My followers

Monday 13 February 2012

Living together [final episode]

ඕස්ට්‍රේලියන් ආණ්ඩුව වෙසක් දවස රෙකග්නයිස් කරල තිබ්බට, වෙසක් හෝ පසළොස්වක දවස, මෙහෙ නිමාඩු දවසක් නෙමේ. ඔබී හැම පසළොස්වකටම සිල් ගන්නව. මෙහෙ සිල් දවස හැබැයි හරියටම පෝය දවස වෙන්නෙ කළාතුරකින්. පර්ත් පන්සලේ සිල් දවස, පසළොස්වක පෝය දවසට කිට්ටුම සෙනසුරාද. වෙසක්, පොසොන්, වගේ දවස් වල 60-70 දෙනෙක් සිල් ගත්තට සාමාන්යෙන් පෝය දවසකට සිල් ගන්න උදවිය ඉන්නෙ 25-30 ක් විතර කියලයි ඔබී කියන්නෙ. 

ඔබී කරන සමාජ සේවාවන් අතුරෙන් එකක්, නාකි ඔබීටයි මටයි, දුව පුතා, කියන වයසෙ කීප දෙනෙකුට සිල් ගන්න පන්සලට යන්න ට්‍රාන්ස්පෝට් සපයන එක.  කව්රුවත් නැති වෙලාවෙ, ඔබා බ්ලොගක් කියෝගෙන සන්තෝශෙන් ඉන්න අතරෙ පහුගිය සෙනසුරාද ඔබී සිල් මුදවල ගෙදර ආවෙ, අර කිව්ව ඇන්ටි කෙනෙක් සහ අපේ කතා නායක මනෝජ් සමග.

තමන්ගේ මුළු සබ්බ සකලමනාවම, තඩි  'බැක් පැක් ' බෑග් එකක අහුරල කරේ එල්ලගෙන යන දේශ සංචාරකයො ඔයාල දැකල ඇතිනෙ. ඒ වගේ සංචාරකයො බොහොම අඩු වියදමින්, තමන් යන රටවල කුලී වැඩ වගේ පොඩි රස්සාවල් හෙම කරමින් තමන්ගෙ දේශාඨන වල යෙදෙන්නෙ. 'බැක් පැකින් ටුවරිස්ට් ' කට්ටියට තරු හෝටල් වල නවතින්න තරං සල්ලි නෑ. [සල්ලි තිබුනත්, මේ අත්දැකීම් ලබා ගන්නම බැක් පැකර්ස් හැටියට සංචාරය   කරන අයත් ඉන්නවලු] එහෙම ටුවරිස්ට්ලට නවතින්න හුඟාක් රටවල 'බැක් පැකර්ස් හොස්ටල් ' කියල නවාතැන් පොළවල්  වර්ගයක් තියෙනව.  ඒවයෙ සමහර වෙලාවට කාමර හෝ විශාල ශාලා වල නිදාගන්න පහසුකම්, පොදු වැසිකිලි, පොදු නාන කාමර, පොදු රුපවාහිනී එහෙම තියෙන්නෙ. හැබැයි අය කරන මුදල හුඟාක් අඩුයි. පළමු වතාවට පර්ත් ආව මනෝජ්, පර්ත් නගර මධ්‍යයට කි.මී. දෙකක් වගේ දුරකින් 'ක්ලේස්බ්රූක් ' කියන හරියෙ තියෙන බැක් පැකර්ස් හොස්ටල් එකක් තමන්ගෙ තාවකාලික නවාතැන හැටියට තෝරගෙන තියෙන්නෙ.



නවාතැනක් හොයා ගත්ත මනෝජ්ට, තමන්ගෙ ක්ෂේස්ත්‍රයෙ  රැකියාවක්  හොයා ගන්නත් ගතවුනේ දින කීපයයි.  රැකියාව නිසා ස්තිර නවාතැනක් හොයා ගන්න එක  සති අන්තෙට  කල්දාන්න සිද්ධ වූනා. මනෝජ් රැකියාවට ගිය පළවෙනි සතියෙම  ' ඕස්ට්‍රේලියා ඩේ ' කියල ජාතික නිමාඩු දිනයක්  යෙදුන. 

'ඕස්ට්‍රේලියා ඩේකියන්නෙ, ඒ කාලෙ 'නිව් හොලන්ඩ්' නැත්තං 'නව ඕලන්දය' නමින්  හැඳින්වුන  ඔස්ට්‍රේලියාවට,  එංගලන්තෙ ' ෆස්ට් ෆ්ලීට් ' කියන  නැව් 11 කින් යුක්ත නැව් සමුහයක්  1780 ගණන් වල   නිලධාරීන්  හිර කාරයෝ, ඇතුළු පිරිසක්  රැගෙන ගොඩ බැස්ස දවස සැමරීම සඳහා වෙන්වුන දිනය.
[ලින්ක් වලින් ගිහිං, ඉතිහාසෙ ගැන උනන්දුවක් තියෙන අයට විස්තර කියවල බැලියෑකි] ජනවාරි 26 වෙනිදට යෙදෙන 'ඕස්ට්‍රේලියා ඩේ' එකට ඕස්ට්‍රේලියාවෙ  හැම ප්‍රධාන වගේම උප නගරෙම අලංකාර ගිනිකෙළි සංදර්ශන පැවැත්වෙනව.


සමහර ඕස්ට්‍රේලියන් ගෑල්ලමයි ගිනිකෙළි බලන්න එන්නෙ මෙන්න මේ විධියට.
ජනවාරි 26 වෙනිද රෑ 8.30 ට පර්ත් නගරෙ පැවැත්වෙන  ගිනිකෙළි සංදර්ශනේ මල් වෙඩි අහසට යවන්නෙ, 'ස්වෝන් ගඟේ '  ඒ සඳහාම එදාට නැංගුරම් දාල තියෙන පාරු විශේෂයක ඉඳල. එදාට ගඟ ඉවුරෙ තියෙන 'එස්ප්ලනාඩ්' කියන විශාල පිට්ටනියෙ, කඳු මුදුනක පිහිටල තියෙන 'කින්ස් පාක්' උද්‍යානෙ ඒ වගේම 'සවුත් පර්ත් ෆෝ ශෝ' කියන ස්ථාන වල සෙනග පිරෙන්නෙ මධ්‍යාන කාලෙ ඉඳල. නිමාඩු දවසෙ අපේ කථා නායකයත් මල් වෙඩි බැලුවලු  'එස්ප්ලනාඩ්' පිට්ටනියෙ ඉඳල. මල් වෙඩි නරඹද්දි මිතුරු වුන ඕස්ට්‍රේලියන් ජාතිකයො කීප දෙනෙක් එක්ක කථා බහ  කරමිනුත් හිටියලු. එයාල දුන්නු බියර් ස්ටබියකුත් බිව්වලු. ඇහැරුනේ පහුවෙනිද උදේලු. ඇහැරෙනකොට  හිස්  මුදල් පසුම්බිය ඇඟට යට වෙලා තිබුනලු.

මනෝජ් පොලිසියට ගිහිං පැමිණිල්ලකුත් දාල, හොස්ටල් එකේ මැනේජර්ටත්  වෙච්ච දේ කියල එදා වැඩට ගියාලු. මනෝජ් කියන විදියට මැනේජර්ට එයා පොරොන්දු  වුනාලු, ඊළඟ සිකුරාද පඩි ලැබුනම හිඟ මුදලුත් එක්ක ගාස්තු ගෙවන්න. මනෝජ් නවාතැන් ගාස්තු ගෙවල තිබිල තියෙන්නෙ, පහුවුන අඟහරුවාදා වෙනකම්  විතරයි. බදාද වැඩ ඇරිල එනකොට මැනේජර් හිටියේ නැතිලු. බ්‍රහස්පතින්දා මල් වෙඩි  බලන්න යන්න ඉස්සෙල්ල මුදල් ගෙවන්න බලනකොටත් මැනේජර් ඉඳල නෑ. 

මනෝජ් සිකුරාද වැඩ ඇරිල එනකොට, කාමරේ තිබිච්ච බෑග් සහ අනෙත් අඩුම කුඩුම එලියට දාල ක්ලීනර්ල  දෙන්නෙක්  කාමරේ ක්ලීන් කරනවලු. එදා ඩියුටි හිටියෙ වෙනස්  මැනේජර් කෙනෙක්ලු. එයා කිව්වලු දවස් තුනකින් ගාස්තු ගෙවල නැති නිසා,  ඒක තමා  නීතිය කියල. මනෝජ් පොලිසියට කතා කරනව කිව්වම,  මනේජර්ම කථා කරලා පොලිසියෙන් ගෙන්නුවලු. පොලිසියෙන් ආපු දෙන්නත් මනෝජ්ට කියල තියෙන්නෙ           කරන්න දෙයක් නෑ, ගාස්තු ගෙවල නැත්තං කියල.



මනෝජ් එදා රෑ එළි වෙනකම් ගත කරල තියෙන්නෙ, පර්ත් නගරෙ බැංකුවක් උඩ. නිදා ගත්තෙ නැතිලු, නින්ද ගියොත් බෑග් දෙක නැතිවෙයි කියල. අතේ සල්ලි නැති වෙලාවෙ ඇඳුම් ටිකත් නැති වුනොත් ගොනා ඇන්න මනුස්සය ගහෙන් වැටුනටත් වඩා හපන් වෙනවනෙ.

අඳුනන කව්රුවත් නැතුව, අතේ සල්ලිත් නැතුව, පර්ත් නගරෙ අතරමං වුන මනෝජ්ට හම්බ වෙලා  තියෙනව, පර්ත් දුම්රිය ස්ථානයේ  වැඩ කරමින් සිටි ලාංකිකයෙක්. ඩියුටි වෙලාවෙ එයාට ඊට වඩා උදව්වක් කරන්න නොහැකි  නිසාද කොහෙද, එයා මනෝජ්ට පැය 24 ටිකට් එකක් [දුම්රියට හා බස් වලට වලන්ගු] අරන් දීල පර්ත් පන්සලට යන්න පාර කියල දුන්නලු. 'කෙන්වික්' දුම්රිය ස්තානෙන් බැස්ස මනෝජ්, බෑග් අතිං කටිං එල්ලගෙන, පාරත් වරද්දගෙන  පන්සලට එනකොට සෑහෙන්න හවස් වෙලා. එදා උෂ්නත්වය සෙන්ටිග්‍රේඩ් 40 පැනල මට මතක විධියට. පන්සලේ මොනවා හරි දේකට ඇවිල්ල හිටිය දෙන්නෙක්, මනෝජ්ට මුදල් වගයක් දීල තියෙනව. පන්සලේ ස්වාමීන් වහන්සේ මනෝජ්ට කියල තියෙනව, පන්සල් කොමිටියෙ අවසරයක් නැතුව නවාතැන් දෙන්න  නං විධියක් නැහැ කියල. ඒ වෙලාවෙ තමා සිල් පවාරනේ කරල, ආන්ටි කෙනෙක් එක්ක පන්සලේ ඉඳල ගෙදර එන්න එන ඔබීට මනෝජ් මුණ ගැහුනෙ.

මම මොනවා කියයිද දන්නෙ නැති වුනත්, අර ආන්ටිවයි, මනෝජ්වයි, මනෝජ්ගේ බෑග් ටිකයි කාර් එකේ දාගත්ත ඔබී කෙලින්ම ගෙදර ආව. [ඔබී පස්සෙ කිව්ව, ආන්ටිව ඉස්සෙල්ල එයාගෙ ගෙදරින් බස්සන්නෙ නැතිව ආවෙ, ආන්ටි ඉන්න තැන, මට ඔබීට දොස් කියන්න බැරි හින්දලු, පේනව නේද ගෑණුන්ගෙ කපටි කම්] ඔබීයි, ආන්ටියි, විස්තරේ කියන වෙලාවෙ නං මට එක පාරටම හිතුනෙ, මේ දෙන්න මොන ලෙඩක්ද මේ ගෙදර ගෙනාවෙ කියල. එත් ඉතින් මනෝජ්ගෙන් හරස් ප්‍රශ්න ටිකකුත් එක්ක  විස්තරේ ඇහුවම මටත් පව් කියල හිතුන.

මනෝජ්ගෙ ඉල්ලීම,  සඳුදට වැඩට ගිහින් එයාගෙ බොස් එක්ක කතාකරල නවතින්න තැනක් හොයා ගන්නකන් සඳුද උදේ වෙනකම් නවාතැන් දෙන්න කියල. ප්‍රශ්නේ වුනේ, ඉරිද දවස පුරාම අපි දෙන්නම ගෙදර නැති එක. කවදාවත් දැකල නැති කෙනෙක්ව ගෙදර තියල අපි දෙන්න කොහොමද ගෙදරින් පිට වෙන්නෙ. ඒකට කරන්න පුළුවන් එකම දේ හැටියට මං කරපු යෝජනාව මනෝජ් කැමැත්තෙන්ම භාර ගත්ත.

මං කරපු යෝජනාව, මනෝජ් අපි එක්කම උදේට ගෙදරින් පිට වෙන්න ඕනේ. යන තුත්තුකුඩියක ගිහින් හවසට කෝච්චියට නැගල මට කෝල් එකක් දෙන්න. මම ස්ටේෂන්  එකට ඇවිත් මනෝජ්ව පික් කරන්නං කියල. එහෙම  කථා  කරගෙන  ඔබී ගියා අර ආන්ටිව බස්සල  එන්න. ඔබී ඇවිල්ල රෑට උයල කන්න දෙනකං කියල, මම මනෝජ්ට ගෙදර තිබුන විස්කෝතු කන්න දීල, ලොකු කිරි තේ එකක් හදල දුන්න. නාල එහෙම ඇඳුම් මාරු කර ගත්ත මනෝජ්ට රෑට කන්න බෑ, නිදාගත්තොත් හොඳා කියල කිව්ව. මිනිහ කිව්වෙ කලින් රාත්‍රියෙ  නිදා නොගත් නිසාත් දවස පුරාම අව්වෙ ඇවිද්ද නිසාත් බඩගින්නට වඩා තියෙන්නෙ නිදිමත කියල. ඉතින් අපි මිනිහට නිදා ගන්න කාමරයක් දුන්න.

ඉරිද හීල් දානය දෙන්න තිබුනෙ අපිට. ඔබී උදේම නැගිටලා හීල් දානෙට ආප්ප හැදුව. ආප්ප කාපු මනෝජ් කිව්ව, ඔස්ට්‍රේලියාවෙ ගත කල අවුරුදු දහයටම ආප්ප කෑවෙ, දෙවතාවයි කියල. මනෝජ්ට මුදල් ටිකකුත් දීල, පැය 24 ටිකට් එකකුත් අරන් දීල කෝච්චියට නැග්ගුව. හවස මනෝජ් ආවෙ ලොකු හදිස්සියකින්. මිනිහ වැඩ කරන තැන කිට්ටුව ඇවිදල නවතින්න තැනකුත් හොයාගෙන ඇවිල්ල තිබුනෙ. අපි වගේ වයසක පකිස්තානු ජෝඩුවක් මුණ ගැහිල මනෝජ්ට.  එයාලගෙ ගෙදර පිටතින් තියෙන කාමරය කුලියට අරන් හිටපු කෙනා වෙන තැනකට ගිහින්, ඒ කාමරේ මනෝජ්ට දෙන්නං කියල.  මනෝජ් එදා රෑම ආයෙත් කෝච්චියට නැග්ගුව, අලුත් නවාතැනට යන්න.
                                                                                                                    
                                                                      'නිමි'

117 comments:

  1. මේකටනම් මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ...

    හැබැයි අර පොටෝ එක දැක්කාම්නම් මටත් ඔහේ මල්වෙඩි බලන්න ඇත්තං කියලා හිතුනා :D

    ReplyDelete
    Replies
    1. බව්...ඌඌඌ. ඔව්..වොව් වොව්..ඌඌ ;D

      -ටොමියා -

      Delete
  2. අර විදියට ගිනි කෙලි බලන්න එන අය දැක්කහම හැබෑටම අනිත් මිනිස්සු ගිනි කෙලි බලනවද කියලා තමයි ප්‍රශ්නේ.
    පවුල් පන්සල් වෙච්ච උදවිය ඔව්ව බලන්න ගියොත් ගිනිවිජ්ජුම්බරයක් තමයි වෙන්නේ. :D

    ReplyDelete
  3. මගදි කතාව එකපාරටම හිටියා වගේ දැනුනේ
    තව ඉස්සරහට මොකුත් නැද්ද?

    ReplyDelete
  4. එළකිරි වගේ තියෙන්නේ කරලා... ඒත් මේ වගේ සාධාරණ විකල්ප දෙන්නෙ එහෙමත් මිනිස්සු.... අන්තිමට ඌ කෙළලා ගියානම් මේක කියවන බොහෝ දෙනෙක් ඇඟිල්ල දික් කරන්නේ උට නෙවෙයි ඔයාට... :D :D :D

    ReplyDelete
    Replies
    1. පූසා,
      ඔය කිව්වා ටිකම මදෑ.

      ටොමියා,
      ඔය දීල තියෙන්නේ අනුමැතියත්

      බට්ටි,
      ඒකනෙ මං ඕව බලන්න යන්නැත්තෙ

      මරණෙ,
      කථාවෙ තව ටිකක් කියන්න දේවල් තිබුනත්, පෝස්ට් එක හුඟාක් දිග වෙන නිසාත්, කියවන කට්ටිය කොටස් වලට කැඩීම පිළිබඳව අකමැත්තක් දක්වන බව පළවෙනි කොටසෙන්ම පෙන්නුම් කල නිසාත්, කථාව කෙටි කරන්න හිතුන.

      අභීත,
      වැඩේ අන්තිමට යහතින් කෙළවර වුනත්, කෙළවර දකින්න කලින් අවඥාවෙන් බලපු කට්ටියත් හිටිය කියල ඔබීට නං තේරුනාලු

      Delete
  5. මම හිතුවෙ ඔබා මාම මනෝජ් කාරය කරපු ජිල්මාට් වැඩක් ගැන ලියනව කියල......ඒ ගිනිකෙලි වලට වඩා ගෑල්ලමයිගෙ මලකෙලි මාරයිනෙ ඔබා මාමෙ.

    ReplyDelete
  6. නාකි ඔබීටයි මටයි, දුව පුතා, කියන වයසෙ කීප දෙනෙකුට සිල් ගන්න පන්සලට යන්න ට්‍රාන්ස්පෝට් සපයන එක.

    අප්පද බොල, ඒ කියන්නෙ ඒ කට්ටිය ගිනස් පොතට දාන්න තරම්ම වයසයි...ඈ..?

    මොනව උනත් ඔබා මාමේ කතාවෙ මුල ටික ගොඩක් රසවත් විදිහට ලියලා තියෙනවා. හැබැයි එන්ඩ් එක නම් මාතෘකාව ලඟින් යන්නෙ නෑ.... ෆුලිම ඩිසර්පොයින්ටඩ්........!

    මෙන්න මෙහෙම කතාව සෙට් උනා නම් අඩු තරමින්,

    "ඔන්න ඉතින් මම මනෝජ්ව පැය 24 ටිකට් එකක් අරගෙන කෝච්චියට නැග්ගුවා....බලන්නකෝ, මේ යකා ඉටි කිරිස් වගේ ඔසී කෙල්ලෙක්ව සෙට් කරගෙන එයාගේ කාමරේ ෂෙයාර් කරගන්න..... තාමත් මනෝජ් ඉන්නෙ ඒ කෙල්ලත් එක්ක ෂෙයාර් කරගෙන....."

    කොහෝද එතනත් ඌට සෙට් වෙලා තියෙන්නෙ නාකි ජෝඩුවක්.....!

    ReplyDelete
  7. මගේ නෑදෑ කෙනෙකුවත් ඔහෙදී මංකොල්ල කාලා තිබුනා. අර ගැල්ලමයිනුත් ඔය හොරකම් වලට සම්බන්ධ ඇති. අත්දැකීම් එහෙම නැද්ද ඔබා මාමේ..

    ReplyDelete
  8. අම්මෝ අන්තිම වෙනකම් බැලුවේ ත්‍රාසජනක අත්දැකීමක්ද කියල හිතාගෙන . ජීවිතේට දකින්නේ නැතුව ගෙදරට වැද්ද ගන්න අයගෙන් ඔබා මාමාට කරදරයක් නොවෙන්නේ හිත හොඳ කම නිසා වෙන්න ඇති . සෑහෙන පින්කමක් කරගෙන තියෙන්නේ . හා හා අපිත් දැක්ක ඔය ගිනි කෙලි . දැන් ඒ ටික නොලිය මෙතනට ලින්ක් එක දාන එක විතරයි මට තියෙන්නේ .

    ReplyDelete
  9. ඔබාටයි ඔබීටයි සංසාරේ 'බැක්පැකින්' යනතාක් කල් නොවැරදීම ඉන්ට සෙවනක් ලැබෙනවා මේ කරපු පිනෙන්.

    කොහොමද 'ශ්‍රී ලංකා' කියලා බොටම් එකේ ගහගෙන හිටියානම්.. :

    ReplyDelete
    Replies
    1. හිත හොඳ පිස්සා,
      මනොජ්ගේ ජිල්මාට් වලට වඩා, කට්ටිය උනන්දුව දැක්කුවේ ගෑල්ලමුන්ගේ මල්වෙඩි වලටයි කියල කොමෙන්ට් කියෝපුවමත් තේරුනා...හෙහ්...හෙහ්...

      දුමී,
      මේ දරුවා මොනවා කියනවද මන්ද ? මේ කථාව ඔය දරුවා කියන කතා වගේ, විනෝද වෙන්න කියපු කතාවක් නොවන බවත්, සමාජයට ආදර්ශයක් ඒ වගේම නොදන්න දෙයක් ඉගෙන ගැනීමට සැලැස්වීමේ හුදු පරමාර්ථයෙන් ලියන ලද්දක් බවත් කරුණාවෙන් සලකන්න

      ඉඳුනිල්,
      මෙහෙ කියල මිනිස්සු වෙනස් නැහැ, මිනිස්සු මිනිස්සුමයි. [මනුෂ්‍ය වර්ගයා මං කිව්වෙ, ගෑනුත් ඇතුළුව හෙහ්..හෙහ්..]

      බින්ඩි,
      කථාව ලියල තියෙන විධියට හරි නං, ඔයාලත් මේ කතාවෙන් කොටසක් ඔයාලත් දැනගන්න ඕනෙ වගේ හිතෙන්න ඇති. සති අන්ත දෙකක් පුරා ඇදුනු කතාවක් කෙටි කරන්න ගිහිල්ල එහෙම වුනේ, මේක මීට වඩා ටිකක් දිග කතාවක්, හුඟාක් අය කොටස් හැටියට දික් කරනවට අකමැත්ත පෙන්වූ නිසා කථාව කෙටි කරන්න ගිහින් වැඩි හානියක් සිද්ධ වුනා කියලත්, කියන්න හිතපු ඔක්කොම කියන්න බැරි වුනා කියලත්, දැන් නං හිතෙනව

      කැන්ඩියන්,
      හ්ම්.....මට මතකයි ජාතික කොඩියක් ඉන වටේ බැඳගෙන මැච් එකක් බලන්න ගිය කෙනෙකුගෙ පින්තුරයක් පත්තරේක පළ වෙලා ගිය හා හෝ ව, ඒ වුනාට කොඩියක රෙදි කෑල්ලක් තරම් සලකනවද මනුෂ්‍ය ජීවිතයක් ගැන.

      Delete
  10. අරක දැකලා තව ටිකකින් මෙතනත් මල් වෙඩි පුපුරනවා :D

    ReplyDelete
  11. මට මාර ආඩම්බරයක් දැනුනා ඔබි නැන්දා ගැනයි ඔබා අයියා ගැනයි.සුද්දෝ වුනත් මහා හිඟන සුද්දෝ නේද ඉන්නේ?

    කතව අන්තිම ටික ඉවර වුනේ හරි කුරිරු විදියටනේ මාමේ.

    ReplyDelete
  12. ලංකාව කොච්චර හොඳහ්ඩ කියලා හිතෙනවා.



    …මම හිතුවෙ ඔබා මාමත් මනෝජ් එක්ක ලිවිං ටු ගෙදර් වත්ද කියලා ඕන්.

    ReplyDelete
  13. කතාවට ගැලපෙන්න මාතෘකාව දැම්මනම් මොකෝ වෙන්නෙ... එහෙම් පිටින්ම බලාපොරොත්තු සුන් කරල දැම්මනෙ මාමෙ.. :)

    ReplyDelete
  14. ඔක්කොම හලි ෂෝක් අප්පා.. අර මල් වෙඩි බලන්න එන ගෑල්ලමයි ටික නම් මරේ මරු.. ඒ උනත් ටොපික් එකට හරි යන්නේ නෑ කතාව.. අද නිකම් මොකද අප්පා මේ එක්ස්ප්‍රස් එකෙන් බැස්ස වගේ දීගන දීගන ගිහින් තියෙන්නේ? තැලිල්ලකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. සාබිත්,
      හා...හා...වයිද්‍ය ශිෂ්‍යයෙක් වුනාම ඔයිට වඩා සංවර වෙන්න ඕනෙ [අපි නොදන්න වයිද්‍ය ශිෂ්‍යයෝ]

      අසරණයා,
      'සිරකරුවෝද මනුෂ්‍යයෝ' වගේ සුද්දෝද මනුස්සයෝය...හෙහ්..හෙහ්...
      මේක මීට වඩා ටිකක් දිග කතාවක්, හුඟාක් අය කොටස් හැටියට දික් කරනවට අකමැත්ත පෙන්වූ නිසා කථාව කෙටි කරන්න ගිහින් වැඩි හානියක් සිද්ධ වුනා කියලත්, කියන්න හිතපු ඔක්කොම කියන්න බැරි වුනා කියලත්, දැන් නං හිතෙනව

      ලොකු ජෝන්,
      ලංකාව එක අතකින් හොඳයි, ඔස්ට්‍රේලියාව වෙන අතවැල් වලින් හොඳයි. රටේ නෙමේ හොඳ නරක තියෙන්නේ ඇත්තටම, මනුස්සයෝ ගාව කියල හිතෙන නැද්ද?

      සාතන්,
      රැවැට්ටුව වගේ කියල හිතුනද ? තනිකර වැරැද්ද 'උගේ ලෝකය' ලියන රංග අතේ. උගේ පොස්ට් එහෙකින් දුන්න උපදෙස් අනුව තමා මාතෘකා දාන්නෙ...හෙහ්..හෙහ්...

      ක්සන්ඩර්,
      ඔය උඩින් සාතන්ටයි, ඊටත් චුට්ටක් උඩින් අසරණයටයි දීල තියෙන උත්තර දෙකත් තරහ නැතුව බලන්නකො.
      ගෑල්ලමයි මල් වෙඩි බලනව. පිරිමි ළමයි ගෑල්ලමයි බලනව.

      Delete
  15. මට නං කතාවේ අවුලක් ඇත. ඔය රටේ අවුරුදු දහයක් හිටිය මනෝජ් බැක් පැකර් හොස්ටල්වල ලගින්නේ ඇයි?
    දෙපාරකට වඩා ආප්ප කාලා නැති නිසාද?

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් ඩිලීට් කරන්න බැරි ඇයි. මුල් කොටස කියෙව්වේ අවසාන කොටසට පස්සේ.

      Delete
    2. බුරන්ට පෙර සිතා බලනු ;D

      -ටොමියා -

      Delete
  16. කතාවෙ මාතෘකාව ඔස්ට්‍රේලියා දිනයේ මල් වෙඩි කියල වෙනස් කලා නං මරු! ටිකක් හරි ගැලපෙනවා :D

    ReplyDelete
    Replies
    1. මේ මඟුලක් කතා කරනවා. ඇයි බොල එහෙම මල් වෙඩි පඳුර වටේ තැලුවෙ නැහ්නං , අර ෂෝක් ඔට්ටෙලියන් "පසු-ම්බියේ" පින්තූර කෑල්ල ඔබන්නෙ කොහේද? ;D

      -ටොමියා -

      Delete
  17. ස්වෝන් ගගේ 31 රෑට දාන මල් වෙඩ් බලන්න කියලා අපිත් ගියා කැමරා එහෙම උස්සගෙන රෑ ජාමේ..
    මෙන්න මුන් WACA ග්‍රවුන්ඩ් එක ලඟින් මල් වෙඩ් දාන්න ගත්තා. මොනවා කරන්නද කිලෝමීටර බර ගානක් දුර ඉඳන් බලල එන්න ආව...

    ReplyDelete
  18. ඉතාලියට ලංකාවෙන් බෝට්ටු ආපු කාලේ මම ඉතාලියට ආවේ පලවෙනියට,හුටස් අපේ ගේ සරනාගත කදවුරක් වගේ,6ක් හිටියා සාලේ තියාගෙන බෝට්ටුවෙන් බැහැපු අපේ ගමේ කොල්ලෝ,බෝට්ටු ලං උනේ සිසිලි දූපතට නිසා අපි ඉන්නෙත් සිසිලියෙම හින්දා ලංකාවේ අපේ ගමේ උන් ගෙදර නම්බර් ලංකාවේ අපේ ගෙවල් වල අයගෙන් ඉල්ලගෙන,බැහැපු ගමන් අනේ කියාගෙන කෝල් කරන්න ගන්නවා,ඉතින් අපේ පියානොත් උන්ව ගෙදර ගේනවා,ටික දවසක් තියාගෙන ටිකට් අරන් දීලා උඩට යවනවා , වැඩේ කියන්නේ ඕකුන් දැන් ලංකාවට ඇවිත් අපිව දකිද්දී අහක බලාගෙන යනවා,එකෙක් නම් හැම නත්තලකටම විශ් කරන්න කතා කරනවා අපේ තාත්තට,ඔහොමයි ඔබා මාමේ උදව් මතක තියෙන්නේ අපේ මිනිස්සුන්ට....
    අර ගිණිකෙලි සහ ගිණි අවි පොටෝ එක නම් හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. කතන්දර Kathandara
      පලවෙනි ප්‍රශ්න දෙකට උත්තරේ, මුල කොටසින් ලැබුනනෙ, ටොමිය ඊගාව එකට උත්තර බැඳල තියෙන්නෙ.

      ඩිලීට් ඔප්ෂන් එක අයින් කරල තියෙන්නෙ මං විසින් නෙමේ, බ්ලොගර් වැඩක්. කතන්දර සයිට් එකෙත්, එකම සීන් කෝන් එක කියල නෝටිස් වුනේ නැද්ද ?

      ටොමියා,
      තෑන්ක් යූ

      DD
      මං උත්තර දෙන්න ඕන නැහැනෙ, ටොමිය කියල තියෙන්නෙ හරියටම...හෙහ්...හෙහ්..තෑන්ක් යූ එගේන් ටොමියා

      තාරක,
      මට මතක විදියට ගඟේ වෙඩි ජන.26 වැකා වෙඩි දෙසැ. 31 තව දවසක් තියෙනවා ග්ලොස්ටර් පාක් රේස් කෝස් එකෙත්. මම කාලයක් හයට් එකේ වැඩ කළා, ඒ කලේ ඔය ඔක්කොම කරදරයක් නැතුව බලනව. ෆයර් එස්කේප් එකෙන් වහලෙට නැග්ගම නියමයි අවට සීනරි එක.

      ඩිලාන්,
      // වැඩේ කියන්නේ ඕකුන් දැන් ලංකාවට ඇවිත් අපිව දකිද්දී අහක බලාගෙන යනවා,එකෙක් නම් හැම නත්තලකටම විශ් කරන්න කතා කරනවා අපේ තාත්තට//
      දහයක් අතුරෙන් ඒ වගේ එකෙක් හිටියත් සන්තෝෂයක් දැනෙන් නැද්ද හොඳයි ?

      Delete
  19. මනෝජ්ට ඊට පස්සෙ වෙච්ච දෙයක් ගැන ආරංචියක් නැත්ද, ඔබා අයියා?
    henryblogwalker the Dude

    ReplyDelete
  20. මට නං ඉස්සෙල්ලම ඇති වුනේ කලකිරීමක්, පන්සලේ හාමදුරුවො එක්ක. ඒත් පස්සෙ හිතුනා, එහෙම ආපු නොදන්න අය නිසා ප්‍රශ්ණ ඇතිවෙලා ඇති නිසා හාමදුරුවො එහෙම ප්‍රතික්ෂේප කරන්න ඇති කියලා.

    කතාව ගැන කියනව නං , කතාව අසම්පූර්ණයි. දැං මේ කතාව කියවන ඕනම කෙනෙක්ට හිතෙන්නෙ මොකක්ද? මනෝජ්ට මොකද වුනේ? එයා සනීපෙන් ඉන්නවාද? එයාගෙ හිටපු "පසුම්බිය" එක්ක ගනුදෙනු කලේ නැත්ද?මනෝජ් හැම පෝයකටම සිල් ගන්ට පටන් ගත්තාද, බියර් බොන්ට පටන්ගත්තාද. වයිෆ්ව ගෙන්න ගත්තාද?

    මේ ප්‍රශ්ණ අපට ඇතිවෙන බව හොඳාකාර දැනගෙන ගල් ආඳා සේ ලුහුටලා ගිය අපේ සත්ගුණවත් උපාසක ඔබාමා මහතා ගැන සිතත්දී අපේ සිතේ බුද්ධාලම්භන ප්‍රීතියක් උපදී.

    සෑර් , මේ දවස්වල එක දිගට කිඹුහුන් එහෙම යනවා නං, ඒ හෙම්බිරිසාව නොවෙන්නත් පුළුවන්

    -අලි මොටා -

    ReplyDelete
  21. කතාව මරු! කම්මැලි නෑ. ඇත්තටම හොඳ කතාවක්. හැබැයි මේකෙන් ගන්න තියෙන්නෙ මේන්න මේ කොටස.

    පෝය දවසකට සිල් ගන්න උදවිය ඉන්නෙ 25-30 ක් විතර කියලයි “““““ඔබී කියන්නෙ“““““!!!!! හේහ් හේ..........

    ReplyDelete
  22. මටත් හිතෙන්නෙ ම ඔබා මලයා කතාව අනීවාරතේ මගදි කැඩුවා කියලමයි.
    ඕකෙ තව කොටසක් තියෙන්න ම ඕන.

    ReplyDelete
  23. ඉවරද ? මං හිතුවේ පරන පිචර් එකක් වගේ ත්‍රාස ජනක මෙව්වා එකක් ( චූටි මහත්තයාගෙන් උස්සන ලදී ) වෙයි කියලා !
    මල් වෙඩි බැලූවද ඉතින් ...............

    ReplyDelete
    Replies
    1. ඩුඩ්,
      දැන් නං එන කොමෙන්ට් වල හැටියට මේ ගැන තව පෝස්ට් එකක් ලියන්න ඕනෙ කියලයි හිතෙන්නෙ.

      අලි මොටා,
      සති අන්ත දෙකක් පුරා ඇදුනු සිද්ධියක් පිලිබඳ කතාවක් කෙටි කරන්න ගිහිල්ල එහෙම වුනේ, මේක මීට වඩා ටිකක් දිග කතාවක්, හුඟාක් අය කොටස් හැටියට දික් කරනවට අකමැත්ත පෙන්වූ නිසා කථාව කෙටි කරන්න ගිහින් වැඩි හානියක් සිද්ධ වුනා කියලත්, කියන්න හිතපු ඔක්කොම කියන්න බැරි වුනා කියලත්, දැන් නං හිතෙනව ,එන කොමෙන්ට් වල හැටියට මේ ගැන තව පෝස්ට් එකක් ලියන්න ඕනෙ කියලයි හිතෙන්නෙ.

      බුද්ධි,
      ඇයි උඹ කියන්නෙ මටත් සිල් ගන්න කියලද ? එක ගෙදරකින් එක්කෙනෙකුට වඩා සිල් ගැනීම අනතුරුදායක බව අහල නැද්ද ? අනික සිල් ඇත්ති ගෙදර එනකොට ගිලන්පස හෙම පිළියෙළ කොරල තියන්නෙ කව්ද ?

      කුමාරයා,
      ඇත්ත...ඇත්ත...ඔය චුට්ටක් උඩින් වලව්වෙ 'අලි මොටා' ට දීල තියෙන පිළිතුරත් තරහ නැතුව කියෝලා බලන්නකො

      සමීර,
      මේ වැඩේ හරි යන්නෑ, මේ සිද්ධියේ ඉතුරු ටිකත් කියල තව පෝස්ට් එකක් ලියන්නම්කො

      Delete
  24. මමත් එනව පර්ත් මල් වෙඩි බලන්න! :D

    ReplyDelete
  25. කතාව කපලා දාලා වගේ ඈ මෙහෙම ඉවර වෙන්න විදියක් නෑ අර මල් වෙඩ්ඩ සහ ගිණිකෙලිය බලන්න නම් ඔය පැත්තේ එන්නත් හිතුනා හි හි ප්‍රශ්නේ දවාලෙත් මල් වෙඩි ගහනවද කියන එකනේ

    ReplyDelete
  26. මම කියන්නද වෙච්චිදේ ......
    පළවෙනි කොටස ගියා විතරයි ඔබී දුන්න දිවිල්ලක් කොහොමද දන්නවද
    කොමෙන්ට් අතුරුදහන්වුනා... කටේ කෙල හිඳුනා.... ගොක්කොල පෙන්න ගත්ත.... වෙව්ලලා වෙව්ලලා උන ගත්ත
    තවත් ඕක ලිව්වොත් .......
    අනේ ඉතින් මොනවා කොරන්නද එක්ස්ප්‍රස් එකේ ලියල නිමි කියලත් දැම්ම හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හරියට හරි....මෙන්න මේක තමයි වෙලා ඇත්තේ,,,
      මේක විතරක් නෙවෙයි මීට ඉස්සරත් පඳුර වටේ තලලා කතා දෙකක්ම මග නැවැත්තුවා..

      ඒ වුනාට ගිණිකෙලි බලන්න එන්න නම් ආස හිතෙනවා ඔබා අයියා..

      Delete
  27. අපෝ ඕස්ට්‍රේලියාවෙත් ඉන්නෙ පට්ට හොරුනෙ බලන් ගියාම..

    ReplyDelete
    Replies
    1. මුහුදු කොල්ලකාරයා,
      එන්ඩ කලින් කිව්වොත් ඒ කාලෙට ශේප් වෙලා ලංකාවට යන්නවත් සෙට් වෙන්න පුලුහන්...හෙහ්...හෙහ්...

      ගැමියා,
      සති අන්ත දෙකක් පුරා ඇදුනු සිද්ධියක් පිලිබඳ කතාවක් කෙටි කරන්න ගිහිල්ල එහෙම වුනේ, මේක මීට වඩා ටිකක් දිග කතාවක්, හුඟාක් අය කොටස් හැටියට දික් කරනවට අකමැත්ත පෙන්වූ නිසා කථාව කෙටි කරන්න ගිහින් වැඩි හානියක් සිද්ධ වුනා කියලත්, කියන්න හිතපු ඔක්කොම කියන්න බැරි වුනා කියලත්, දැන් නං හිතෙනව ,එන කොමෙන්ට් වල හැටියට මේ ගැන තව පෝස්ට් එකක් ලියන්න ඕනෙ කියලයි හිතෙන්නෙ.

      මල්මධාරා,
      බොරු කයිවාරුව තියල, අර පටන් අරන් නිකන් තියල තියෙන බ්ලොගේ මොනා හරි ලියල දැම්මොත් මොකද ?

      ලකී,
      ඔන්න ඔය පරණ ඒවා අමතක කරදාල, දැන් තියෙන එකක් කියෝගෙන සන්තෝසෙන් ඉඳිමු අපි...හෙහ්...හෙහ්..

      සෙනා,
      ඇත්ත..ඇත්ත.....ලංකාවෙ හොරු නැති එක කොච්චර දෙයක්ද ? :-)

      Delete
  28. එක පාරටම කථාව ඉවර වෙලානේ...මමත් බීච් එකේ සෙට් එකත් එක්ක එනවා මල් වෙඩි ගහන්න.....

    ReplyDelete
  29. කතාව නං බලාපොරොත්තු සුන් කළා තමයි. ඒත් ඔබා මහත්තය ලස්සනට ලියල තියෙනවා.

    බින්දිලට ආගන්තුක සත්කාර කළා කියල ආරංචියි.

    ReplyDelete
  30. මල් වෙඩි සිරාය. ගෑල්ලමයි බලන්ටත් එක්කම !

    ඔබා මාමා සිල් කැලේ නේද ?

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා සිල් ගන්නෙ නෑලු... ඔබී නැන්ද තමා සිල් ගන්නෙ නේ..... කතාව නම් ඉවරයි කිව්වට ඉවර නෑ නෑ වගේ..!!!

      Delete
    2. ඔබ නොදුටු ලොවක්,
      හරි..හරි..කලින්ම කිව්වා එක හොඳා, ඒ කාලෙට ලංකාවට යන්න වත් සෙට් වෙන්නන්කො :-)

      පොත් ගුල්ලා,
      හප්පේ දැක්ක කල්...ලඟකදී මොකුත්ම ලිව්වෙ නෑ නේද ? එහෙම නැත්තන් අලුත් ඒව මගේ බ්ලොග් රීඩර් එකේ අප්ඩේට් නොවුන වත්ද ?

      කවි කාරී,
      සම්පුර්ණ සිද්ධියම තව පෝස්ට් එකකින් ලියන්න වෙයි වගේ. හැබැයි වැරැද්ද ඔයාලගෙමයි, කොටස් හැටියට හෙමීට ලියන්න ගියාමත් කන් කෙඳිරි ගෑව දැන් මතක නෑ නේද ?

      සෑම්,
      මල් වෙඩි බලන එකද, ගෑනු ළමයි බලන වඩා ජොලි ?

      ශානි,
      ඔබා මාම ගන්නෙ 'සීල් '
      ඉන්ඩකො මේ සිද්ධිය විග්‍රහ කරල තව පෝස්ට් එකක් ලියන්නන්

      Delete
    3. කියන්නා කෙසේ කීවත් ලියන්නා කොටස් කඩා ලිවිය යුතුය............කරනා ලද බලපෑම් ඉල්ලා අස්කර ගතිමි.

      Delete
    4. http://www.youtube.com/watch?v=FaDSZWNaTQs

      මේ සිංදුව අහල මතක තියා ගන්ට උත්සාහ කරන්ට. අල්සයිමර් තියෙන අයට දිනය, දවස, මාසය මොකක්ද කියලා මතක තියා ගන්න එක ව්‍යායාමයක් ලෙස කරවනවා.

      Delete
    5. ඔක්තෝම්බර් මාසෙන් පස්සේ ආයෙත් පොස්ට් එකක් දැම්මේ මේ පෙබරවාරියේ. ඔන්න ලින්ක් එක.

      http://malmakaranda.blogspot.com/2012/02/poetry-by-pablo-neruda.html

      Delete
    6. ඊ මේල් කවිකාරි,
      දැන් ව්‍යායාම් කරලා ඕව හදා ගත්තට වැඩක් නෑ අප්පා, තව ටික කාලෙනෙ...හෙහ්...හෙහ්...

      Delete
    7. පොත් ගුල්ලා,
      මේ කොමෙන්ට් එක දකින්න ටිකකට කලින් වෙන බ්ලොග් එකක් කියවද්දි දැක්ක අලුත් පෝස්ට් එකක් දාල තියෙනව. ගිහිං බලල, ආව බවට 'ෆුට් ප්‍රින්ට්' එකක් තියල ආව. අන්තර්ගතේ මගෙ නැණ පමණට ඉහල වැඩියි වගේ...හෙහ්..හෙහ්...සිංහළ කවි කියවන්නත් හොර මට ඉංග්රීසි කවි.... :-))

      Delete
  31. මොනවා උනත් ඒ කල උපකාරයනම් අගය කරන්න ඕන..

    ඔය විදිහට මල් වෙඩි බලන්න ඔස්ට්‍රේලියා පැත්තට හරි යුරෝපේ පැත්තට හරි එන්න ඕන නේ ඔබා මාමේ..

    ReplyDelete
  32. Dinesh,
    මල් වෙඩි බලන්නද, ගෑනු ළමයි බලන්නද ? හෙහ් හෙහ්

    ReplyDelete
  33. අම්මපා වයස ගැන වත් හිතල ඔය පස්සවල් බලන එක දැන් වත් නතර කලොත් මොකෑ ඔබා අයියේ..කොහෙද හැට පැන්නත් අපි ගමන උඩින් නොවෑ නේ..හික්..ලොකු අයියේ ඔය පැත්තේ බැක් පැක් එකක් එහේම කියක් විතර වෙයිද..ඔය හයික් එකක් එහේම අරන් යන්ඩ පුලුවන් එකක්..

    ReplyDelete
  34. පව් ඒ මනුස්සය නේද? ඔබී නැන්දට දුක හිතිලා එක්කරන් ආව නිසා හොඳයි. හැබැයි ඔහොම කෙනෙක්ට ඔබී නැන්දයි මාමයි කලාට වෙන කෙනෙක් නම් ගෙදර තියාගන්නත් බයයි.

    PS - ඔබා මාම නම් හොඳටම ඕස්ට්‍රේලියා දිනය සමරන බව පින්තුරෙන්ම පේනවා :D :D

    ReplyDelete
  35. අඩේ, රටකදී ඔහොම නන්නත්තාර වුනහම තියන ආතල් එක නම් කියලා වැඩක් නෑ..........
    පින් අතේ වැඩක්. හැබැයි කෙළවෙන අවස්ථාත් නැතුව නෙවෙයි.

    ReplyDelete
  36. කොහොම උනත් අතරමන් වුන කෙනෙක්ට පිහිට උන එකනම් ලොකු දෙයක් .

    ReplyDelete
    Replies
    1. රාජ්,
      මටත් පැහැදිළි නැති එක රාජ්ට අපැහැදිළි බව නං හොඳටම පැහැදිළියි, දැන් රාජ්ට පැහැදිළියි නේද මං පැහැදිළි කරන්න හදන පැහැදිළි කිරීම ?

      Raj
      රාජ් ඩබල එක පාර එන්නෙ කියවන, ලියන, අය කොන්ෆියුස් කරන්නද ? හෙහ්....හෙහ්...
      $ 15-20 ඉඳල $ 100 එහා පැත්තේ යනකන් බඩු හෑව්

      නිරෝෂිනී,
      ඔය වගේ ලෙඩ අපි දෙන්න ඉඳ හිට දාගන්නවා, ආයේ නා කියල දෙන්නට දෙන්න පොරොන්දු වෙනවා, ඒ වුනාට අපි දෙන්නටම එක අමතක වෙනවා...හෙහ්...හෙහ්...

      ඔව්..වොව්...නියමෙට සැමරුවා, රතු පාට වයින් බෝතලේකුත් එක්ක, ඕන්නං අහල බලන්න පුළුවන්, ඔයා අඳුනන කෙනෙකුත් හිටිය....හෙහ්..හෙහ්..

      ගොඩයා,
      ඔව්...අපි දෙන්නට ඕව කොරල කෙළවෙච්ච වෙලාවලුත් තියෙනව

      ගිම්හානි,
      ඇත්ත අර ගොඩයට කිව්ව වගේ කළ හොඳ පස්සෙන් එලෝල ගහපු අවස්ථා දෙක තුනක් තිබුන

      Delete
  37. පිහිට වුන එක හොඳ වැඩක්..ඒ වගේම පිහිට වෙද්දි මොලේ කල්පනා කරල දුන්නු ප්ලැන් එකත් මරු,, ඔබා මාම හරි වැඩකාරය

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවෙ වෙන කොරන්න විධියක් තිබ්බෙ නෑ පැන්ඩා

      Delete
  38. කාටත් උදව් කරන එක කොච්චර ලොකු දෙයක්ද? ඔබා මාමාටත් නරකද ඉඳ හිටලවත් සිල් ගත්තනම්, ඔබා මාමා ගන්නෙ ඉතින් සීල්ද කොහෙද? :D

    ReplyDelete
    Replies
    1. එක වතාවක් කෙහෙල් කොටුවේ පොඩි එකා කොමෙන්ට් කොරල තිබ්බ වගේ දෙන්නම එක වගේ වුනොත් ජීවිතේ හරිම ඩල් වෙයි නේද ? කාන්දම් වුනත් ආකර්ශනේ වෙන්නේ විරුද්ධ ධ්රැව වලටනෙ.

      Delete
  39. ඔය කිවුවට මේ කතාවෙ හොඳම ටික ඔබා මාම පස්සෙ දවසක දායි.

    ReplyDelete
    Replies
    1. හොඳ ටික කොහොම වෙතත්, කතාව ඉවර වුන හැටි විස්තර ඇතුව කියන්න ඕනේ කියල නං හිතුව ප්‍රසන්න, සමහර කොමෙන්ට් කියෙව්වට පස්සෙ

      Delete
  40. මටත් හිතෙන්නේ කතාව මැද්දෙන් කැපුවා කියලයි.. ඔබී එපා කිවුවද ඉතිරි හරිය ලියන්න ? එහෙම නැත්නම් කතාව ලියාන ලියාන යනකොට අන්තිම ටික අමතක උනාද ? අනේ අපොයි අමතකවෙන රෝගේ තාමත් හොඳවෙලා නැහැනේ ඔබී ගෙදර ඉඳලත්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න සහ තව කීප දෙනෙකුට කිව්ව වගේ තව විස්තර ටිකක් එක්ක පොස්ට් එකක් ලියන්නන්.

      ඔබී මටවත්, මං ඔබීටවත් නීති දාන්නෙ නං නෑ.....හෙහ්..හෙහ්..

      අමතක වෙන රෝගෙ තියෙන වාසි ගොඩයි බොලේ....

      Delete
  41. මොනා උනත් වෙලාවෙ හැටියට කරපු උදව්ව නම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ, අපි දෙන්න හිතන්නෙත් එහෙමයි

      Delete
  42. මමනං වැරදිලාවත් පර්ත් එන්නෙ නෑ මල් වෙඩි බලන්න... ඇයි යකෝ.. වෙන ඒව පේනවනෙ

    ReplyDelete
    Replies
    1. එන්නෙ නෑ....හෙහ්..හෙහ්...හෙහ්...පොඩි මෑන් ආවොත් යන්නෙ නැති එක නං ෂුවර්

      Delete
  43. ඔබා අයියේ මාගේ මේ ඊ පතට ඔබගේ ඊ ලිපිනය එවන මෙන් ඉල්ලාසිටිමි
    traj1981@gmail.com

    ReplyDelete
  44. මල්වෙඩි බලන්න අපිත් ආසයි ඔබා අයියා අපිව බලන්ඩ එනකොට ඔය මල් වෙඩිලි වල පොටෝ කීපයකුත් අරගෙන එන්ඩ

    සම්පූර්ණ කතාව අපි හමුවූ දාට ඔබා අයියගෙන් අහගන්ඩ බැරියැයි !

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එක ස්පෑම් වෙලා තිබ්බෙ

      Delete
  45. මම අඳුනන කෙනෙක්? කව්ද ඒ ඔබා මාමේ?

    ReplyDelete
  46. ඉඳලා හිටලා හරි ඔබා මාමා පින් අතේ වැඩත් කරනවනෙ.

    ReplyDelete
    Replies
    1. නැස්තන්..... නැස්තන්... ඉඳල හිටල නෙමේ බොලේ කළොත් පිනක්ම තමා...හෙහ්...හෙහ්...අදනෙ දන්නෙ කිරිපුතා බ්ලොගක් ලියනව කියල මං ඒ පැත්තෙත් ගිහින් බැලුව නිකමට

      Delete
  47. මාමල මේ බිකිනි පිටින් ඉන්න ගෑල්ලමයිව පෙන්නට කොල්ලො ටික පිස්සු කරනව.අපිට නම් ඉතින් මේව දැකලම ගානක් නෑ.මොනව උනත් බොහොම හොඳ වැඩක් කරල තියෙන්නෙ.ඒ මනුස්සයට ඒක මතක තිබ්බොත් ඇති.

    ReplyDelete
    Replies
    1. //මාමල මේ බිකිනි පිටින් ඉන්න ගෑල්ලමයිව පෙන්නට කොල්ලො ටික පිස්සු කරනව.අපිට නම් ඉතින් මේව දැකලම ගානක් නෑ//

      පහුගිය වතාවෙ ලංකාවට ගිය වෙලේ, ඒක වෙන්නැති අර සාස්තර කියන මනුස්සය කිව්වෙ, 'මහත්තයට සාස්තර කියන්න විදියක් නෑ' කියල

      Delete
  48. ගිය සතියේ කිව්වා කතාව ඊළඟ කොටසින් කියලා
    දැන් ඇවිත් බලද්දී කතාව ඉවරයිනේ..... :(
    කසකාරයෝ ටික විතරක් හිටපු පෙරහැරක් වගේ උනා නොවැ ඔබා මාමේ
    කමක් නැහැ කතාවෙන් කියවෙන්නේ ඔබා ෆැමිලි එක එකතුවෙලා කොරපු හොඳ වැඩක්නේ
    ඒ මදෑ අපිට කියවල සතුටු වෙන්න

    ReplyDelete
    Replies
    1. මාත් බ්ලොග් එක වහල සිය දිවි නසාගන්නව.කථාව දිග වුනත් වැරදියි, දිග හින්ද දෙකට, තුනට, කැඩුවත් වැරදියි, කථාව ඉවර කරත් වැරදියි.මාර හුන්නස්ගිරියක්නෙ මේක බලාගෙන යනකොට

      //කසකාරයෝ ටික විතරක් හිටපු පෙරහැරක්//
      ඊට වඩා දේවල් වෙනවද අපේ රටේ....හෙහ්...හෙහ්...

      Delete
    2. අනේ ඔබා මාමේ කොරන එකක් ලංකාවට ඇවිල්ල හොඳේ :-D

      Delete
    3. මරණෙ,
      අයි බොලාට නයිටක් දෙකක් ගහන්න, දානෙ කන්න එහෙමද ?

      Delete
  49. අඩේ මටත් හිතෙනවා ඔස්ට්‍රෙිලියාවට යන්න :D

    ReplyDelete
    Replies
    1. මල් වෙඩි බලන්නද, නැත්තං කෝච්චි බලන්නද ?

      Delete
  50. ඇස් දෙක හිරිවට්ටගන්නැතුව මොන හිතකින් ෆොටෝ එක ගත්තද මන්දා.ඔබා මාමා එහෙම නෙවෙයි නේද ෆොටෝ එක ගත්තේ.අනේ අම්මේ මටනං බෑ ඔහොම එකක් ගන්න.

    ReplyDelete
    Replies
    1. ඇස් දෙක හිරි වැටෙන්න ඉස්සෙල්ල බෙල්ලෙයි ඇස් දෙකෙයි පොට යනව එහාට මෙහාට කරකෝලම...හෙහ්..හෙහ්..

      Delete
  51. ඔය වගේ සිදුවීම් නම් අනන්තයි. මොනවා වුනත් ඔබී නම් අදහන්න වටින කෙනෙක් වගේ.... ඉස්සර නම් මාත් පැනලා ඔය වගේ අවශ්තාවල උදව් කරන්න යනවා. දැන් නම් පාරේ මැරිලා හිටියත් බලන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නේ. ඒ තරමටම ඔය වගේ උදව් කරන්න ගිහින් කතා අහගෙනයි මාව මිස් යූස් වෙලයි තියෙන හින්දා...

    ReplyDelete
    Replies
    1. එතකොට ඔබී විතරයි අදහන්න වටින්නෙ, මං ගැන පව් කියලවත් හිතුන් නැද්ද ? :-))
      ඔහොම කිව්වට ඕව කරන කට්ටියට අහක බලාගෙන යන්න බෑ, කොයි තරං නරක අත්දැකීම් තිබුනත්, මේ කියන්නෙත් අත්දකීමෙන්මයි.

      Delete
  52. මල් වෙඩි බලන්ඩ මොකෑ මාමේ කෙල්ලො අර විදියට ඇදලා එන්නෙ.
    ගොඩක් ලොකු උදව්වක් කරල තියෙන්නෙ නැත්තම් ඒ මනුස්සය කොහෙ කියල යන්නද? මාමලට පින්!

    ReplyDelete
    Replies
    1. Jan 26 කියන්නෙ පර්ත් වල සමර් එකේ උපරිමේ. මල් වෙඩි බලන්න එන්නෙ දවල් ඉඳලම. රස්නෙ වැඩි වෙනකොට 'ස්වෝන්' ගඟට බැහැල ඇඟ තෙමාගෙන පිහ දාන්නැතුව හිටියම සෑහෙන වෙලාවක් රස්නෙන් බේරිලා ඉතාකි.

      Delete
  53. සඳරුෙග් හිස් අහසෙන් පාර ෙහායා ගත්තු දා සිට අැවිත් කියවලා රසවින්දා ඒත් කමෙන්ට් කරන්නනම් බැරිවුනා( කමෙන්ට් කරන්න දැනගෙන හිටියේ නැහැ) මීට පස්සෙ එහෙම නැහැ(දැන් ටිකක් දන්නවා).

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් කරන කෙනෙක් වැඩි වුනා කියන්නෙ, තවත් බැනල යන කෙනෙක් වැඩි වුනා...හෙහ්...හෙහ්...

      Delete
  54. ඔබී පිං අතේ වැඩක් කරගෙන වගේ...
    අපේ මහත්තයත් දවසක් වින්ටර් එකේදි බස් හෝල්ට් එකක ආතක් පාතක් නැතුව වෙව්ල වෙව්ල හිටිය දෙන්නෙක් මහ රෑ ගෙදර ගෙනත් කන්න බොන්න ඉඳුම් හිටුම් හෙම දීලා පස්සෙන්දා නවාතැනකුත් හොයල දීල ඇරලුවා.... දැන් ඔය අපූරුවට යන්නෙ නොදැක්ක ගානට අහක බලාගෙන.... ඔය එක සිද්දියක් විතරයි... දැන් නම් අපිත් යනව ඔහොම දේවල් නොදැක්ක ගානට....
    ඔබා මාමත් පිං අතේ වැඩක් කොරගෙන තියෙන්නෙ ගෑල්ලමයෙක්ගෙ පින්තූරයක් දාල... එතකොට අර බිකිනි කාර් වොෂ්වලට ගිහින් පෝලිමේ ඉන්න අපේ, ඉන්දියාවෙ අයගෙ පින්තූරයක් හෙම හොයාගන්න බැරිඋනාය...????? ;P :D

    ReplyDelete
    Replies
    1. මනෝජ් [ඇත්ත නම නෙමේ, ලඟින් යන නමක්] ගියාට පස්සෙ ටෙලිෆෝන් පනිවිඩේකින්වත් තාම කරදර කලේ නෑ...හෙහ්..හෙහ්...

      ගූගල් සර්ච් පාරක් දැම්මොත් පින්තූර හොයා ගන්න බැරි වෙන එකක් නෑ...

      Delete
  55. මොනවා නැතත් මල් වෙඩි හරි බලන්න යන්න තිබුනනම් අප්පා.........

    ReplyDelete
    Replies
    1. මල් වෙඩි නං දැන් ලංකාවෙ මූදු වෙරළේ [පොල්හේන බීච් එකේදී මාත් දැක්ක] විතරක් නෙමේ ගමේ ගොඩේ නාන තොට වල බලන්න පුළුවන්නෙ.....හෙහ්...හෙහ්...

      Delete
  56. මල් වෙඩි බලන්න මාමා ගිය වෙලාවෙ ගත්ත ෆොටෝ (මට 100% ෂුවර් මාමා ගාව කලෙක්ෂන් එකක් ඇති! ) ටික දාන්න බැරිද?? දාන්නකෝ!

    ReplyDelete
  57. Send your email address [to my address given on this site] to send the link for the photos.

    ReplyDelete
  58. නිමි....

    මට තෙරුනේ නැති යමක් තිබුනද කතාවෙ ???


    ඔබා මාම රිප්ලයි කරද්දි කමෙන්ට් එක යට තියෙන රිප්ලයි එකෙක්න් එක එක්කෙනට රිප්ලයි කරානම් හරි... පටලැවිල වගේ කමෙන්ට් ටික

    ReplyDelete
    Replies
    1. උඹට මතක නැද්ද බන්ස් රංගය උපදෙස් දීල තිබ්බෙ නවක බ්ලොග් කරුවන්ට, කථාවට සම්භන්ද නැති වුනත් ඇහැට පේන මාතෘකාවක් දාන්න,කතාවට සම්භන්ද නැති වුනත්, ඇහැට වදින පින්ථූරයක් දාන්න, හෙම කියල...හෙහ් ..හෙහ්...


      //ඔබා මාම රිප්ලයි කරද්දි කමෙන්ට් එක යට තියෙන රිප්ලයි එකෙක්න් එක එක්කෙනට රිප්ලයි කරානම් හරි...//
      එතකොට බොලේ කොමෙන්ට් 200 ක් විතර වෙනව, කමක් නෑ කියමුකො, මාත් හිතා ගන්නව ඊයෙ පෙරේද මොනා හරි ලියන්න ආපු මාත් හෙන පොරක් කියල...හෙහ්...හෙහ්...

      Delete
  59. අපොයි ඔබා අංකල් මාර්තුකාව මහියංගනේ යනකොට කතාව හම්බන්තොටනෙ ගිහිං තියෙන්නෙ.

    අර මල් වෙඩි සීන් එකනම් කොල්ල ඉන්න දිහාත් චීන අලුත් අවුරුද්ද උදා වෙනකොට රෑ 12ට තියෙනවා පට්ට ආතල් ඈ... බලං ඉන්ට ආසයි අප්පා.

    ReplyDelete
    Replies
    1. ඒකට වෙන්නැති 'බොම්බේ ලුකින් කල්කටා ගොයින්' කියන්නෙ.....හෙහ්...හෙහ්...

      Delete
  60. යකෝ මේ ඊයෙද කොහෙද කමෙන්ට් එකක් දැම්මා ඒක බහිරවයා ගිල්ලද ‍?

    ඔබා මාමා අපිව බලන්ට එනකොට ඔය පුපුරන්න ලංවෙච්චි මල්වෙඩිලි වල හොඳ ෆොටෝ ටිකකුයි වීඩියෝ ටිකකුයි අටගෙන එන්ටකෝ !!

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ල කොමෙන්ට් එක ස්පෑම් වෙලා තිබිල දැම්ම ආපහු.

      උඹ ඉල්ලන්නෙ වැල වීඩියෝ වෙන්නැති, ඒව රේගුවෙන් චෙක් කොරනවද දන්නෑ..

      Delete
    2. එතනත් කැත හිත .. මම ඉල්ලවුවේ මල් වෙඩිලි වල රූප

      Delete
  61. කාන්තාරයක් මැද තනි වුන වෙලාවට පොඩි ක්ෂේම බූමිය වටිනවා අනිත් සේරම දේවල් වලට වඩා....

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක නං කාන්තාරයක් වගේ හින්ද තමා, මැද හරියෙ තිබ්බ පිංතුරේ ක්ෂේම භූමියක් වුනේ...හෙහ්...හෙහ්..

      Delete
    2. ආයෙත් අහලා... වේලි වේලි කියෙවුවේ මුල් හරිය.... :D

      Delete
  62. ඔබා මාමේ ඔබී නැන්දා පොල්ලෙන් ගැහුවා වගේ ඇයි එක පාරටම කථාව නැවැත්තුවේ
    ලාංකීය කම ගැන පොඩ් ආඩම්බරයක් වගේ මොකද්දෝ එකක් දැනුනා

    ReplyDelete
  63. ඇත්තටම පිට රටවල තමන්ගේ රටේ එකෙක් හරි ඉන්න එක කොයි තරම් ලොකු දෙයක්ද

    ReplyDelete
  64. සැහ් . . . ඔස්ට්‍රේලියං මල් වෙඩි දකිද්දි . . මාලදිවයිනේ මල්වෙඩි සද්දෙ දාල පුපුරනව

    ප.ලි.
    මෙන්න අර කුනුහරප නැතැයි ඔබා පුරසාරං දෙඩූ මහා පෝස්ට් රාජයා . . .

    ReplyDelete
  65. කට්ටිය ගිනි කෙලි බලන්ට එන විදිය මාර ලස්සනයිනේ. ඉතින් ඒ දවස්වලට ඔබා නිවාඩුත් දානවද?...:D

    ඔබී හරි හොඳයි අප්පා...:)

    ReplyDelete
  66. ඇත්තටම පිටරටකදී ඔය වගේ උදව් කරන අය බොහොම අඩුයි, ඇත්තටම අගය කල යුතු වැඩක් කරලා තියනවා ....
    හුඟක් වෙලාවට මඟදි හම්බ උනත් ලංකාවෙ නෙමේ වගේ යන්න තමා පිටරටදි අපේ අය පුරුදු වෙලා තියෙන්නෙ ...

    ReplyDelete