My followers

Tuesday 13 March 2012

Disability Pension

මේ පෝස්ට් එක  තාරක දිල්ශාන් එව්ව ඊයක් නිසා පහළ වුන අදහසක්.. සමහරු නං කලින් අහළ හෝ කියවල ඇති. 

මේක ඇමෙරිකාව හෝ ඔස්ට්‍රේලියාව වගේ රටක සිද්ධ වුන එකක්. මං එහෙම කියන්නෙ අපේ ලංකාවෙ පිං පඩියට වඩා හොඳ ගෙවීමක් වයසක උදවියට ආණ්ඩුවෙන් ගෙවන රටක සිද්ධ වුන සිදුවීමක් කියල පේන නිසා.  

වයස අවරුදු 65 යි මාස 6 පැන්නට පස්සෙ තව දුරටත් රැකියාව කරගෙන ඉන්න බාධාවක් නැති වුනත්  තමන් කැමති නම් විශ්‍රාම යන්න පුළුවන් ඔස්ට්‍රේලියාවෙ. එහෙම විශ්‍රාම ගියාම තනි පුද්ගලයෙකුට මාසෙකට $ 1400 විතර සහ ජෝඩුවක් නං  $ 2100 විතර රජයෙන් ගෙවනව. ඔය මුදලට අමතරව  ඉතාම අඩු මිළකට බෙහෙත් ගන්න අවස්තාව ලබා දෙනව. ඒ වගේම ගෙවල් කුලී ගෙවන්න සෑහෙන මුදලක් එහෙමත් රජයෙන් ගෙවනව. තවත් හුඟාක් පහසුකම් රජයෙන් ලබාදෙනව. ඒවායින් කීපයක් තමා රියදුරු බලපත්‍රයට වාර්ෂිකව ගෙවන ගාන ඉතාම සුළු මුදලක් වීම, වාහන ලියා පදිංචි කිරීමේ ගාස්තුව ඉතාම අඩු වීම.  ඔස්ට්‍රේලියාවෙ  විශ්‍රාම වැටුප් හා අනිත් වරප්‍රසාද ඔක්කොම කැමති කෙනෙකුට බලාගන්න පුළුවන් මෙන්න මේ ලින්ක් එක හරහ ගිහින්.

රියදුරු බලපත්‍රයට ගෙවන සහ වාහන ලියාපදිංචියට ගෙවන අඩු මුදල වැනි වරප්‍රසාද නැති වුනත් අඩුවට බෙහෙත් ලබාගැනීම වගේ වරප්‍රසාද, ගෙවල් කුලී ගෙවන්න සපෝට් එකත් එක්ක 'ඩෝල් ' එක කියල කියන මුදල රජයෙන් ලැබෙනව රස්සාවක් නැති අයට. විස්තර බලා ගන්න පුළුවන් මේ ලින්ක් එකෙන්. ඒ අයට ලැබෙන මුදලත් විශ්‍රාම වැටුපට  සමානයි. හැබැයි එයාල සති දෙකකට සැරයක් ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕනෙ තමන් ඇත්තටම රස්සාවක් හොයනව කියල. රස්සාවල් වලට අයදුම් පත් ඉදිරිපත් කරන්න කොම්පියුටර්, ප්‍රින්ටර්, අන්තර්ජාල, දුරකථන, සහාය ලබා දෙනව  'සෙන්ටර් ලින්ක් ' කියන ඩෝල්, පෙන්ෂන්, එහෙම ගෙවන රජයේ ආයතනෙන්ම.

අනෙක් ලබාදෙන සේවාවල් බොහොමයකට අමතරව  'සෙන්ටර් ලින්ක් ' එකෙන් ලැබෙන සේවාවක් තමයි, ආභාධිතයන්ව බලා කියා ගැනීම. ආභාධිතයාට පෙන්ෂන් එක හෝ ඩෝල් එකට සමාන මුදලක්  සහ පෙන්ෂන් එකට අයත් සියළුම වරප්‍රසාද  ලැබෙනව. අභාධිතයාගෙ බිරිඳට දරුවෙකුට හෝ ආභාධිතය කැමති කෙනෙකුට එයාගෙ උපස්ථායකය [carerer ] වෙන්න පුළුවන්.  එයාටත් ආභාධිතයාට සමානම මුදලක්  සමග සියලු වරප්‍රසාද හිමියි. ඊට අමතරව දෙන්නටම පොදු ප්‍රවාහණ සේවා වල නොමිලේ ගමන් කරන්න බලපත්‍රයකුත් ලැබෙනව. ඒ බලපත්‍රය නම් ප්‍රාන්තයෙන් [state ] ප්‍රාන්තයට වෙනස් වෙනස් වෙන්න පුළුවන්. බටහිර ඔස්ට්‍රේලියාවෙ නං විශ්‍රාමිකයන්ටත් සතියෙ දිනවල උදේ 9 ඉඳල සවස 3.30 වෙනතුරුත්, සෙනසුරාද, ඉරිද සහ අනෙක් නිමාඩු දිනවලත් පොදු ප්‍රවාහණ සේවාවන් නොමිලේ. Disability Pension එක ගැන විස්තර මෙතනින් බලාගන්න පුළුවන්. බටහිර ඔස්ට්‍රේලියාවෙ පොදු ප්‍රවාහණ සේවාවන් ක්‍රියාත්මක වෙන්නෙ රජයෙන්. ඒ සේවාවන්  ගැන විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්. 


විශ්‍රාමිකයෙක් වෙලා, විශ්‍රාම දීමනාව ලබා ගන්න යම්කිසි වයස් සීමාවක් පන්නල තියෙන්න ඕනෙ වුනාට, මානසික හෝ ශාරීරික වශයෙන් ආභාධිතයෙකුට එහෙම වයස් සීමාවක් නැති බව ඔය ලින්ක් වලින් අදාළ තැන් වලට ගිහින් බැලුවම පැහැදිලිව දකින්න ලැබෙයි. එහෙම ගිහින් බලන්න අකමැති අය මගෙ වචනෙ පිළිගන්න, ඔබා කවදාවත් පාඨකයො රවටල නෑනෙ ගජබින්න අතෑරල  :-))


තමන්ගේ වයස හරි ගියාම තව දුරටත් වැඩ කරන්න ඕනෙ නෑ, විශ්‍රාම සුවයෙන් තමන්ගෙ ජීවිතේ සැන්දෑ සමය ගත කරනව කියල තීරණේ කරන කෙනෙක් ගන්න ඕනෙ පියවරක් තියෙනව. තමන්ගෙ  වයස මෙපමණයි කියල ඔප්පු කල හැකි ලියකියවිලි අරගෙන 'සෙන්ටර් ලින්ක් ' එකට ගිහින් ලියා පදිංචි වෙන්න ඕනෙ. ඊට පස්සෙ සති දෙකකට සැරයක් තමන් නම් කරන බැංකු ගිණුමකට, කිසිම ප්‍රශ්නයක් නැතුව තමන්ගෙ පෙන්ෂන් දීමනාව බැර වෙනව. කොහෙවත් රස්තියාදු වෙන්න, කටේ කෙළ හිඳෙන කම් මුද්දර අලවන්න, අත වෙව්ල වෙව්ල අස්සන් ගහන්න, අවශ්‍යතාවයක් නෑ. තව එකක් මතක් වුනා ඒකත් කියන්නම ඕනෙ. සති දෙකකට සැරයක් දීමනාව ලැබෙන කොට අව්රුද්දකට  මාස 13 ක් පඩි. ඇයි ඉතින් අව්රුද්දට සති 52 ක් තියෙනවනෙ, නරක නෑ නේද ?


දැන් තමා තාරක එවපු ඊමේල් එකේ තිබ්බ කතාව. තමන්ට විශ්‍රාම ගන්න පුළුවන් වයසත් පන්නල කාලයක් වැඩ කරපු කෙනෙක්, අපේ ප්‍රධාන චරිතය. වැඩ කරගෙන ගියාට මෙයාට තේරෙන්න පටන් ගත්තලු, තමන්ගෙ මතක ශක්තිය එහෙම දැන්, දැන්, දුර්වල වේගන එනව කියල. ඉතින් තමන්ගෙ බිරිඳත් එක්ක සාකච්චාවක් එහෙම දාල තීරණේ කෙරුවලු විශ්‍රාම යන්න. තීරණේ ගැන වැඩ කරන තැනට දන්නුවම, ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගැනුන විතරක් නෙමේ, මෙතෙක් කල් කල සේවය වෙනුවෙන් ආයතනෙන් රත්තරන් ඔරලෝසුවක් එහෙමත් තෑගි ලැබුනලු. ඒ අතරෙ එකට වැඩ කරපු කට්ටිය අන්තිම දවසෙ හවස මෙයාව පබ් එකට එක්ක ගිහින් ග්‍රෑන්ඩ් විධියට 'සෙන්ඩ් ඕෆ් ' පාටියකුත් දුන්නලු.


පහුවෙනිද උදේම අපේ මිත්‍රය ගිහින් තියෙනව 'සෙන්ටර් ලින්ක් ' කන්තෝරුවට. ගිහින් ආපු කාරණේ කිව්වලු රිසෙප්ෂන් එකේ හිටපු හුරතල් දැරිවිට. ඒ දැරිවිත් නම, ලිපිනය, උපන් දිනේ, ආදී විස්තර අහල අපේ යාළුවා වෙනුවෙන් ෆෝම් කොලේකුත් පුරවන ගමන් ඉල්ලුවලු ඩ්‍රයිවින් ලයිසම, උප්පැන්න සහතිකේ, වගේ උපන් දිනේ සනාථ කරන ලියවිලි.


මන් අර කලිනුත් කිව්ව වගේ අපේ මිත්‍රයා රැකියාවෙන් අයින් වෙන්න ප්‍රධාන හේතුවක් වුනෙත් මතක ශක්තිය ටිකෙන් ටික අඩු වේගන යන බව එයාටම තේරුණ හන්දනෙ. මේ දවසෙත් මෙයාට ලියකියවිලි අරන් යන්න මතක් වෙලා නෑ. රිසෙප්ෂන් දැරිවිට මෙයා කිව්වලු, ගෙදර ගිහින්  ලියකියවිලි අරන් ආපහු එන්නන් කියල. ඒ දැරිවි හිනාවෙලා කිව්වලු නෑ ඕන නෑ, කමිසෙ උඩ බොත්තම් ටික ගලවන්න කියල. අපේ යාලුවට ඒ ඉල්ලීම තේරුන් ගියෙ නැතත්, ඕන දෙයක් කියල කමිසෙ උඩම බොත්තම් තුන හතර ගැලෙව්වලු. 


යාළුවගෙ පපුවෙ සුදු වෙච්ච මයිල් ගස් දිහා බලල කෙල්ල කිව්වලු ' සර් කිව්ව වයස ඇත්ත කියල මට හිතා ගන්න පුළුවන්, මන් අදම පෙන්ෂන් එක හදන්නම්, ආයෙ දවසක ටවුම පැත්තෙ එනකොට, ලියවිලි ටික අරන් එන්න'  කියල. මිනිහත් ඉතින් සන්තෝෂෙන් ගෙදර ගිහින් බිරිඳට කිව්වලු විස්තරේ.

විස්තරේ අහන හිටපු නෝන, මොකද්ද දන්නවද අපේ යාලුවට කියල තියෙන්නෙ ?
'තව අවුරුදු 20 කට ඉස්සර ඔයාට ඩිසේබිලිටි පෙන්ෂන් එක ගන්න තිබ්බ, කලිසමේ සිප් එක ඇරල පෙන්නුව නං'


87 comments:

  1. හේ හේ ..... ඔබා අයියා හරි දක්ෂයි ..එයට උන දේවල් අනුන්ට වුනා වගේ කියන්න....

    මොනවා උනත් ඔබා අයියා කියන දේ ඇත්ත ... ගොඩක් යුරෝපේ රටවල් වලත් මේ වගේ මිනිස්සුන්ට සුභ සාධන වැඩ තියෙනවා, හැබැයි ඒවා ලැබෙන්නේ සුදුසු අයට විතරයි, අපේ ඕන එකයි එපා එකයි ඔක්කොම සහනාධාර දීල .. ඇත්තටම වෙන්න ඕන දේ නොකරන එක ...

    ReplyDelete
  2. අනේ ඔබා මාමගේ වයසටද කියන කතා. හැබැයි ඉහින් වයසට මතක් වෙන කතා නෙ. හෙහ්:

    ReplyDelete
  3. අපි රහස් පොලිසියෙ හරිද? කිව්වා වගේ කතාවක්නෙ මේකත්

    ReplyDelete
  4. ඔබා මාම පෙන්සන් ගත්තද? :-D

    ReplyDelete
    Replies
    1. ගත්තානම් ගත්තේ මොකක් පෙන්නලාද? :D

      Delete
  5. "තව අවුරුදු 20 කට ඉස්සර" නෙමෙයි මීට අවුරුදු 20කට ඉස්සර නේද? ඔබා මාමෙ...

    හපොයි එකපාරටම ලෝඩ් වෙන පින්තූරෙ..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  6. ෆට්ට රටක් නේ.. කතාවට වඩා හිත ගියේ උඩ විස්තර වලට...

    ReplyDelete
  7. ඔබාගෙත් සිප් එක ඇරල බැලුවනම් පැන්ෂන් යවන්න තිබ්බ...

    ReplyDelete
  8. දැන් ඔබා මාම පැන්ෂන් එක අරං අවුරුදු කීයක් වෙනවද?

    ReplyDelete
  9. මම නම් ටියුබ් ලයිට්ද කොහෙද?

    ReplyDelete
  10. දැන් අර රත්තරන් ඔරලෝසුවට මොකද කලේ..?

    ReplyDelete
  11. @මාරයා,
    මාරය දැන් කමෙන්ට් දාන එක විතරද කරන්නෙ...?

    ReplyDelete
  12. සුපිරිම කතාවක් ඔබා මාමේ එලම තමයි හි හි දැන් ඔබා මාමා පෙන්ෂන් එක ගන්න ඉන්නේ මොකක් පෙන්නලද කියලා මට හිතාගත්තෑකි හි හි කට්ටියව කලින්ම දැනුවත් කරලා වගේ

    ReplyDelete
  13. අඩේ මම හිතන් උන්නේ ඔබා මාම රස්සව කොරනව කියලනේ තාම... එහෙනම් පැන්ශන් එකත් ගත්ත අහ්... හික් හික්

    ඇයි ඔබා මාමේ සුපර් ඇනුවේශන් එකේ සල්ලි... කොහොමද කුට්ටියක් එද්දි අතට

    ReplyDelete
  14. මමත් ඉතිං වැඩගත් කතාවක් නේ කියලා උඩ ඉදං කියෙව්වා සික්.......

    ReplyDelete
  15. මට හිතුනු දෙවල් ඔක්කොම ලිව්වෙ නෑ. ඒත් අර කෙල්ල අංකල් කියලා කතා කලාද අර මනුස්සයට ඇත්තටම?

    අර කියලා තියෙන විස්තරේ දැක්කම පුදුම ආත්මානුකම්පාවක් පහල වෙනවා අපි ගැන.

    මම හිතන්නෙ අර කිව්ව වැඩේ කලානම් තව අවුරුදු 20 ට පෙන්ෂන් ගන්න බැරුව යන්නත් ඉඩ තිබ්බ.

    henryblogwalker the Dude

    ReplyDelete
  16. පට්ට අර දැණුවත් කිරීම් නම් සුපිරියි. වාර්ථා කාරයකුට වඩා ලස්සනට ලියලා තියෙනවා..

    ReplyDelete
  17. හේග් හේග් හේග්... එක කියපු වෙලාවේ ඒ මනුස්සයට මොන විදිහේ මානසිකත්වයක් ඇතිවෙන්න ඇත්ද ? ශිකේ පව් අෆ්ෆා

    ReplyDelete
  18. කතාවටත් වඩා හිත ගියේ අර පෙන්ෂන් ගන්න අයට ලැබෙන වරප්‍රසාද ගැන අහල. මෙච්චර කල් හිතාගෙන උන්නෙ මෙහෙ තමයි හරි හරි වැඩ තියෙන්නෙ කියලනෙ. පුදුම ‍රැවටිල්ලක් නෙව ‍රැවටිලා තියෙන්නෙ. හෙහ් ....

    ReplyDelete
  19. අනේ මේ පෙන්ෂන් පොරවල් වලට ලැබෙන වරප්‍රසාද ඇහුවම අපිටත් පෙන්ෂන් යන්න හිතෙනව! :D :D

    ReplyDelete
    Replies
    1. කොහෙද මෙහෙද..!!?? උඹට හම්බවෙයි ලොකුවයින් ලබ්බක්, මේ කැමරන් උන්නැහැ බජට් කපන විදියට.. :D

      Delete
    2. අපෝ මෙහෙ ලබ්බක් වත් හම්බුනොත් හොඳයි බං!! මම කිව්වෙ එහේ! එහේ! :D :D

      Delete
  20. හිටුකෝ මාත් වයසට ගිහින් යනවා ඔස්ට්‍රලියාවට ..!! අයි යකෝ මෙහෙ ආතල් දෙනවා නම් මාරු නේ ..!! (අර දැරිවි බෝත්තන් ටික ගලවලා නිකන් ඉන්න ඇති නේ .. සික් අපරාදේ හොදම හරිය නැහැ නේ
    )

    ReplyDelete
  21. ඔය කවුරු මොනව කිව්වත් මම නම් දන්නව ඔබා මාම ගෙ සිප් එක ඇරල බැලුව නම් දැන් දෙන පැන්ශන් එකත් කැන්සල් කරල වැඩට යන්න කියනව...ඔබා ලියන මේ පොස්ට් දැක්කම අර දැරිවි කිව්ව වගේ මට මේක සහතිකෙටම කියන්න පුලුවන්...

    ReplyDelete
  22. අඩේ ඔබ්සර්වර් මාමා බ්ලොග් එකක් ලියනවා.. අදමයි මේ පැත්තේ ආවේ.. ජයවේවා...

    ReplyDelete
  23. ඔබා මාමාටත් පෙන්සොන් එක ගන්න කාලේ හරි වෙන්නැති.. ලංකාවේ තාලෙට සරමක් ඇඳන් ගියානං වැඩේ ලේසි වෙයි..

    ReplyDelete
  24. පට්ට පට පට.. තාම හිනා ඔබා මාමේ.. ඒත් ෂොට් එකටම ඔබා නැන්දා ඕක කියන්නෙ නැතිව ඇති. මාම වැඩ කාරයා නොවැ..

    ReplyDelete
    Replies
    1. අප්පද බොල කලින් පෝස්ට් එකේ මගෙ කමෙන්ට් එකට දාපු රිප්ලයි එක දැන් දැක්කේ...

      ඒ කියපු අප්ඩේට් එකද මේ.. :-ඩී

      Delete
  25. පැන්ඩා හරි.ඔබා මාමාට තව අවුරුදු 20කටවත් පැන්සොන් දෙන්නේ නැහැ..

    ReplyDelete
  26. මට මේ කතාව මතක් වුනා පෝස්ට් එක කියවලා. එක පාරක් යාඥාවෙන් රෝග සුව කරන කෙනෙක් රේඩියෝ එකෙන් එහෙම කරන කාලයක් තිබ්බලු. තමන්ට තියෙන්නෙ ඒ වෙලාවට රේඩියෝ එක දාලා එක අතක් රේඩියෝ එකටයි අනිත් අත තමන්ගෙ රෝගී අවයවයටයි තියාගෙන අහගෙන ඉන්න එකලු. ඉතින් ඔය විදියට බීරන්ට ඇහෙන්න ගත්තලු, අන්ධයො පෙනුම ලැබුවලු, කොරු ඇවිද්දලු. යනාදී වශයෙන්.

    ඉතින් ඔබා අයියා කියන ඔය පොරත් දවසක් මේ වැඩසටහන අහන්න සෙට් වෙලා. යාඥාව යනකොට අත තියාගත්තලු රේඩියෝ එකට අනිත් අතින් අර අවයවය (Family Jewels, in your own words) අල්ලාගෙන ඉන්නවලු.
    මේක දැකපු බිරින්දෑ කියනවලු. (Honey, he said he is healing the sick. Not waking the the dead!) එයා කිව්වෙ රෝගීන් සුවපත් කරනවා කියලා මිසක් මලවුන්ට පණ දෙනවා කියලා නෙවෙයි.

    henryblogwalker the Dude

    ReplyDelete
  27. Replies
    1. අයියා , උඩ තියෙන කොමෙන්ටු වල හැටියට නම් ඔබා කෙසේ වෙතත් ඔබාගේ කොබා නම් තාම පැන්ෂන් නැහැ වගේ......

      අහින්සක.

      Delete
  28. යාලුවගේ නෝනාගේ කතාව ආදර්ශයට ගත්ත ඔබා ඒදාම "සෙන්ටර් ලින්ක්" ගියාලු......

    ReplyDelete
  29. ඔබා මාමාගේ පැන්ශන් කාලේ හරිද මේ තරම්ම මේ විස්තර දන්නේ??

    ReplyDelete
  30. ඔස්ට්‍රේලියාව එක්ක බලද්දී ලංකාව මොකක්ද කියලා හිතෙනවා

    ReplyDelete
  31. ඔබා මාමේ මාව දරුකමට හදාගන්නකෝ...

    ReplyDelete
    Replies
    1. අනේ සුදු නංගි මං ඔයාව දරුකමට හදා ගන්නද?

      Delete
    2. මාල්යා,
      ඔයා ලිස්ට් එකේ ඉන්න . . මමයි මාරයයි ඉන්නව ඔයාට කලින්ම ලිස්ට් එකේ. බුද්ධියත් ඉල්ලුම් කලා ඔයාට කලිං

      Delete
  32. පැන්සන් සුවය විඳින් ගමන් . තමන්ට ඒ කාලේ වෙච්ච සිදුවීම් ටිකත් ලියන එක ගොඩක් හොඳයි ඔබා මාමේ . අමතක වෙන අවුලකුත් තියන එකේ ඕවා ලියා දාන එක තමා සුදුසුම දේ .

    ReplyDelete
  33. සති
    දෙකකට සැරයක් දීමනාව ලැබෙන
    කොට අව්රුද්දකට මාස 13 ක් පඩි.
    ඇයි ඉතින් අව්රුද්දට සති 52 ක්
    තියෙනවනෙ,

    ඕන් ඔය ටික මට බට ලයිට් වගේ
    මංඤ්ඥ වෙලා ගියා
    තව පොඩ්ඩක් සරලව තේරුමි කරලා දෙන්න බැරිද ඔබා මාමේ

    ReplyDelete
    Replies
    1. සති 2 X 26 = 52 = 1 අව්රුද්ද
      52 / 4 = 13

      Delete
  34. අමතක වෙන්න කලින් අනිත් ඔබා ස්ටොරිස්‌ ටිකත් ලියල තිබ්බ නම් හොද නැද්ද මං ඇහෙන්නේ..

    ReplyDelete
  35. අලේ..මට අමතකයිනෙ අර අමතක වෙන ලෙඩේ ට කියන නම...

    ReplyDelete
  36. හරි හුරුබුහුටි නෝන මහත්තයෙක් නේ ඔබා මාමෙ.....

    ReplyDelete
  37. උඩ පිංතූරෙ දැක්ක ගමන් මම හිතුවේ ඔබතුමාත් , මං වගේම ,“ලෙඩ“ දාන්න පටන් අරගෙන කියල ..බැලින්නං තවත් රස කතාවක්නේ

    ReplyDelete
  38. අම්මප ඔබා මලයා ...
    මටත් බැරිවෙයිද ඔහෙ ඉන්න මොකෙක් හරි ආබාධිතයෙක් ගෙ සපෝටරයෙක් වෙන්න ...?

    ReplyDelete
  39. ඔබා මාමා නම් තාම පැන්සොන් ගිහින් නෑ වගේ නේ,,,ඇත්තටම මට නම් හිතෙන්නේ නෑ ඔය වෑන් ඩෑම් වගේ ශරීරය බලද්දී

    ReplyDelete
  40. එතකොට පපුවෙ මයිල් නැති කට්ට්යගේ බලන්නේ කොහේද..

    ReplyDelete
    Replies
    1. ඇයි බොල ඔලුවෙ කෙස් තියෙන්නේ බලන්න. එහෙමත් නැත්තන් කලිසමේ සිප් ඇරියනන් ඒත් හරි...

      Delete
  41. ඔබා මාමේ ඇත්තටම පෙන්ශන් අරගත්තේ කොයි කාලෙද? හෙහ් හෙහ්

    ReplyDelete
  42. මාමා............... මාමා තමයි මාමා!

    ReplyDelete
  43. සිහින් හාස්‍යයක් තිබුණට සිරා කතාව ඔබා මාමෙ.........

    ReplyDelete
  44. ඔව් ඔව් මට මතකයි කලිනුත් ඔය අමතක වෙන කතාවක් කිව්වා.

    ReplyDelete
  45. කතාවෙ සාරය ගනිල්ලා.....!! ඔබා අයියට වෙච්ච දෙයක් කියලා සිඟිති ආතල් ගන්නෙ නැතුව....
    හැබැයි ඔබා අයියටත් ඕවා හොඳ පාඩම්....

    ReplyDelete
  46. අවයවෙත් එක්ක වයස බලද්දි,ලොංහැලිල තිබුනනං?

    ReplyDelete
  47. කුනුහරුපයක් කියන්න තාරකවගාව ගත්ත එකනෙ වැරැද්ද

    ReplyDelete
  48. ඉස්සෙල්ලම කියන්නං උඩකෑල්ල ගැන- අන්න ආශ්චර්යමත් රටවල්.
    ඔබා ගැන- පැන්සන් යනව කියල අඩුගානෙ බ්ලොග් අවකාශෙ අපිට කියන්න තිබුන. මොකෝ අතින් වියදං වෙනවයැ.

    ReplyDelete
  49. ශා............ පෙන්ශන් යන්න ඔසී එන්න බැරි වෙයිද දන්නෙ නෑ... :))

    ReplyDelete
    Replies
    1. ඇයි මොකක් ගලවලා පෙන්නන්නද ?

      Delete
  50. මේ මනුස්සය දාඩිය මහන්සියෙන් අමාරුවෙන් මතක් කරන් අපිට කියවන්න කියල ලියන කතා කියවල බොලා හිතන හැටිනම් ... ෂික් විතරක්.. මාම ලියන්න මාමේ.. අපිට ඔය රටට එන විදියත් එක්කම..

    ReplyDelete
  51. අපි වයසට යනකොටවත් ලංකාව ඒ වගේ දියුණුවක් වුනොත් සැදෑ සුවය ලෙසටම ගතකරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ලංකාවෙන් ඇහෙන දේවල් බැලුවාම මට නම් හිතෙන්නේ දැනටම ලංකාව ඒ දියුණුව ලබලා කියලා :D :D

      Delete
  52. මට නම් ඕක ගන්න වෙන්නෙ නෑ හැබැයි!
    පපුවේ මයිල් ගහක්වත් නෑනේ!:P :D

    ReplyDelete
    Replies
    1. එන්න සුදෝ මගේ ලඟට ..

      මම ලොල්ලා

      Delete
  53. ඔබා මාම කිව්ව දේ ඇත්ත. වැඩිහිටි අයට මෙහෙ හොඳට සලකනවා. සමහර ආච්චිලා සීයල හරිම කඩිසරයි. බැරි මරගාතේ හරි හිමීට හිමීට හරි තමන්ගේ වැඩ තමන්ම කරගන්න හදන්නේ ...

    ReplyDelete
  54. ලංකාවෙ වයසක උදවියට නං ලේසියකට පැන්ශන් ගන්න වෙන්නෙ නෑ. අපේ එවුන්ගෙ අත පය පණ නැති උනත් මල්ලි යහතින්.

    ReplyDelete
  55. අර අන්තිම සුට්ට අහගන්න වුනේ ඔබා මාමටද මන්දා...

    ReplyDelete
  56. එතකොට.... ඇන්ටිලා පැන්ෂන් ගන්න ගියාම.................??...

    ReplyDelete
    Replies
    1. අන්න පොයින්ට් එක. එත කොට හුරුබුහුටි කොල්ලෙක් ඉඳලා කියනවා ඇන්ටිලාට හැට්ටේ බුරුල් කරලා පෙන්නන්න කියලා..

      Delete
  57. චිකේ ගෙදර එක්කෙනා රෙදි ගලෝලනේ.....වස ලැජ්ජාව....

    ReplyDelete
  58. අර පින්තූරේ නම් කැතයිනේ...ඔයිට වඩා හොඳ එකක් හොයාගන්ට තිබුනේ නැද්ද? :D:D:D

    ReplyDelete
    Replies
    1. රුපෙන් වැදගත් කම මනින්න එපා මෙයා...

      Delete
  59. දැන් ඔය කථාව ඔබාට කිව්වේ ඔබීද? ඇත්තටම ඔබාට වුනු වැඩ වෙනත් කෙනෙකුට වුනා වගේ කියන්න මාර දස්සයි නේද?

    ReplyDelete
  60. ඒ කියන්නෙ ඔබා මාමේ උඩ තට්ටුවට කළිං යට තට්ටුව වයසට යනවද????අපිනං තාම දන්නෙ නැති හින්දා මේ දන්න කෙනෙක්ගෙන් අහන්නෙ....

    ReplyDelete
  61. මන් බැලුව විද්‍යා පාඩමක් වත්ද කියලා

    ReplyDelete
  62. පැන්ශන් යන අයට මෙච්චර පහසුකම් දෙන්නෙ කොහොමද?
    නෑ මම ඇහුවෙ මේ වෙගේ දේවල් කරන්න රජයට ගොඩක් සල්ලි ඕන නිසා)

    ReplyDelete
  63. සමහර කොටස් තේරුනේ නැහැනේ

    ReplyDelete
  64. අප්පා.. හොදි ඕන නැහැනේ :O

    ReplyDelete
  65. @Bindi විද්‍යා පාඩමක් නොවෙයි විජ්ජා පාඩමක්. ඔබාට කොයි දුව ළඟ හිටියත් රජ සැප. ජෝඩු තුනටම ජය!!!

    ReplyDelete
    Replies
    1. අර රූපේ ඒ හැටි විජ්ජාවක් නැහැ හරි හැටි අඳුරා ගත්තහම

      Delete
  66. මාර වැල සයිට් එකක්නෙ මේක :-D

    ReplyDelete
  67. මේ කතාව මම අන්තිම පේළියට ලියල තියෙනව. මම කියන්නෙ නෑ ඔබා මගෙන් කොපි කලා කියල. මොකද මේක මමත් කොපි කළ එකක් නිසා.
    http://www.thelastrow.net/2010/10/%E0%B7%83%E0%B7%9D%E0%B7%82%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%99%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%A7%E0%B7%92/

    ReplyDelete
  68. ඔබා මාමේ ඔයා කොහේදෝ?ඔබී නැන්දා මෙහෙ එන්න එපා කිව්වදෝ ??

    ReplyDelete
  69. අපුරුයි ඔබාගෙ අලුත්ම ලියන කලාව. කුණුහබ්බ හංගලා දෙනවා. කෙල්ලොත් රසකර කර කියවනවා.. හෆොයි..

    ReplyDelete