස්තුතියි, බලමු 100 ත් ගහන්න ට්‍රයි එකක් දීල.

      @ සයුරි,
      ඔබේ 50 ටත් එහෙනම් සුභ පතනවා, මාත් 51 වෙනි ලියන වෙලාවෙ අහම්බෙන් දැක්කේ 50 පැනල කියල :-)
      දැන්නෙ දන්නෙ සයුරි ඉන්නෙ ඇමෙරිකාවෙ කියල.

      @ ලොකු පුතා,
      තෑන්ක් යූ, සුභ පැතුමට.
      බලමු වෙන අව්රුද්දක වත් හමුවෙන්න. හැමෝටම එකම කාලෙ නිමාඩු ගන්න බෑනෙ. හුඟාක් අය නම් එන්නෙ ලංකාවට දෙසැම්බර් මම හිතන්නෙ.

      @ ඕනයා,
      උඹ කරොත් ඔහොම තුප්පහි වැඩක් තමා, තව කයියත් ගහනව.

      @ අපි නොදුටු ලොවක්,
      තෑන්ක් යූ, සුභ පැතුමට.
      මං හිතන්නෙ දැන් බාර් වල කියන්නෙ 100 කියල. මං ඉතින් බාර් වලින් බිව්වෙ නැතුවට මං ලංකාවෙන් එන්න ඉස්සෙල්ලම බාර් වල dram එකට 100 කියන්න පටන් අරන් තිබුනෙ. :-)

      @ යුනිවරන්,
      තෑන්ක් යූ, ඔය තියෙන්නෙ දන්න කියන කෙනෙක්ම පැහැදිලි කොරල

      @ බූරාභිධාන කෙළෙඹි පුත්‍ර ,
      පසැල් දනව්ව කරා පිටිවැහල් කරන ලද්දා වූ සිරකැරුවන් නව ක්‍රමය දෝතින්ම වැළඳ ගත් බැව් පෙනීයැයි.
      [කොහොමද ට්‍රයි ඒක සාර්ථකද ?]

      @ සරත් ලංකාප්‍රිය,
      කොළඹ නම් වැඩ කරල නෑ. ඒ වුනාට පිලාවුස් එකේ බුරියානි කාල තියෙනව වගේම ජැෆ්න හෝටලෙන් දැල්ලො එක්ක බත් කාල හොරෙන් ශේප් වෙලත් තියෙනව :-)
      හොස්පිට්ල් ස්ට්‍රීට් එකේ වගේම දෙවැනි හරස් වීදියේ බාර් වලින් බීලත් නෑ. මං ඒ කාලෙ ඉඳලම ෆලූඩ වලට නම් කැමතිම නෑ.

      Delete
    2. @ ඔබා,

      ට්‍රයි එක හොඳයි.. 'ඇ'කාරය ටිකක් වැඩියි.. :)

      Delete
    3. බුරා,
      මං හිතා හිටියෙ 'ඇ' දැම්මම නිකම්ම හෙළුවෙන් වන්න පුළුවන් කියල :-)

      Delete
    4. වන්න නෙමේ 'වනන්න'

      Delete
  44. පූජ්‍ය පක්ෂය කියන එකත් ක යන්නේ බැඳි ෂ යන්න කපලා වෙන වචනයක් එන්න හදලා තිබුනා. ඔය සේරුවට කරපු වැඩේ යෝගට් කප් වල අයිස් ක්‍රීම් කප් වලටත් කරනවා ඒ වෙලෙන්දෝ අල්ලන්නේ නැද්ද දන්නේ නෑ. එතකොට ඔය සාධුලගේ සීට් එකේ හිටියලු අන්ධ මනුස්සයෙක්. හාමුදුරු කෙනෙක් නැගලා අනිත් පැත්තේන් ඉඳගන්න කොට හාන්දුරුවන්ගේ කුඩේ අර අන්ධ මනුස්සයගේ කකුලේ ඇනුනලු. අන්ධ මනුස්සය ඇහුවලු කවුද යකෝ කියලා. හාන්දුරුවෝ කිව්වලු මහණ කෙනෙක් මහණ කෙනෙක් කියලා. අන්ධ මනුස්සයා කිව්වලු මහන එකෙක් උනාට කම්ක් නෑ ඉඳිකට්ට මගේ කකුලේ අනින්නේ නැතුව යනව ඕයි

    ReplyDelete
  45. සමන්තුරේ කල්මුනේ පැත්තේ හාල් මනින්නේ 'කොත්තු' වලින්. කොත්තු එකක් සේරු එකයි කාලයි. මිළ සාමන්‍යයෙන් සේරුවේ ගානමයි.

    තාම ලංකාවේ. 4 රිටුර්න්. ඊයේ කුරුණෑගල පැත්තේ රවුමක් දාලා ආවා. ආවහම සද්දයක් දාන්න.

    50ට Congrats!

    ReplyDelete
  46. 50 ට සුබ පැතුම්.
    අපේ ගෙදරත් ඔය සේරුවකුයි හුණ්ඩුවකුයි තියෙනව ලස්සනට තියල.

    ReplyDelete
  47. කතාව කියවනවට වඩා වෙලා ගියා කොමෙන්ට් ටික බලන්න. පණහට මගෙනුත් උණු උණු සුභ පැතුම් !!!! පඳුර වටේ තලද්දී තමයි රස වැහෙන්නේ...... එළකිරි.......

    ReplyDelete
  48. ඔබා අයියගේ 50 ට මගේ සුබ පැතුම් !!!! හැමදාම බ්ලොග් කියෝලා මටත් හිතුන බ්ලොග් කම්මලක් දාන්න එත් තාම වැඩ පටන් ගත්ත විතරයි .පොඩ්ඩක් ඉවසමු තාම මයින+ හම හදනව...මේ පොස්ට් එකෙන් තමා මම දැනගත්තේ ගම්පහ පරණ බෝඩ් වල අකුරු අඩු මොකද කියල . ගම්පහ සියනෑ පාර සිය මැකුවේ / පැරකුම් මාවත ඇලපිල්ලයි රයන්නයි මැකුවේ ඔබා අයියලාගේ සෙට් එක වගෙයි.

    ReplyDelete
  49. ඔබා මාමාට සුභ පතනව 50ට.....එහෙනම් 22 හම්බෙමු හොඳේ.........

    ReplyDelete
  50. 50ට සුභපැතුම්. ඔහොම යං...

    ReplyDelete
  51. ඉතින් එදා ඔබා මාම අයිය ඉතිරි ටික පයින්ද ගෙදර ගියේ... ජරා ඩ්‍රැයිවරය..

    ReplyDelete
  52. ඔබා අයියා මාමගෙ 50 වෙනි ලිපියට මගෙනුත් සුබ පැතුම්..!

    පනහත් තව එකක් දැනටම ලියාලා
    ඔබා මැතිඳු බ්ලොග් සබයම පිනවාලා
    කුනුහබ්බෙන් එක එක දේ පවසාලා
    දන්නෙම නැතුව ලිපි පනහක් ගොඩදාලා

    බ්ලොග් සබයේ වැඩිහිටියා වෙච්ච ඔබා
    ලියයි කතා දමමින් දැන් පාට් බබා
    විසි දෙක දා හමුවෙන විට මැවෙන සොබා
    සාදරයෙන් පිලිගමු අපි අපේ ඔබා

    ඇති නේද?

    ReplyDelete
  53. හාෆ් සෙන්චරියට සුබ පැතුම් ඔබාමාම.. :-)

    ReplyDelete
    Replies
    1. @ මාතලන්,
      අන්ධ මනුස්සයගෙයි සාධුගෙයි කතාව මං අහල තියෙන්නෙ මෙහෙම.
      අන්ධ හිඟන්නෙක් කෝච්චියෙ හිඟා කාගෙන එනවලු. සාධු ගාවට ආවම, සාධු කිව්වලු පින්වත මම මහන කෙනෙක්මි කියල. අන්ධය පස්සට පැන්නලු 'අම්මට හි # යි, ඉන්දිකට්ට එහෙම ඇහේ ඇනුනොත් කියල'
      එතන උපහාස දෙකක් තියෙන බව මාතලන්ට පේනව නේද ?

      @ කැන්ඩියන්,
      'කන කොත්තු හැර වෙනත් කොත්තුත් තිබේ' එහෙනං, ඇහුවමයි.

      1 පිටත් වුනාට බහින්නෙ 2, KL දවසක් ඉන්නව. [not by choice ] 3 නෙලුම් විල කියල තැනක මනමේ බලන්න ආරාධනාවක් තියෙනව. ලංකාවට ගියාම තමා මොබයිල් ෆෝන් එකට සිම් එකක් දාගන්නෙ, ඒ වුනාට ගෙදර නොම්මරේ මම අදම ඊයකින් එවන්නං.

      Thank you

      @ ප්‍රසන්න,
      Thank you
      ඇත්තටම පොලිෂ් කරල ලස්සනට තියන්න මරු භාණ්ඩ දෙකක් තමා, හොඳ අදහස. ලංකාවෙදි ට්‍රයි කරල බලන්න ඕනෙ දෙකක් හොයා ගන්න. :-)

      @ ගොඩයා,
      සුභ පැතුමට තෑන්ක් යූ වේවා.
      අග කතාව නං වන් සීරෝ එකේ කියවලත් ඇති.

      @ කම්මල,
      සුභ පැතුමට තෑන්ක් යූ.
      කොළඹ පාරෙ සිරිල් ගරාජ් ඒක ගාව ඉස්සර හරකුන්ට ලාඩම් එහෙම ගහන කම්මලක් තිබුන. ගරාජ් එකයි කම්මලයි ඉස්සරහින් හැරිල යන පල්ලිය පාරෙ තමා ඔබා ඔබා පොඩි කාලෙ පදිංචිය. තාම ඒ පැත්තෙ යාළුවො හුඟක් ඉන්නව. සියනෑ පාර එහෙම ගැන කිව්ව හින්ද කම්මලත් ඒ පැත්තෙද කියල හිතුන. ;-)

      මයිනහම හැදුවට, හදන්නත් ඉස්සෙල්ල අදින්න හෙම එපා.

      @ පිස්සා, හිත හොඳ මොඩ්ල් එක,
      සුභ පැතුමට ස්තුතියි, ඔව්...ඔව්...22 හමුවෙමු.

      @ රාජ්.
      තෑන්ක් යූ...යං, යං.

      @ පිටස්තරයා,
      මොනවට කියනවද, වල් ඩ්‍රයිවරය උල තියන්න වටිනව කොරාපු අලුකුත්තේරු වැඩේට

      @ කිරිපුතා,
      සුභ පතුමටයි, එළකිරි කවි පන්තියටයි බොක්කෙන්ම තෑන්ක් යූ. තව ඇතිදත් අහනව.....හෙහ්...හෙහ්...
      කවි ලියන්න පුළුවන් කොමක් තිබ්බ නං පිළිතුරත් කය්යෙන්ම තමා දෙන්නෙ.
      22 හමුවෙමු එහෙනං

      @ සිත් රූ සිහින,
      තෑන්ක් යූ, වෙරි මච්.

      Delete
  54. පනහට මගෙනුත් උණුසුම් සුභ පැතුම් කිව්වා එහෙනං.ඇත්තටම ඔබා මාමා සිරාම නිරීක්ෂකයෙක්නෙ.ඔක්කොම පරණ දේවල් නිකං මැවිලා පේන්ඩ විස්තර කරන්නෙ.

    ReplyDelete
  55. පඳුර වටේ තැලීම ඔබා අයියගේ සිරිතක් වෙලා ,
    දැන් ඕව හදන්න කාලෙකුත් නැහැ, තව කී දොහද......


    පොස්ට් පනස් එකට සුභ පැතුම් සමග ලංකාවට වෙල් කම්......!!!!!!

    ReplyDelete
  56. ආ මෙක තමයි එහෙනම් මගෙ "ගැබිණි මාතාවන්ට පමණයි" පොස්ට් එක බලලා බයවුන "පුජ්‍ය පක්ෂයට" පොස්ට් එක. දැන් ඉතින් අඩු "ආබාධිතයන්ට පමණයි" විතරයි ඒකත් කවුරුහරි දායි.

    …50 සුබ පැතුම් !

    ReplyDelete
  57. ඔබාගේ පරණ කතා නම් මරු... මොකද මම දන්නේ නැත්තේ ඔය හාල් මැනපු එකක් ගැන? අපේ ගෙදර නම් පොඩි කාලේ බත් උයන්න මැන්නේ මිල්ක් මේඩ් හිස් ටින් එකකින්. මේ කතා කියෙව්වම ඉබේටම අතීතේ රස තැන් හොයාගෙන රවුමක් ගහන්නත් හම්බ වෙනවා.

    ආ ලංකාවට යනවා නේද? තැඹිලි, ගමේ පලතුරු අපිටත් ඉතුරු කරලා එන්න ඔන්න. මොකද අපිට ආයේ කාලෙකට යන්න වෙන්නේ නෑ......
    සුභ ගමන් ඔබා....

    ReplyDelete
  58. පෝස්ටු පනහට සුභ පැතුම් ඔබා..තවත් මෙවන් කතා දහසක් බෙදා ගන්න හැකියාව ලැබේවා..
    ලංකාවට එන එක ගැන නම් කියන්න තියෙන්නෙ වෙල්කම් බැක් කියලා තමයි..

    අමුතුවෙන් කියන්නෝනෙ නෑනේ මේ පෝසටුවත් රසවින්දා මදි නොකියන්න..

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට හා වෙල්කම් එකටත්, ඇගයීමටත් මගේ ස්තුතිය පිළිගන්න

      Delete
  59. @ දිනූක,
    සුභ පැතුමට සහ ඇගයීමට බොහොම ස්තුතියි.

    @ යුනිවරන්,
    'හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා'

    සුභ පැතුමට හා වෙල්කම් එකට තෑන්ක් යූ වේවා

    @ Loku John,
    අභාධිත කතාවකුත් තියෙනව, වෙලාවක ලියල දාන්නම්.
    සුභ පැතුමට ස්තුතියි

    @ Il Mondo ,
    කිව්වම මතක් වුනේ, අපේ ගෙදරත් හාල් මැන්නේ හිස් මිල්ක් මේඩ් ටින් එකෙන් නේන්නං. ඒක මම හිතන්නෙ හරියටම හුන්ඩුව. තව මතක් වුන එකක් තමා, මිල්ක් මේඩ් බ්‍රෑන්ඩ් එකට ඉස්සර කිව්වෙ 'නෝන මාක්' ටින් කිරි කියල.

    ලංකාවෙ මේ කාලෙ ටිකක් රස්නෙයි, හියුමිඩිටි එකයි, වැඩි වුනාට අඹ, කජු, මැන්ගුස්, රඹුටන්, කොස්, පොලොස්, අන්නාසි, ඕනෙ තරම්. ඇයි අලි පේර, තව ජාති මතක් කරන්න ඕනෙද පොඩ්ඩක් ඊරිසියා හිතෙන්න :- )

    ගමනට සුභ පැතුවට ස්තුතියි.

    ReplyDelete
  60. හාෆ් සෙන්චරියට උණුසුම් සුබ පැතුම් !!!

    ReplyDelete
  61. 50 ට සුභ පැතුවා ඔන්න!
    22 දකින්න බලාපොරොත්තු වෙනවා ඔබා මාමව!:)

    ReplyDelete
  62. 50 වෙනි පොස්ට් එකට සුභ පැතුම් ඔබා මාමේ..මොන උනත් බේබද්දගේ මාරු කතාව..අපිත් වේරහැර ලන්ගමේ අහල පහල තමා ඉන්නේ..තාම ඔබා මාමගේ ඔක්කොම පොස්ට් කියෙවන්න හම්බුනේ න.. හෙමීට කියෝගෙන එන්නම්

    ReplyDelete
  63. 50 ට සුභ පැතුම් ඔබා මාමෙ.
    22 හම්බ වෙන්න එන්න ෆුල් ට්‍රයි එක දෙනවා.

    ReplyDelete
    Replies
    1. Thank you.22 හමු වෙමු, නිමාඩු දවසක් නේද ඔයාලටත් ?

      Delete
  64. තෑන්ක් යූ සුභ පැතුමට. වේරහැර පුහුණුව ඉවර කලේ 1975 හේ.
    මෙකුවි එතකොට ඉපදිලත් නැතුව ඇති මන් හිතන්නෙ :-)
    මේ පැත්තට ගොඩ වුනාටත් තෑන්ක් යූ.

    ReplyDelete
    Replies
    1. Both these comments are meant for Mekuwi.

      බ්ලොග් එක පැත්තෙ ගිහින් බැලුව.ලියන්න පටන් ගත්තම කියන්න.

      Delete
    2. අපොඉ 1975 ඉපදිලා නෑ නේන්නම්..අපි 80 දශකේ මුල් භාගේ කට්ටිය :) . අනේ බ්ලොග් එක create උනේ වැරදිලා ඔබා මාමේ.. මට කියවන්න් මිසක් ලියන්න නම් මෙලෝ හැකියාවක් න..හැබය් මේ දවස් වල සාහිත්‍ය පාඩමක් නම් ඉගෙනගන්නවා සූර්යභිනංධ කෙළෙඹි පුත්‍රයාගේ කතාව කියෝලා..

      Delete
    3. ඌ සිංහලෙන් ලියන්න පටන් ගන්න කල් මං මේ බලා ඉන්නෙ :-)

      Delete
    4. @ ඔබා,

      ආන්න බොට හොද උත්තරයක් මං දාලා තියෙනවා, ගොහිං කියෙවුවෙ නැත..??

      Delete
    5. ගිහින් බලන්නං

      Delete
  65. කෝ ඔබා අය්යේ මගේ ඊය වැදුනේ නැතැයි??

    ReplyDelete
    Replies
    1. ඊයෙ පබ්ලිෂ් කරන වෙලාව වෙනකොට ඇවිල්ල තිබ්බ නැති නිසා මන් හිතුව මේ දවස් වල වැඩ වැඩිද දන්නෙනෑ, චිත්‍ර අඳින්න වෙලාව නැතුව ඇද්ද කියල. කොමෙන්ට් එක දැක්ක ගමන් අලුත් චිත්‍රෙ දාල අප්ඩේට් කරලයි කොමෙන්ට් එකට පිළිතුරු ලිව්වෙත්.

      චිත්‍රය නියමයි, ඉස්සෙල්ල එකේ වගේම හොඳට පොඩි ඩීටේල්ස් පවා දාල තියෙනව, බොක්කෙන්ම තෑන්ක් යූ.

      Delete
  66. පල්ලිය පාරෙම තමයි කම්මල ඉන්නේ. ලාඩන් ගහපු කම්මල තිබුන තැන දැන් පරණ යකඩ බඩු කඩයක් : අපේ ගමේ උන එක ගැන ප්‍රීති යි !!!.......ප්‍රීති යි ..!!!!!

    ReplyDelete
  67. මේ පෝස්ට් එකෙත් සමහර විට දන්න කියන අය ඉන්න පුළුවන්...හෙහ්...හෙහ්.. මේ පෝස්ට් එක කොමෙන්ට් එක්කම කියවල බලන්න.සමහර විට දන්න කියන අය සඳහන් වෙලා ඇති

    http://observer-nireekshaka-observer.blogspot.com.au/2012/02/blog-post.html


    පල්ලිය පාරෙ නොම්මර 106 අපි හිටියෙ, තවමත් ආශ්‍රය කරන ගණේගොඩ කියල ෆැමිලි එකක් 106 ට උඩ ගෙදර, ඒ වගේම තාම ආශ්‍රය කරන වික්‍රමාරච්චි කියල ෆැමිලි එකක් පහළ ගෙදර. මේ පෝස්ට් එකත් කොමෙන්ට් එක්කම කියවල බලන්න.සමහර විට දන්න කියන අය සඳහන් වෙලා ඇති

    http://observer-nireekshaka-observer.blogspot.com.au/2011/12/blog-post_27.html

    ReplyDelete
  68. අර බේ බද්දා නිකන්මද එලියට දැම්මේ නැත්නම් දෙකක් දීලාද?.

    50 සුභ පැතුම්.පරිස්සමින් එන්න දෙන්නම.මේ සැරෙත් ඉතිං රටෙන් පිටනේ අවුරුද්දට.

    ReplyDelete
    Replies
    1. පිස්සුද ඩෝප් කාරයන්ට එහෙම ගහන්න හොඳද ?
      සුභ පැතුමට ස්තුතියි

      Delete
  69. 50ට සුභ පැතුම් ඔබා මාමේ...
    අර අන්තිම පේලියේ කතාවක් තිබ්බා ලංගමේ අලුත් ඇන්ජිමක් හයි කරාම ගහපු දැන්වීමක්.. ඒකත් ජොලි.

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට ස්තුතියි.
      'මෙම බස් රථයට එන්ජින් 1000 ක් සවි කර ඇත'

      Delete
  70. ඔබා මාමගේ... (සීයද මන්දා...) බ්ලොග් එකත් මගේ බ්ලොග් රෝලේ තියන්වා... හැම පොස්ට් එකක්ම බලන්ඩත් එනවා... හැබැයි ඉතිං කොමෙන්ට් දාන්ඩ හොරයි...සිංහලෙන් ටයිප් කිරිල්ල හන්දා... ඒ වුණාට 50ට ජය පතන්නේ නැතුව බෑ නේ....හෙහ් හෙහ්....තව 500ක්වත් ලියන්ඩ ඕනෑ!!

    ReplyDelete
  71. දැං නං ඇවිල්ලත් ඇති...

    ReplyDelete
  72. සීය බාගෙට මගේ උණුසුම් සුභ පැතුම් මාමෝ.............

    වෙනද වගේම පොස්ට් එක මරු.......

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ....තෑන්ක් යූ...

      Delete
  73. බීලා බස් එකේ යන එවුන්ට ගහඩ ඕනෙ .. අර මොකද්ද එකෙන්

    සුබම සුබ පැතුම් ඔබා මාමේ !!

    ReplyDelete
    Replies
    1. අපිට එහෙනං බස් වල යන්ඩ හම්බෙන්නෑ.....

      සුභ පැතුමට ස්තුතියි සඳරු

      Delete
  74. අර්ද ශතකයට සුබ පැතුම් ඔබා මාමේ .......අර බේබද්දා දැන් මගේ ළග ඉන්නේ .....උන්දැව දඬු කදේ ගහලා තියෙන්නේ පුජ්‍ය පක්ෂයට අපහස කලාට ...........

    ReplyDelete
  75. අබාධිතයන්ට පමණයි කියන එක ආසාදිතයන්ට පමණයි කියලා ගහපු බස් එකක් තියෙනවා කඩවත කොටුව රූට්‌ එකේ ...

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට තෑන්ක් යූ.

      ආසාදිතයන්ට බස් එක හරිනම් දුවන්න ඕනෙ රාගම ඉඳල කළුබෝවිලට

      සුරායකාගෙ බ්ලොග් එකේ කොමෙන්ට් වල වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කොලා නම් කොමෙන්ට් දාන්න ලේසියි

      Delete
  76. අපොයි ...ඔබ මාමේ ...අර නම් තියන යාලුවෝ ටික බ්ලොග් බලනවද ? ග්....ලුබ් ග්....ලුබ් දෙයියනේ කියල දාන්න හදපු පොස්ට් එකත් නැවැත්තුව ..

    ReplyDelete
    Replies
    1. බයවෙන්ඩ එපා උං බ්ලොග් බලන්නෙ නෑ, ඒකයි මාත් බය නැතුව නම් දැම්මෙ...හෙහ්..හෙහ්..

      Delete
  77. malmadhaaraගෙ විත්‍රය නම් එල. සුභ පැතුම්. පෙනේද ඩ්‍රයිවර්ගෙ කොන්ඩෙ හැටි!! නියම ලංගම ඩ්‍රයිවර් කොන්ඩයක්!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තුති හෙන්රි අය්යේ,
      ඊයක් විද්දා දවස් 3-4 කට ඉස්සෙල්ල ලැබුනද මන්ද? .

      Delete
    2. ස්තුති ඔබා අය්යේ මගේ පින්තුරේ දැම්මට. මම ගැන ආර්ටිකල් එකක් පත්තරේ ගියා වගේ සතුටුයි. දෙන්නත් එක්ක එහෙනම් සතුටින් ගිහින් එන්න. සුබ ගමන් !!!

      Delete
    3. malmadhaara seen eke innawa wage me welaawe

      Delete
  78. ///වාක්‍යය තේරෙන් නැති හින්දද, වෙනස් තේරුමක් එන්න හුරන්න බැරි හින්දද දන්නෙ නෑ. ඔක්කොම දැන්වීම් ඉංග්‍රීසියෙන් විතරක් ගැහුව නම් හූරන්නංගෙන් බේරගන්නත් තිබුන කියල හිතෙනව දැන්නම්.///


    ඔබා මේ වෙඩිමක් කියෝනවා

    ඔය 2500 ධන රින තුමාගෙ ටියුශන් කඩයක් තිබ්බා නෙව SUSEX COLLEGE කියලා ඒ දවස්වල හයි ලෙවල් පාරේ තිබ්බ සයින් බෝඩ් එකේ S අකුරටයි U අකුරටයි කවුදෝ මන්දා හරි ඉලක්කෙටම ගල් පාරක් දීල තිබ්බා.

    සුබ පැතුම් ඔබා මාමේ.......
    සුබ ගමන්..........

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්...ඉංග්‍රීසි නොදන්න එවුනුත් දන්නව ඔය අකුරු තුනයි, අනික රේස් කොලේ කියවන්නයි.

      තෑන්ක් යූ සුභ පැතුමට

      Delete
  79. malmadhaara. කොහෙටද ඊය විද්දෙ? හම්බවුනේ නෑනෙ. යාහූ එකට විද්දනම් බලන්න. ඔන්න ඔබා අය්යා දන්නව.
    මේ පාර පින්තූරෙ ඔය තියෙන්නෙ එලකිරි වගෙ කැප්චර් කරලා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මටත් පින්තුරෙ ආවේ හුඟාක් පරක්කු වෙලා, ඊමේලුත් දැන් ස්නේල් මේල් වෙලාවත්ද ?

      Delete
  80. පරක්කු වුණා... 50ට සුභ පැතුම්..! හෑව් අ ග්‍රේට් වැකේෂන්.!!!

    ReplyDelete
  81. ඔට්ටෙලියාවෙන් මේ දැන් කඩපු ඇපල් ගෙඩියක් අරන් වරෙන් අයියෙ ඕන් !

    ReplyDelete
    Replies
    1. මෙහෙ 'ටුඩේ ටුනයිට්' කියල ප්‍රෝග්‍රෑම් එහෙක ගියා සුපර් මාකට් වල තියෙන ඇපල් සමහර වෙලාවට ගහේ තිබ්බ කාලෙට වැඩිය කාලයක් ශීතකරණ වල තියෙනව කියල, අනික පොලිෂ් එකක් ස්ප්‍රේ කොරනව කියලත්. ඇපල් කෑවත් ලෙල්ල නං කන්න එපා.

      Delete
    2. ඔට්ටේලියාවේ ඇපල් ගැන නම් නොදනිමි. ඒත් සුපර් මාර්කට් එකක වැඩ කල එක්ස්පීරියන්ස් එක හින්ද කියන්නේ, ෆ්‍රිජ් එකේ ඇපල් තියන කාලේ නම් ඇත්තටම වැඩි.

      Delete
  82. ඔන්න ඔබා මාමෙ 50ට මගෙනුත් උණුසුම් සුබපැතුම්....
    නියම කතා පොඩ්ඩ.

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට සහ ඇගයීමට බෙහෙවින් තුති

      Delete
  83. ඔබා මාමට ඊයක් විද්දා.ලැබුණද මන්ද.GMAIL එකට විද්දෙ

    ReplyDelete
  84. "අප රැක දෙන්න සුරිඳුනි කතරගම" කියන එකේ "ප" යන්නයි, "රැ" යන්නේ ඇදයයි මැකිල තියෙනව දැකල නැත්ද? "අරක දෙන්න සුරිඳුනි කතරගම"

    ReplyDelete
  85. @loku Jhon

    //ආ මෙක තමයි එහෙනම් මගෙ "ගැබිණි මාතාවන්ට පමණයි" පොස්ට් එක බලලා බයවුන "පුජ්‍ය පක්ෂයට" පොස්ට් එක. දැන් ඉතින් අඩු "ආබාධිතයන්ට පමණයි" විතරයි ඒකත් කවුරුහරි දායි.

    ඔහොම ලියපු එකක් දිහා බීපු එකෙක් බලලා කිව්වලු, "යකෝ මේ ඔක්කොටම කන්න දෙන්නේ අපි. අපිට සීට් එකක් වෙන් කරල නැත්ද?" කියල

    ReplyDelete
  86. මම නම් ඊයේ දිනයේ ලංකාවට ආවා. ඔන්න 22 එනවා

    ReplyDelete
  87. ඔබ්සර්වර්ට පනහ යි.

    මගෙන් හෘදයාංග ම සුබ පැතුම්!

    ReplyDelete
  88. අයියා පෝස්ට් පනහටත්, උපන්දිනයටත් සුභ පැතුම් !

    ReplyDelete
  89. සුබ උපන්දිනයක් වගේම පොස්ට් පනහටත් සුබ පැතුම්.මේ කොමෙන්ට් ඒක ඉතින් දකින්න කල්පයක් යයිද මන්දා...

    ReplyDelete
  90. ආව් සප්පා... දැන් එහෙනං ලංකාවේ ඇත්තේ....

    ReplyDelete
  91. දැන් නම් ලංකාවේ විවේක සුවයෙන් පසුවෙනවා ඇති... මගෙනුත් හාෆ් සෙන්චරියට සුභ පැතුම් !!!

    ReplyDelete
  92. මිගාර, Xsandar ,විමුක්ති, ඕනයා, මල්යා, යසිරු, මාළුවා , ශානි,
    50 ට සුභ පැතූ සහ කොමෙන්ට් දැමු ඔබ සැමට ස්තුතියි. මගේ දවස යැයි පෝස්ට් එකේ සඳහන් කලේ මගේ උපන් දිනය නිසා නොව අප්‍රියෙල් පළමුවෙනිදා, මෝඩයාගේ දිනය ලෙස සැකෙන නිසයි.

    සෑහෙන පිරිසක් 22 හමුවේ යැයි සිතනවා.

    ReplyDelete
  93. මේ දින වල කොම්පියුටරේ සමග ගත කරන්න වෙලාවක් නැති තරම්, කොමෙන්ට් නොදැම්මත් හැකි විටක පෝස්ට් කියවන්න ට්‍රයි කරනවා.

    ReplyDelete
  94. "ඔබ්සර්වර්ට පනහයි".

    ඔන්න එහෙනම් ඔස්ටින් බස් එකේ පින්තූර එවපු හාදයාගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ලංකාවෙ, කළාතුරකින් තමා බ්ලොග් කියවන්න ඉඩක් ලැබෙන්නෙ.

      ඔබේ සුභපැතුමට බොහොම ස්තුතියි.

      Delete
    2. "ලංගමට පනහයි" පොත ලබා ගැනීමට ඔබට හැකි වුණාද?

      Delete
    3. තාම නෑ අනුරුද්ධ දන්නව නං තියෙන තැනක් ගැන ඔත්තුවක් දෙනවද

      Delete
  95. අයියො ඔබා මලයා ... මම මේක දැක්කේ හුඟක් පරක්කු වෙලානේ....
    දැන් එතකොට 22 නංගියාවත් එක්කං එනව නේද ...? [නංගියා කිව්වෙ මේ ඔබී නංගියා ට ] අපි ඉතින් මුණ ගැහෙමුකෝ ... හෙහ් .. හෙහ් .. [මාත් ට්‍රයි එකක් දුන්නා ඒ විදිහට හිනාවෙන්න]
    මටත් කියන්න තියෙන්නෙ අර ගොඩය කියපු එකම තමයි ... ලිපිය කියවනවට වඩා වෙලා ගියා .. කමෙන්ට් ටික කියව ගන්න.

    ReplyDelete
    Replies
    1. නංගියා කොහොම වෙතත් මල්ලියා නම් එන්න හිතාගෙනමයි ඉන්නෙ...හෙහ්...හෙහ්..හෙහ්..
      මේ දවස් වල බ්ලොග් paththe එන්න වෙලාව බොහොම සීමිතයි, කියෙව්වත් කොමෙන්ට් දාන්න ලැබෙන්නෙ නෑ.

      Delete
  96. ඔබා මහත්තයටත් ඔබී නෝනටත් සුභ අලුත් අව්රුද්දක් වේවා!
    අලුත් අවරුදු අහාර අනුභව නැකත එනකම් බලන් ඉන්න අතරේ තමා මේක කියෙව්වේ.
    අපූරු පොස්ට් එක. හැමදාමත් මිනිස්සු බනින්නේ අලුත් පරම්පරාව නරක් වෙලා කියල, දැන් බලාගෙන යනකොට පරණ පරම්පරාව ඊට හපන් නේ.

    ප.ලි. : හැබෑට 22 වෙනිදා තියෙන්නේ මොකද්ද? මම ටික කාලයක් බ්ලොග් ලෝකෙන් ඈත් වෙලා හිටි නිසා දන්නේ නැහැ.

    ReplyDelete
  97. අවුරුද්දට ලංකාවෙ නේද? ඉරිසියාවෙ බෑ. ඔබා ඇතුළු පවුලේ සියල්ලන්ටම සුබ අළුත් අවුරුද්දක්.

    ReplyDelete
  98. සුපුරුදු පරිදි මාරු ඔබා මාමේ .. මටත් මතකයි අර "මිනිසුන් සදහා ආසන වෙන්කර තබාගෙන යාම තහනම් " කියන එකේ "සදහා ආසන වෙන් "කෑල්ල කපලා තිබ්බා ..!! (මිනිසුන් කරතබාගෙන යාම තහනම් )

    ReplyDelete
  99. දැන් බස්වල ඩ්‍රයිවරයගෙයි, කොන්දොස්තරගෙ නමයි, පිටත්වෙන, ළඟා වෙන වෙලාවලුයි ගහලා තියෙනවා. එක බස් එකක 'කොන්දොස්තර' කියන එක 'කනදොස්තර ' කියලා වෙනස් කරලා තිබුනා.

    ReplyDelete
  100. ලංගමට ආදරේ කරන අය මෙන්න මේ අඩවිවලට ගිහින් බලන්න:

    (මූණු පොතේ CTB ෆෑන් පේජ් එක කරන්නත් අමතක කරන්න එපා)

    http://www.facebook.com/SLTBlk

    http://sltbbus.blogspot.com/

    ReplyDelete
  101. ලංගමට ආදරේ කරන අය මෙන්න මේ අඩවිවලට ගිහින් බලන්න:

    (මූණු පොතේ CTB ෆෑන් පේජ් එක 'like' කරන්නත් අමතක කරන්න එපා)

    http://www.facebook.com/SLTBlk

    http://sltbbus.blogspot.com/

    ReplyDelete
  102. ලංගම ෆෑන්ස්ලාට තවත් එක ලින්ක් එකක් දෙන්නම්:

    http://www.flickr.com/photos/13742148@N03/sets/72157628269974511/

    ReplyDelete