My followers

Monday 6 February 2012

ඉන්දරේගෙ වැඩ කිඩ


පර්ත් නුවර වසන ශ්‍රී ලාංකිකයන්ගෙ මුලිකත්වයෙන් පවත්වාගෙන යන බෞද්ධ විහාරස්ථානෙ, සෑම වර්ෂයක් අවසානෙම දවස් හතක පිරිත් පින් කමක් පවත්නව. 

දැන් අවුරුදු ගානක ඉඳල මේ පිරිත් කම සඳහා 'පිරිත් මණ්ඩපය' නිර්මාණය කරන්නෙ මගෙ පෝස්ට් වල කීප වතාවක් නම සඳහන් කෙරුණු 'ඉන්දරේ'

ඉන්දරෙත් දැන් පදිංචි වෙලා ඉන්නෙ පර්ත් නගරයට නුදුරින්. ඉන්දරේගෙ වැඩකිඩ ගැන මීට කලිනුත් කීප වතාවක් මගෙ පෝස්ට් වල සඳහන් කළා කට්ටියට මතක ඇති.

ඉන්දරේ පර්ත් වල පෙන්නපු වැඩකිඩ වලින් කීපයක් පෙන්නන්න මේ පෝස්ට් එක වෙන් කලේ.

මෙම නිර්මාණ කටයුතු 
වලදි , වේදිකා නිර්මාණය සඳහා ලංකාවේ රාජ්‍ය නාට්‍ය උළෙලකදී ජනාධිපති සම්මාන ලාභියෙක් වුන ඉන්දරේගෙ බාල සොයුරාත්[සරත් අනුර], විදුලි වැඩ කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළේ සේවය කල විදුලි ඉංජිනේරු වරයෙකුත්[අනුර විජේවර්ධන] සහ මෙකී, නොකී, පර්ත් වාසී බෞද්ධ, අබෞද්ධ, බොහෝ දෙනෙකුගෙත් සහය ඉන්දරේට ලැබෙනවා වගේම, අනුශාසනා පර්ත් විහාර වාසී ශෝභිත හිමියන්ගෙන් බව මතක් නොකලොත් ලොකු වැරද්දක්.
 
ඉහත සඳහන් පිරිත් මණ්ඩප ඇරෙන්න, අවුරුදු ගානක ඉඳල, ඔය කිව්ව අයම එකතු වෙලා, වෙසක් එකට පන්සලේ ඉදි කරන වෙසක් කූඩුවත් ශ්‍රී ලාංකිකයන් අතර පමණක් නෙමේ, ඕස්ට්‍රේලියානුවන් අතරත් ජනප්‍රියයි. 

පිරිත් මණ්ඩප සහ වෙසක් කූඩු කීපයක් මේ සබැඳියාවන් ගෙන් ගිහිල්ල බලන්න.



ඉන්දරේ ගරු රඟපෑම් කල මගෙ පෝස්ට් 

82 comments:

  1. මරු වැඩකාරයෙක්වනෙ ඔබා අයියා මඩ වලින් නාවන්නෙ.
    පව් සමාකරන්නත් එක්ක මේක දැම්ම එක හොඳයි.....
    හරිම ලස්සනයි........

    ReplyDelete
  2. කන්තෝරුවෙ ඌ ටියුබ් නැති නිසා "සොරි ඉන්දරේ අංකල්"

    ReplyDelete
  3. ඇත්තටම ලස්සනයි ඔබා මාමේ. ඉන්දරේ නියම අතක් තියන මනුස්සයෙක්

    ReplyDelete
  4. ලස්සනයි...සුභපැතුම්..

    ReplyDelete
  5. ෂා.... මරු. ඔබා මාමා තියාගෙන කොළ ඉරන්නේ මෙහෙව් මිනිහෙක්ගෙනේ...... චී චී චී..... බොහොම කැතයි.....

    ReplyDelete
  6. පරණ පෝස්ට් ටික ඉන්දරේ අංකල්ට මාට්ටු වෙලා වගේ. එයා බ්ලොග් එකක් පටන් ගත්තොත් ඔබා මාමාට මොනවා වෙයිද?

    ReplyDelete
  7. වැඩ කාරයෙක්නෙ!
    මිනිහගේ වෘත්තිය මේකද??

    ReplyDelete
  8. ඉන්දරේ කිව්වලු මගේ ගැන වර්ණනා කරලා පෝස්ට් එකක් දාපන් නැත්නම් පෝයට පන්සල් එන්න එපා කියලා.. පව් ඔබා....

    ReplyDelete
  9. ලේසි පාසු පොරක් නෙවී....... දැන් ඔබා මාමා හදපු කූඩුව මොකද්ද ?

    ReplyDelete
  10. ලේසි පාසු පොරක් නෙවී....... දැන් ඔබා මාමා හදපු කූඩුව මොකද්ද ?

    ReplyDelete
    Replies
    1. හදපු කුඩුවෙ දැන් පැටවුනුත් ඉගිලිලා ගිහින්

      Delete
  11. කෝ අර "පළවෙනි කොටුවෙන් පේන්නේ ..." වගේ සින්දු නෑනේ!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පළවෙනි කොටුවෙන් පෙනෙනා දේ කියන්න වචන නැතිය....
      ඒක නිසා උඔගෙ බටෙන් බලලා සැනසෙන් පින්වත...

      ඩිං ටං ටං ටටං ටටං.... :p

      Delete
  12. අලේ අප්පේ මාර වැඩකරුවෙක්නේ... අවිත් තිබුනට ඕං ඔබා මාමේ කමෙන්ට් එකක් දැම්මේ අදයි...

    ReplyDelete
  13. සික්.....පස්ටම වැඩකරුවෙක්! පාට මෝස්තර, හැඩතල........ ඔය මොනා වලින්ද මණ්ඩපේ කරලා තියෙන්නෙ.....

    ReplyDelete
  14. ඇත්තටම හරිම ලස්සනයි... සෑහෙන පිරිසක් සහයෝගය දීල නේද වැඩේට....

    ReplyDelete
  15. මේ වගේ අගය කරන්න ඕන මනුස්සයෙක්ටනේ ඔබා මාමා මඩ ගැහුවේ කාලයක්.. ඉරිසියාවටද කොහේද..

    ReplyDelete
  16. නියමයි!!! හරිම ලස්සනයි!!! හොද මනුස්සයෙක්නෙ..

    ReplyDelete
    Replies
    1. ඉන්දරේ වෙනුවෙන් තෑන්ක් යූ

      Delete
  17. කියලා වැඩක් නෑ ඔබා අයියේ (මාමේ ). සිරාම වැඩ කාරයෙක්නේ. අර පිරිත් මණ්ඩප වල කැටයම් කරලා තියෙන්නෙ ලී වලද නැතිනම් රෙජිෆෝම් වල කරලා පාට කරලද...? සුපිරියි.....!

    ඔබා මාමා අයියත් මඩ පාර දෙන්නෙ මේ වගේ සිරාම කලා කාරයෙක්ටනේ.....! ඔයා නරක සමනලයා....!

    ReplyDelete
  18. සුපිරි වැඩ්ඩෙක්නෙ ...
    අ.පේ හැලපයා

    ReplyDelete
    Replies
    1. ඉන්දරේ වෙනුවෙන් තෑන්ක් යූ

      Delete
  19. මටනම් පේන්නෙ ඉන්දරේ මරණ තර්ජන කරලා වගෙයි ඔබා අයියට. නැතිනම් කිඩ්නැප් කරලා වත්ද? එහෙමත් නැත්නම් ප්‍රාණ ඇපකාරයෙක් හැටියට රඳවගෙන ඉන්න ගමන්ද?
    henryblogwalker the Dude

    ReplyDelete
  20. ලකී, ගොඩයා, ඉඳුනිල්, මාතලන්, දිනේෂ්, දුමී, Dude , සිංහයා,
    ඉන්දරේට එක පෝස්ට් එකක වත් මඩ ගහල තියෙනව කියල කියන කට්ටිය මඩ ගහපු තැන උපුටල පෙන්නුවොත් එතනට උත්තර දෙන්න පුලුහන්, ඉන්දරේ මගේ පෝස්ට් ඔක්කොම කියවපු කෙනෙක්, කවදාවත් යාළුව කියල නෑ මට, ඌට මගෙ පෝස්ට් එකකින් මඩක් ගෑවුනා කියල.

    ReplyDelete
    Replies
    1. ඔච්චර ටොයියෝ වෙච්ච යාලුවො ඇයි ඔබා මාමව යාලුවෙක් කර ගත්තෙ

      Delete
    2. බුද්ධි,

      ගිහින් චු කොරල නිදා ගං, වෙන වැඩක් නැත්තං

      Delete
    3. ඇත්තටම මේකෙ ඉන්දරේ අයියට මඩ ගහපු පොස්ට් එකක්වත් නෑනෙ...නෑ මම කියන්නෙ ඒවා ඩිලීට් කරලා කියන එක නෙවෙයි..එහෙම ඒවා ලියලා නැතුව ඇති..:D

      Delete
  21. මඩ නෙවේ බොල යාළුකම.. සිරාය..!

    ReplyDelete
  22. ඔබා මාමට මෙවන් යහලුවො සෑහෙන ආඩම්බරයක්.......

    ReplyDelete
  23. මධුරංග, කස්ස, පුංචි කුමාරිහාමි, ඉඳුනිල්, සමීර, බුද්ධි, කනියා, මියිරු, හිතුවක්කාරි,

    තෑන්ක් යූ කොමෙන්ට් වලට, මේ වැඩ වලට සම්භන්ද වුන එක්කෙනෙක් වත් වෘතියෙන් කලා කාරයො නෙමේ, පරිඝනක + යාන්තික + විදුලි ඉංජිනේරු අංශ වලින් ඉගෙන ගෙන හෝ ඒ සම්භන්ද රැකියාවල් වල නියුතු කට්ටිය. වෙනත් වෘතිය වලට සම්භන්ද අයත් ඉන්න ඇති, මං හරියටම ඒ ගැන විස්තර හොයල බැලුවෙ නැති එක ගැන ඕන්නං සමාව දාන්න ඕනෙ තැන මං කියන්න ඕන් නැහැනෙ.

    සම්පුර්නයෙන්ම කාර්ඩ් බෝඩ් සහ රිජිෆෝම් භාවිතා කරල තියෙන්නෙ මේ නිර්මාණ වලට.

    ඉන්දරේගේ ලොකු දුවගෙ මගුල් ගෙදරට මෙහෙ රිසෙප්ෂන් ශාලාවක් සම්පුර්ණයෙන් ලංකාවේ වගේ නිර්මාණය කල හැටි සහ ඒ පිලිබඳ පින්තුර සමග විස්තර ඉදිරියේදි වෙලා තියෙන විදියට ඉදිරිපත් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  24. කතන්දර Kathandara,
    Do I have to say it....heh...heh...

    sAm (සෑම්)
    You guys will see more of Indare in the near future.

    හිතහොඳ පිස්සා,
    What for the telling [මොකට කියනවද?]

    ReplyDelete
  25. අවංක [යෝනක] පැට්ට කිව්ව වගේ ' #කලහමාරයි, දොළහට #යියෙන් බාගෙයයි ' 11.30 pm

    ගුඩ් නයිට් මං නිදාගන්න යනව, ඉතුරු කට්ටියට වග උත්තර හෙට වැඩට ගියාම.

    ReplyDelete
  26. පිස්සු හැදෙනවා අප්පා මට ටික වෙලාවක් යනකන් හිතාගන්න බැරිවුනා මේ හදපුවද කියලා ඇත්ත වගේ මාරයි.....පව් අප්පා මේ අසරණයට ඔබා මාමා ගහන මඩ

    ReplyDelete
  27. මම ලෑස්ති උනේ දිග කතාවක් කියවන්ඩ... මම ඉතින් මේ ලඟදි ඉඳලා ඔබා මාමගේ බ්ලොග් එක ෆලෝ කරන්ඩ ගත්තු නිසා, ඔය පිනට රඟපාන ඉන්දරේව අදුනන්නෑ... පරන කතා ඉතින් ඉඩ ලැබෙන විදිහට තමා කියවන්ඩ වෙන්නේ..

    මොනවා උනත් ඉන්දරේ හොඳ වැඩ කරු කියලා පේනවා..

    කට්ටිය ලාංකීය උරුමය රැකගන ඉන්න එකනම් අගේ කළයුතුමය..

    ReplyDelete
  28. කොහොමත් ඉතින් පර්ත් පැත්තේ ඉන්නේ හරි වැඩ කාරයෝනේ.:D

    ඇත්තටම මෙයාගේ වැඩ නම් හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් ඒක හොදට දන්නවානේ නේ..............ද?

      Delete
    2. පර්ත් ඉතින් වැඩකාරයො ඉන්න පැත්තක් තමා, මෙහෙ කට්ටිය නං කියන්නෙ, බටහිර ඔස්ට්‍රේලියාව වෙන් කර ගත්තොත් වඩා හොඳයි කියල.

      Delete
  29. මේ ඉන්දරේ කියන්නේ රාජකීය වැඩකරුවෙක්නේ.. අප්පේ අපේ ඔබා අස්රේ කොරන්නේ එහෙම මෙහෙම පොරවල් නෙවෙයි බලන් යනකොට ඇඃ ?

    ReplyDelete
    Replies
    1. නැතුව...නැතුව...හෙහ්...හෙහ්...

      Delete
  30. මට තියෙන්නෙ නම් දුකක් අපෙ ගස් මෙහෙන් ඉදිරිලා පිටරටවල මල්ඵල දරනවා දැක්කම ...
    …ඒත් පුංචි සතුටක් තියනවා ඒ අපෙ මල් නිසා

    ReplyDelete
    Replies
    1. මල් ගැනමයි කල්පනාව...හෙහ්..හෙහ්...

      Delete
  31. තිබුණු ප්‍රතිරූපය එහෙං පිටින්ම නැතිවුනා.ඉන්දරේ වැඩ කරුවෙක් නේ.

    ReplyDelete
    Replies
    1. හප්පා...නරක ප්‍රතිරූපයක්ද තිබ්බෙ ? ඔන්න මං හෙම ඇති කල එකක් නං නෙමේ හරිද...

      Delete
  32. මොකක් හෝ කෙළියක් වෙලා තියනවා....යාළුවාව ශේප් කරගන්න දාපු මගඩියක්ද කොහෙද.....එහෙම නේද ඔබා මහත්තයෝ????

    ReplyDelete
  33. ගැමියා, කැන්ඩියන්,
    පරණ පෝස්ට් වෙලාව තියේ නං බලන්න, කොහෙවත් මඩ ගහල තියෙනවද කියල යාළුවට...හෙහ්...හෙහ්...

    සෙනා, පොඩි කුමාරිහාමි, ලොකු ජෝන්, අසරණයා,
    මිතුරාගේ හැකියාවන් අගය කිරීම ගැන හද පතුලෙන්ම ස්තුතියි

    ReplyDelete
  34. ඉන්දරයා වැඩ්ඩෙක්නෙව.......

    ReplyDelete
  35. මිනිහා වැඩ කාරයා...... එතකොට අපේ ඔබා මාමා................................?????

    ReplyDelete
  36. ඔබ නොදු‍ටු ලොවක්,
    ඔව්..වොව්...යාළුව වැඩ කාරය


    දේවා,
    එයා හැඩ කාරය නොවැ

    ReplyDelete
  37. පට්ට වැඩකාරයෙක්නෙ!

    ReplyDelete
  38. ඉන්දරේ රජ වැඩ්ඩෙකි.... කොහොම මාමට සෙට් උනාදැයි නොදනිමි...

    ReplyDelete
    Replies
    1. වැඩකාරයෙක්, තව වැඩකාරයෙකුට සෙට් වෙන එක අහන්නත් දෙයක්ද ?

      Delete
  39. ඊයෙ රෑ ගෙදර ගිහින් ප්‍රථිපත්ති කඩල මේ බ්ලොග බැලුව ඉන්දරේගෙ වැඩ බලන්න. කැටයං ටිකයි අර ලාක්ෂා වැඩ දාල වගේ පෙණුම තිබ්බ බීරළු ටිකයි එක්ක මණ්ඩපෙයි මකර තොරණ මණ්ඩපෙයි පට්ට. මුචලින්ද දමණයෙ බුදු පිළිමෙ ඇර කූඩු වල අනික් ඔක්කොම ගැනත් කියන්න තීන්නෙ ඒ ටිකම තමයි. වැඩේ ලස්සන වැඩි වෙන්න බුදුන්ව චිත්‍රයට නඟන්න වෙන දක්ෂ කෙනෙකුට දෙන්න කියන්න. අපේ දේවීයි ලොකු බාහුයි දෙන්නත් ඉන්දරේ මාමගෙ කලා වැඩ ලස්සනයි කියල කියන්න කිව්ව...ඒකත් ඔන්න කිව්ව.

    කලා කෙතක් උන ඉන්දරේ සහ කලා රිටක් උන ඔබා-ම!

    ReplyDelete
    Replies
    1. සිංහයා,
      ''මුචලින්ද දමණයෙ බුදු පිළිමෙ '' චිත්‍රයක් නෙමේ ඒක කඩදාසි , කාඩ් බෝඩ්, වලින් කල නිර්මාණයක්, ඒක නං හරියටම ඇවිල්ල නෑ කියන ඒක පේනවා. ඉන්දරේ විවේචනේ පිලිගනී. ඉන්දරේගෙ චිත්‍ර ඇඳීමේ හැකියාවත් ඉතාම ඉහලයි. දැනටත් ඩී. බී. කුරුප්පු ඇතුළු ලේඛයන්ගේ පොත් වලට කවර පවා නිර්මාණය කරල තියෙනව. මල්ටි ටැලන්ටඩ් පොරක්. කොමෙන්ට් නොදැම්මට ඉන්දරේ බ්ලොග් එක සහ කොමෙන්ට් කියවන බව දන්නවා. දේවියටයි ලොකු බාහුටයි ඉන්දරේ වෙනුවෙන් තෑන්ක් යූ කිව්ව කියන්න.

      //කලා කෙතක් උන ඉන්දරේ සහ කලා රිටක් උන ඔබා-ම!//
      සිංහ හමක් පොරවා ගත්.......හෙහ්...හෙහ්...කිව්වයි කියල හිතා ගං...............

      Delete
  40. ෂැහ්...ඉන්දරේ ලා වගේ වැඩකාරයෝ ඔබා මාමලා වගේ මිනිස්සුන් ව මොනාට ආශ්‍රය කරනවද මන්දා?
    …හරිම අපූරු නිර්මාණ මේවනම්! ඉන්දරේ ට අපේ කෘතඥතාවය....!

    ReplyDelete
  41. හරිම ලස්සනයි. හැබෑම දක්ශ නිර්මාණකරුවෙක්....

    ReplyDelete
  42. ලහිරු,
    ඔබා මාම වගේ කට්ටිය ආශ්‍රය කොරන්නත් පින් කොරල තියෙන්න ඕනෙ.....හෙහ්...හෙහ්..
    ඉන්දරේ වෙනුවෙන් තෑන්ක් යූ.

    තරු අරුන්දතී,
    දුවටත් ඉන්දරේ වෙනුවෙන් තෑන්ක් යූ.

    පිස්සා,
    පොතක් එහෙම ලිව්වොත් කියහන්, ඉන්දරේ ලව්ව පිට කවරයක් ඇඳල දෙන්න ට්‍රයි එකක් දාන්නං

    ReplyDelete
  43. පට්ටයි පට්ටම පට්ටයි. රත්තරං අත් දෙකක් නේ.... තව තව වාසනාව ලැබෙන්න ඔන..

    ReplyDelete
    Replies
    1. ඉන්දරේ වෙනුවෙන් Shaggy ටත් ස්තූතියි

      Delete
    2. පට්ටම තැලෙයි බං ඔහොම කියවන්න ගියොත් . . . දන්නවනෙ ඔබා

      Delete
  44. නියම වැඩක් ඔබා අයියේ...මේ එක නෙමේ..මෙදා සැරේ අපේ කොල්ලන්ට සප් එකට මැච් එක බලන්ඩ යනවදො...

    ReplyDelete
    Replies
    1. දුව බෑණ ඇතුළු සියලු දෙනාම යනව, මං [අපි දෙන්නම] අවුරුදු ගානකට ඉස්සෙල්ල නැවැත්තුව ලංකාව ගහන මැච් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ල බලන එක, ටී. වී. එකෙන් තමා ෆුල් සපෝට් එක දෙන්නෙ.

      Delete
  45. ඔබාගෙ යාලුවො, උදාහරනයක් විදියට ඕනයා, බුද්ධියා, ඉන්දරේ වගේ අය එක පොදු කරුමයක් ගෙවනව . . . ඒ මොකද්ද කියල මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ . . . .

    ReplyDelete
    Replies
    1. හතුරෙකුගෙ නමක් කොහොමද මිතුරන්ගෙ නම් ලිස්ට් එකට ඇතුල් වුනේ ?

      Delete
  46. සිංහරාජෙ ගිහිං දැනුයි ආවෙ. හීන්සැරේ ඔක්කොම බලන්නං

    ReplyDelete
  47. ඉන්දරේට මාගේ ප්‍රණාමය !!

    ReplyDelete
  48. //ඉන්දරේ ගරු රඟපෑම් කල මගෙ පෝස්ට්// මේ පෝස්ට් ටික බලල එන්නම් ඔබා මාමේ....

    ReplyDelete
  49. ඊ මේල් කවි කාරී,
    මං ඒත් බැලුව මොකද මේ පැත්තෙ ආවෙ නැත්තෙ කියල

    සඳරු,
    ඉන්දරේ වෙනුවෙන් මගේ ස්තූතිය පිළිගන්න.

    සිහින මතකයන්,
    හොඳා...හොඳා...බලලම එන්න

    ReplyDelete
  50. මට හිතුනා. ඔය වගේ ඉතිහාසගත වැඩ කරන්න පුළුවන් ඉන්දරේ වගේ අයට තමයි.. මඩ ගහල ගහල අන්තිමට යාළුවාව ආකාශෙන් උස්සල තියල..

    ReplyDelete
    Replies
    1. කවද්ද ඉන්දරේට මඩ ගැහුවෙ, පුළුවන්ද එහෙම තැනක් පෙන්නන්න එක පෝස්ට් එහෙක වත් ?

      Delete
  51. ඉන්දරේ රතු කොඩිය වනල වගේ :D

    ReplyDelete
  52. ඉන්දරේගෙන් ඔබාට මරණ තර්ජන එල්ලවීමෙන් පසු සුදුකොඩියක්!

    ReplyDelete
  53. මේ වගේ අය ජාතියට අහිමි වෙන්නෙ අපේම අවාසනාවටද මන්දා අයියේ. කොහොම උනත් ඉන්දරේට , සොහොයුරාට හා දායක වෙන අයට අපේ ප්‍රණාමය!

    ReplyDelete
    Replies
    1. පිස්සු නං කතා කරන්න එපා...හෙහ්...හෙහ්...

      Delete
  54. Chandika & Raj,

    පිස්සු නං කතා කරන්න එපා...හෙහ්...හෙහ්...

    ReplyDelete
  55. කපලා ඉතුරු වුණ රිජිපෝම් කෑලි අස්කරනවා වගේ පොඩි වැඩක්වත් ඉන්දරේ ඔබාට දීලා නෑ මගේ හිතේ...නැත්තම් මේකට මායි ඉන්දරෙයි හදපු පිරිත් මණ්ඩප්පේ කියලනේ දාන්නේ... :D

    සේරම වීඩියෝ හෙමින් බලන්නම් :)

    ReplyDelete
    Replies
    1. පළාතෙ නොගිහින් කොහොමද අර නරිය කිව්ව වගේ ' මේව අලින්ගෙ අපේ වැඩ ' කියල කියන්නෙ...හෙහ්...හෙහ්...

      Delete
    2. යකෝ .. . ඒක කිවුවෙ කටුස්සා

      Delete
    3. එතකොට අර රා බීල කටුස්සයි කිඹුලයි මාරු වුනේ කාටද ? උඹට හෙම නෙවි නේද ?

      Delete