My followers

Saturday 25 February 2012

කක්ක පෙරේරා



මම කුරුණෑගල ලංගම ප්‍රාදේශීය වැඩපොළේ වැඩ කරන කාලෙ ඒ වැඩපොලේම වැඩ කරපු චරිතයක් පෙරේරා. ලංගම මම පුහුණුව ලබපු වේරහැර ආයතනෙම, මට අවුරුදු කීපෙකට පසුව පුහුණුව ලබපු පෙරේර මේ කියන කාලෙ සේවය කලෙත් කාර්මික අංශයේ. පෙරේර ඒ කාලෙ හිටියෙ වැල්ලව පොළට කිට්ටුව, අනාගත බිරිඳ කාන්තිගෙ ගෙදර. එකට හේතු වුනේ, එයාලගෙ ප්‍රේමයට පෙරේරගෙ දෙමව්පියන් සහ සහෝදර, සහෝදරියන්, බලවත් ලෙස විරුධත්වය පෑම.

පෙරේරගෙ පෙම්වතියගේ ගෙදර, ඉස්සර අපිත් අඩියක් එහෙම ගහන්න සෙට් වෙන තැනක්. නැන්දම්මයි, මාමණ්ඩියි, හරිම හොඳ මිනිස්සු. අපි සෙට් වෙන වෙලාවට බයිට් එකක් හදල දෙන්න, කෑම ටිකක් උයල දෙන්න හෙම කවදාවත් පස්ස ගැහුවෙ නෑ. අපි එහෙ නයිට් පාක් ගැහුවොත්, පහු වෙනිද උදේට වැඩට යනකොට ගෙනියන්න ගින්නෙන් තවපු කෙහෙල් කොලේක ඔතපු, මතක් වෙනකොට දැනුත් කටට කෙල උනන, බත් මුලක් කවදාවත් වැරදුනේ නෑ.

මම කුරුණෑගල ඉන්න කාලෙම, පෙරේර කාන්තිව විවාහ කර ගත්ත. වෙඩින් එකයි හෝම්කමින් එකයි එකම දවසෙ. හෝම්කමින් එකක් ගන්න හනිමූන් යන්න එපෑ. අවුරුදු ගානක් එක ගෙදර ඉඳල උන්ට හනිමූන් යන්න අවශ්‍යතාවක් තියෙන්න නැතුව ඇති. දවල් මඟුල් ගෙදර නියමෙට තිබ්බ. අපි ඉතින් කලින් දවසෙ ඉඳල එහෙ, වැඩට උදව්ව කොහොම වෙතත් යාළුවො නියමෙට පෙරේරගේ අන්තිම බැචුලර් දවස සෙලිබ්රේට් කළා. ඒ කාලෙ Stag පාටි කියන ඒව නං අපි අහළවත් තිබ්බෙ නෑ. මගුල් දවසෙ නෑදෑයො හිටියෙ නං කාන්තිගෙ පාර්ශවෙන් විතරයි. එදාම රෑ තිබුන 'ඇස්ටෝන් ' පාටිය. ඒකට වැඩි හරියක් සහභාගි වුනේ ගමේ අහල පහළ කට්ටිය. ලංගම යාළුවො ටික ඒකටත් සහභාගි වුනා විතරක් නෙමේ, එදා නයිටත් එහෙ.

පෙරේර විවාහ වෙලා කාලෙකට පස්සේ, මැද පෙරදිග රැකියාවකට ගියා. අන්තිම වතාවට හමුවෙනකොට විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න දියණියකගෙ පියෙක්. එක්සත් ජාතීන්ගෙ සංවිධානය මගින් දියුණු වෙන රට වල පවත්වාගෙන යන කාර්මික විද්‍යාල වල, විශේෂඥ උපදේශකයෙක් හැටියට ආසියාවෙ සහ අප්‍රිකාවේ රටවල සේවය කරන්නෙ.


මං මේ කියන්න යන සිද්ධිය වෙලා තියෙන්නෙ, පෙරේර බඳින්න ඉස්සෙල්ල, පිස්සු කෙලින කාලෙ. ඒ දවස් වල මෑන් වැඩ කරල තියෙන්නෙ, උඩුබද්දාවෙ  තිබුන ලංගම වැඩපොළක. ඒකත් කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොලේම ශාඛාවක්. ඕනෙම මාසෙක 8 වෙනිද කියන්නෙ, ලංගම ඉංජිනේරු අංශෙ කට්ටියගෙ අවුරුදු දවස. වෙන විධියකට කිව්වොත් පඩි දවස. මේ කියන පඩි දවසෙ පෙරේර යාළුවො කට්ටියක් එක්ක සෙට් වෙලා හොඳට අනුමත වුනාලු.  උඩුබද්දාව පැත්තෙ කට්ටිය ක්ලබ් වල, බාර් වල, රෙස්ටොරන්ට් වල, සෙට් වෙන්නෙ කළාතුරකින්.  හේතුව දංකොටුව පැත්ත වගේම, ඉස්තරන් විදියට පෙරාපුව උඩුබද්දාව පැත්තෙ හොර ස්පොට් වල ලාබෙට තියෙන හින්ද.




හොර පොට් එකෙන් පටන් ගත්ත වැඩේ ඉවර වෙලා තියෙන්නෙ, තව බෝතලයක් දෙකකුත් අරං ඒ පැත්තෙම එක යාළුවෙකුගෙ ගෙදර. ගෙනාපු බෝතලුත් ඉවර කරන ගමන් සින්දුවක් දෙකකුත් කියල, යාළුවගෙ ගෙදරින් උයල දුන්නු කෑමත් රෑට සප්පායන් වෙලා යාළුවො ටික නිදා ගන්න සෙට් වුනාලු.  ගෙයි සාලෙ පැදුරු එලාගෙන තමා කට්ටිය නිදාගෙන තියෙන්නෙ. දාඩිය දානව, ඒක නිසා හුළං ටිකක් වදින්නත් එක්ක කියල පෙරේර පැදුරකුත් ඉල්ලගෙන ගෙදර ඉස්තොප්පුවෙලු නිදා ගත්තෙ.

රෑ ගානට අනුමත වෙලා පරක්කු වෙලා එහෙම නිදාගත්ත නිසා කට්ටියට ඇහැරෙන කොට  එළිය වැටිලලු හොඳට. අනික් අය දත් මදින්න කුස්සියෙන් අඟුරු කෑලි එහෙම ඉල්ලගෙන එළියට එනකොටත් පෙරේර තාම නිදිලු. යාළුවො ටික පෙරේරව අවදි කරගෙන ලිඳ ගාවට යන්න මිදුලට බහින කොට,  මිදුලෙ මහ විසාල කක්ක බෙට්ටක්ලු. යාළුවො එකිනෙකාගෙ මූන බලද්දි පෙරේර කිව්වලු  ' බල්ලෙක්ද කොහෙද මිදුලෙ කැත කරල '  කියල.

ඉස්තෝප්පු කාමරේ නිදාගෙන හිටිය යාළුවගෙ තාත්ත ඒ වෙලාවෙ දොර ඇරගෙන එළියට ඇවිල්ල කිව්වලු  ' ඔව් ඒ බල්ල ලිඳ ගාවට ගිහින් වතුර බාල්දියක් ඇදන් පුකත් හෝදගත්ත '  කියල.

එදා ඉඳල අද වනතුරු, පෙරේර නිකංම පෙරේර නෙමේ,  'කක්ක පෙරේර '

Thursday 23 February 2012

DANGEROUS....!!!



අහල තියෙනවද 'ඕපල් ' කියල මැණික් වර්ගයක් ගැන ? මධුර ඩික්ෂනරියේ  කියන්නෙ 'අග්නි මාණික්‍ය'  කියල, මහාචාර්ය මලලසේකර උන්නැහෙ කියල තියෙන්නෙ 'උපල මාණික්‍ය' කියල. ලෝකයෙ මැණික් පතල් වලින් ලැබෙන ඕපල් මැණික් වලින් 30% කම ලැබෙන්නෙ, දකුණු ඔස්ට්‍රේලියාවෙ තියෙන 'කුබර් පෙඩි ' කියන කුඩා නගරෙ ආසන්නයේ තියෙන ආකර වලින්. White man 's hole එහෙමත් නැත්තන් 'සුද්දන්ගෙ වල' කියල ඒ පළාතේ ඉස්සර වාසය කළ  ඕස්ට්‍රේලියන් ඇබොරිජිනල් මනුස්සයන්ගෙ  බාසාවෙන් කිවූ  'කුබර් පෙඩි' කියන නාමය  තමයි තවමත් මේ නගරෙට භාවිතා වෙන නම.


ඉහළ චායාරූපෙ තියෙන්නෙ 'කූබර් පෙඩි ' මැණික් ආකර තියෙන ප්‍රදේශෙ, හැම තැනම ගහල තියෙන අනතුරු හැඟවීමේ දැන්වීමක්. 
පහල චායාරූපෙ තියෙන්නෙ 'කුබර් පෙඩි' නගරෙට  ඇතුල් වෙන තැන තියෙන නාම පුවරුව.


'

පහළින්  තියෙන්නෙ කුබර් පෙඩි වල පොලොව මතුපිට පේන්න තියෙන ගොඩනැගිලි. දරුණු කාන්තාර කාලගුණය නිසා මේ නගර වාසීන් ජීවත් වෙන්නේ, පොලොව යට. ඒගොල්ලො පොලොව හාරල හදල තියෙන ගෙවල් වල සාමාන්‍යයෙන් කාමර තුනක්, කුස්සියක්, නාන කාමරයක්, වැසිකිළියක් සහ
විසිත්ත/කෑම  කාමරයක්  [lounge /dinning area] තියෙනව. වායු සමීකරණ මේ ගෙවල් වලට අවශ්‍ය නැතිලු, ගෙවල් තුල දවල් කාලෙ වගේම රාත්‍රියෙත්  දරා ගත හැකි එකම උෂ්ණත්වකින් පවතින නිසා. පොලොව මතුපිට උෂ්ණත්වය  නම් සෙන්ටිග්‍රේට් 50 ට [ෆැරන්හයිට් 100] වඩා වැඩි වෙන දවස් තියෙනවලු.


මැණික් ආකර, පොළොව යට දේවස්ථාන ඒ වගේම පොළොව යට සුසාන භුමි, හෝටල් වැනි දේවල් නිසා ලෝකෙ හැම පැත්තෙන්ම සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ ශක්තියක් තියෙනව  මේ 'කුබර් පෙඩි ' කියන කුඩා නගරෙට. කුබර් පෙඩි නගරයෙ දකින්න තියෙන ගස් යකඩින් හදල වෙල්ඩින් කල ඒව...හෙහ්...හෙහ්...

අධික උෂ්ණත්වය නිසා ගොල්ෆ් ගහන්න නං පුළුවන් රෑට විතරයි. ගොල්ෆ් ගහන කට්ටිය tee-off එකට පොඩි 'තණ නිල්ල' කෑල්ලක්  අරන් එන්න ඕනෙලු, මොකද 'කුබර් පෙඩි' ගොල්ෆ් කෝස් එකේ තණකොළ නැති නිසා.





 Opal Dream, Mad Max Beyond Thunderdome, Red Planet  සහ  Priscilla, Queen of the Desert ඇතුළු චිත්‍රපට ගණනාවකට පසුබිම සපයල තියෙනව 'කුබර් පෙඩි'.


 පහතින් තියෙන්නෙ 'කුබර් පෙඩි' පල්ලියෙ පිටත සහ ඇතුළත දර්ශන කීපයක්.











පහතින් තියෙන්නෙ 'කුබර් පෙඩි' නිවසක ඇතුළත දර්ශන කීපයක්.




 පහතින් තියෙන්නෙ 'කුබර් පෙඩි' හෝටලයක දර්ශන කීපයක්.








 Aboveground Spaceship
  'කුබර් පෙඩි' පොත් සාප්පුව
මේ විස්තර සහ චායාරූප සපයා ගැනීමට උදව් කල තාරක දිල්ශාන් අමරසිංහට මගේ ස්තුතිය.
'තාරක දිල්ශාන්' නමින් කොමෙන්ට් කරන ඔහු සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරන, තම පියාගෙ ව්‍යාපාරයට උදව් දෙන ගමන්  පර්ත් නගරයෙ උසස්  අධ්‍යාපනය ලබන තරුණයෙක්.



කරුණු කාරණා සහ චායාරූප බොහොම අමාරුවෙන් හොයල, මේ පොස්ට් එක ලියල පබ්ලිෂ් කරන්න හේතු වුන කොමෙන්ට් එකක් තියෙනව. ඒක මෙහෙ ඉන්න එක්කෙනෙක්, මෙහෙ ඉන්න එවුන් ගැන, කියපු කියමනක්. කොමෙන්ට් ඒක පළ වුනේ නං වෙනත් බ්ලොග් එකක. {තරහකින් කිවූ දෙයක් නොවේ, දිරිගැන්වීමට ස්තුතිය පල කිරීමක්...හෙහ්...හෙහ්...}

//මේවයෙ ඉන්න එවුන් නොලියන එකේ බින්දිවත් මේවා ලියන එක කොච්චර දෙයක්ද.... එක අතකට ඉන්න තැන ගැන ඒවයෙ ඉන්න එවුන් කියනවට......//

කොමෙන්ට් එක නං ඔයිට වඩා දිගයි, වැදගත් කොටස විතරයි මෙතන දැම්මෙ.

ළඟදීම එනවා....!!! බටහිර ඔස්ට්‍රේලියාව පුරා හාරන රත්තරන් වලින් රන් ගඩොල්, රන් බිස්කට්, රන් කාසි, නිපදවන 'පර්ත් මින්ට් ' කියන රත්තරන් වැඩපොළ පිලිබඳ ලිපියක්.

Sunday 19 February 2012

නරියෙක්, කැළෑවක් සහ කොටි දෙනක් පිලිබඳ කථාවක්



මේක හුඟාක් ඉස්සර අහපු, කාලෙකට ඉස්සර 'අන්තිම පේළිය' බ්ලොග් සයිට් එකෙත් මම පබ්ලිෂ් කරපු, කතාවක්. අසභය කතාවක්ද කියල හිතුන නිසා මේ සයිට් එකේ පළ කරලත්, පැය කීපෙකින් නැවත අයින් කළා. 'මට හිතෙන හැටි' බ්ලොග් එක ලියන, හෙන්රි ද බ්ලොග් වෝකර්  මේ කතාවට මහන්සි වෙලා ඇඳල දුන්න චිත්‍රය අපරාදෙ අහක යන නිසා, අසභ්‍යයි කියල හිතුන වචන කපල කොටල නැවත කථාව පළ කරන්න හිතුව.
 
කට්ටිය දන්නවනෙ ඔය නරිය කියන එකා, මහම මහා, කුප්පම කුප්ප, ජරා වැඩටම නං දරාපු, කැලේ ඉන්න හැම සතාටම දිරවන්නෙ නැති එකෙක් කියල. දවසක් මේක වෙන එකෙක්ගෙ දඩයමකින් හොරා කන්න හිතාගෙන කැලේ එහෙ මෙහෙ නිකං ඇවිදින කොට දැක්ක, කොටි දෙනක් පැටවුන්ට කිරි දෙනව. මූත් බය සැක නැතුව ලං වෙලා, මුගෙ කුපාඩි කමට කිව්ව 'සීදේවි පැටව් ටික, මගෙ මූනමයි පිහිටල තියෙන්නෙ' කියල.
කොටිච්චිට නැග්ග අසුහාරදාහට, 'තොගෙ අම්මට' කියල පැටව් ටිකත් ගසල දාල පැන්න, කෙළවන්නං වල් නරියට කියල හිතාගෙන. නරිය නේද, මාරු කොලා ගියර් හතරම එක පාර, ඔරේ රන්. දැන් නරිය රන් එක දෙනව ෆුල් ස්පීඩ්, කොටිදෙන එළෝනව පස්සෙන් හැටට හැටේ. නරියට තේරුනා බඩු බනිස් වෙන්න තමා යන්නෙ, දුවල බේරෙන්න බැහැ කියල. පහුගිය වතාවක කේජු කෑල්ල මිස් වුනාට, මුගෙ කපටිකම් තවම ඔළුවෙ තියනවනෙ, මූ කොල වැඩේ, ඝනට වැවුණු පඳුරු ගොඩක් හරහ දිව්ව. කොටිදෙනත් ආපු ස්පීඩ් එකෙන්ම පඳුරු අස්සෙන් දුවන්න ගිහිං පඳුරු ගාලෙ හිර වුනා.
නරිය සයිඩ් කන්නාඩියෙන් පස්ස බලන කොට දැක්ක, කොටි දෙනට බඩු හරි කියල. මූ ගැහුව බ්රේක් එක තැන, හැරිල ඇවිල්ල ඉන්ස්පෙක්ෂන් පාරක් දාල බැලුව තත්වෙ. කොටිදෙන හිර වෙලා කෙඳිරි ගෑවෙන සයිස් එකට. කළිනුත් කිව්ව වගේ මූ කුප්පම කුප්ප, කුජීත, සතානෙ. කොටි දෙනගෙ වලිගෙ එහෙම පැත්තකට කරල, නරියෙකුට නරි දෙනක් එක්ක මිස, ආත්මෙට කොටි දෙනක් එක්ක කොරන්න හම්බ වෙන්නැති වැඩේ, කොටි දෙනට කොරල, උගෙ නරි හිනාවකුත් 'හුක්ක හුකේ හූ' කියල දාල, කෝකටත් අඩිය ඉක්මන් කොරල මාරු වුනා.
කොටි දෙනට ඌරු ජුවල්, ඊට හපන් ලැජ්ජාව. බොහොම අමාරුවෙන් සෑහෙන වෙලාවක් දඟලල හිර වෙලා හිටිය පඳුරු ගාලෙන් ගැලවුනා. කේන්තියයි, ලැජ්ජාවයි,  හින්ද පැටව් ටිකත් අමතකයි. දැන් හැමතැනම ඇවිදිනව, වල් නරියව හොයල උගෙ බඩ බොකු අදින්නං කියල හිතාගෙන. නරියත් කැලේ සතානෙ, ඌටත් ඉවෙන් වගේ තේරුනා කොටි දෙන ලඟම ගැවසෙනව කියල. හැංගෙන්න ප්ලේස් එකක් හොයන්න වටපිට බලන කොට දැක්ක ගමරාළගෙ ගෙදර. ගොඩවුනා ඉස්තෝප්පුවට, කකුල් දෙකත් උඩට අරන් වාඩි වුනා, ඉස්තෝප්පුවෙ තිබ්බ හාන්සි පුටුවෙ. කනප්පුව උඩ තිබ්බ පත්තරේ අරන් දිග ඇරිය මුළු ඇඟම වැහෙන්න. දැන් මූ ගමය පත්තරේ කියෝන පාර්ට් එක ඇක්ට් කොරාන ඉන්නව.
කොටිදෙන මිදුලට ගොඩවෙනකොටම දැක්ක, ගමය පත්තරේ කියෝමින් ඉන්නව. කොටිදෙන ඇහුව ගමයගෙන් ”මේ පැත්තෙන් ගියාද වලත්ත නරියෙක් එහෙම” කියල. නරිය කටහඬ වෙනස් කොරල, “මේ පැත්තෙන් ආවෙ නං නැහැ, ඒ වුනාට පත්තරේ නං තියෙනව, කොටිදෙනකට නරියෙක් අහවල් වැඩේ කොලා කියල” කිව්ව.  කොටි දෙනට ෆුල් හොල්මන්, එක පාරටම කියවුනා “මගෙ ହୁଥଥ  වේලෙන්නත් ඉස්සෙල්ල, රිපෝටර් ବେସିଗେ පුතාල මේක පත්තරෙත් දාලනෙ” කියල.
මෙන්න  'නෙලුම් විලේ ' ලින්ක් එකක හංගල Bindi  දාල තිබ්බ 'ඕස්ට්‍රේලියා ඩේ ' ගිනි කෙළි බලන්න ආපු ඕස්ට්‍රේලියන් ගෑල්ලමයින්ගේ පින්තුරයක්. මං හෙම පබ්ලිෂ් කොලා නං අහන්න තිබ්බ කට්ටිය කියන කතා හුහ්..

Monday 13 February 2012

Living together [final episode]

ඕස්ට්‍රේලියන් ආණ්ඩුව වෙසක් දවස රෙකග්නයිස් කරල තිබ්බට, වෙසක් හෝ පසළොස්වක දවස, මෙහෙ නිමාඩු දවසක් නෙමේ. ඔබී හැම පසළොස්වකටම සිල් ගන්නව. මෙහෙ සිල් දවස හැබැයි හරියටම පෝය දවස වෙන්නෙ කළාතුරකින්. පර්ත් පන්සලේ සිල් දවස, පසළොස්වක පෝය දවසට කිට්ටුම සෙනසුරාද. වෙසක්, පොසොන්, වගේ දවස් වල 60-70 දෙනෙක් සිල් ගත්තට සාමාන්යෙන් පෝය දවසකට සිල් ගන්න උදවිය ඉන්නෙ 25-30 ක් විතර කියලයි ඔබී කියන්නෙ. 

ඔබී කරන සමාජ සේවාවන් අතුරෙන් එකක්, නාකි ඔබීටයි මටයි, දුව පුතා, කියන වයසෙ කීප දෙනෙකුට සිල් ගන්න පන්සලට යන්න ට්‍රාන්ස්පෝට් සපයන එක.  කව්රුවත් නැති වෙලාවෙ, ඔබා බ්ලොගක් කියෝගෙන සන්තෝශෙන් ඉන්න අතරෙ පහුගිය සෙනසුරාද ඔබී සිල් මුදවල ගෙදර ආවෙ, අර කිව්ව ඇන්ටි කෙනෙක් සහ අපේ කතා නායක මනෝජ් සමග.

තමන්ගේ මුළු සබ්බ සකලමනාවම, තඩි  'බැක් පැක් ' බෑග් එකක අහුරල කරේ එල්ලගෙන යන දේශ සංචාරකයො ඔයාල දැකල ඇතිනෙ. ඒ වගේ සංචාරකයො බොහොම අඩු වියදමින්, තමන් යන රටවල කුලී වැඩ වගේ පොඩි රස්සාවල් හෙම කරමින් තමන්ගෙ දේශාඨන වල යෙදෙන්නෙ. 'බැක් පැකින් ටුවරිස්ට් ' කට්ටියට තරු හෝටල් වල නවතින්න තරං සල්ලි නෑ. [සල්ලි තිබුනත්, මේ අත්දැකීම් ලබා ගන්නම බැක් පැකර්ස් හැටියට සංචාරය   කරන අයත් ඉන්නවලු] එහෙම ටුවරිස්ට්ලට නවතින්න හුඟාක් රටවල 'බැක් පැකර්ස් හොස්ටල් ' කියල නවාතැන් පොළවල්  වර්ගයක් තියෙනව.  ඒවයෙ සමහර වෙලාවට කාමර හෝ විශාල ශාලා වල නිදාගන්න පහසුකම්, පොදු වැසිකිලි, පොදු නාන කාමර, පොදු රුපවාහිනී එහෙම තියෙන්නෙ. හැබැයි අය කරන මුදල හුඟාක් අඩුයි. පළමු වතාවට පර්ත් ආව මනෝජ්, පර්ත් නගර මධ්‍යයට කි.මී. දෙකක් වගේ දුරකින් 'ක්ලේස්බ්රූක් ' කියන හරියෙ තියෙන බැක් පැකර්ස් හොස්ටල් එකක් තමන්ගෙ තාවකාලික නවාතැන හැටියට තෝරගෙන තියෙන්නෙ.



නවාතැනක් හොයා ගත්ත මනෝජ්ට, තමන්ගෙ ක්ෂේස්ත්‍රයෙ  රැකියාවක්  හොයා ගන්නත් ගතවුනේ දින කීපයයි.  රැකියාව නිසා ස්තිර නවාතැනක් හොයා ගන්න එක  සති අන්තෙට  කල්දාන්න සිද්ධ වූනා. මනෝජ් රැකියාවට ගිය පළවෙනි සතියෙම  ' ඕස්ට්‍රේලියා ඩේ ' කියල ජාතික නිමාඩු දිනයක්  යෙදුන. 

'ඕස්ට්‍රේලියා ඩේකියන්නෙ, ඒ කාලෙ 'නිව් හොලන්ඩ්' නැත්තං 'නව ඕලන්දය' නමින්  හැඳින්වුන  ඔස්ට්‍රේලියාවට,  එංගලන්තෙ ' ෆස්ට් ෆ්ලීට් ' කියන  නැව් 11 කින් යුක්ත නැව් සමුහයක්  1780 ගණන් වල   නිලධාරීන්  හිර කාරයෝ, ඇතුළු පිරිසක්  රැගෙන ගොඩ බැස්ස දවස සැමරීම සඳහා වෙන්වුන දිනය.
[ලින්ක් වලින් ගිහිං, ඉතිහාසෙ ගැන උනන්දුවක් තියෙන අයට විස්තර කියවල බැලියෑකි] ජනවාරි 26 වෙනිදට යෙදෙන 'ඕස්ට්‍රේලියා ඩේ' එකට ඕස්ට්‍රේලියාවෙ  හැම ප්‍රධාන වගේම උප නගරෙම අලංකාර ගිනිකෙළි සංදර්ශන පැවැත්වෙනව.


සමහර ඕස්ට්‍රේලියන් ගෑල්ලමයි ගිනිකෙළි බලන්න එන්නෙ මෙන්න මේ විධියට.
ජනවාරි 26 වෙනිද රෑ 8.30 ට පර්ත් නගරෙ පැවැත්වෙන  ගිනිකෙළි සංදර්ශනේ මල් වෙඩි අහසට යවන්නෙ, 'ස්වෝන් ගඟේ '  ඒ සඳහාම එදාට නැංගුරම් දාල තියෙන පාරු විශේෂයක ඉඳල. එදාට ගඟ ඉවුරෙ තියෙන 'එස්ප්ලනාඩ්' කියන විශාල පිට්ටනියෙ, කඳු මුදුනක පිහිටල තියෙන 'කින්ස් පාක්' උද්‍යානෙ ඒ වගේම 'සවුත් පර්ත් ෆෝ ශෝ' කියන ස්ථාන වල සෙනග පිරෙන්නෙ මධ්‍යාන කාලෙ ඉඳල. නිමාඩු දවසෙ අපේ කථා නායකයත් මල් වෙඩි බැලුවලු  'එස්ප්ලනාඩ්' පිට්ටනියෙ ඉඳල. මල් වෙඩි නරඹද්දි මිතුරු වුන ඕස්ට්‍රේලියන් ජාතිකයො කීප දෙනෙක් එක්ක කථා බහ  කරමිනුත් හිටියලු. එයාල දුන්නු බියර් ස්ටබියකුත් බිව්වලු. ඇහැරුනේ පහුවෙනිද උදේලු. ඇහැරෙනකොට  හිස්  මුදල් පසුම්බිය ඇඟට යට වෙලා තිබුනලු.

මනෝජ් පොලිසියට ගිහිං පැමිණිල්ලකුත් දාල, හොස්ටල් එකේ මැනේජර්ටත්  වෙච්ච දේ කියල එදා වැඩට ගියාලු. මනෝජ් කියන විදියට මැනේජර්ට එයා පොරොන්දු  වුනාලු, ඊළඟ සිකුරාද පඩි ලැබුනම හිඟ මුදලුත් එක්ක ගාස්තු ගෙවන්න. මනෝජ් නවාතැන් ගාස්තු ගෙවල තිබිල තියෙන්නෙ, පහුවුන අඟහරුවාදා වෙනකම්  විතරයි. බදාද වැඩ ඇරිල එනකොට මැනේජර් හිටියේ නැතිලු. බ්‍රහස්පතින්දා මල් වෙඩි  බලන්න යන්න ඉස්සෙල්ල මුදල් ගෙවන්න බලනකොටත් මැනේජර් ඉඳල නෑ. 

මනෝජ් සිකුරාද වැඩ ඇරිල එනකොට, කාමරේ තිබිච්ච බෑග් සහ අනෙත් අඩුම කුඩුම එලියට දාල ක්ලීනර්ල  දෙන්නෙක්  කාමරේ ක්ලීන් කරනවලු. එදා ඩියුටි හිටියෙ වෙනස්  මැනේජර් කෙනෙක්ලු. එයා කිව්වලු දවස් තුනකින් ගාස්තු ගෙවල නැති නිසා,  ඒක තමා  නීතිය කියල. මනෝජ් පොලිසියට කතා කරනව කිව්වම,  මනේජර්ම කථා කරලා පොලිසියෙන් ගෙන්නුවලු. පොලිසියෙන් ආපු දෙන්නත් මනෝජ්ට කියල තියෙන්නෙ           කරන්න දෙයක් නෑ, ගාස්තු ගෙවල නැත්තං කියල.



මනෝජ් එදා රෑ එළි වෙනකම් ගත කරල තියෙන්නෙ, පර්ත් නගරෙ බැංකුවක් උඩ. නිදා ගත්තෙ නැතිලු, නින්ද ගියොත් බෑග් දෙක නැතිවෙයි කියල. අතේ සල්ලි නැති වෙලාවෙ ඇඳුම් ටිකත් නැති වුනොත් ගොනා ඇන්න මනුස්සය ගහෙන් වැටුනටත් වඩා හපන් වෙනවනෙ.

අඳුනන කව්රුවත් නැතුව, අතේ සල්ලිත් නැතුව, පර්ත් නගරෙ අතරමං වුන මනෝජ්ට හම්බ වෙලා  තියෙනව, පර්ත් දුම්රිය ස්ථානයේ  වැඩ කරමින් සිටි ලාංකිකයෙක්. ඩියුටි වෙලාවෙ එයාට ඊට වඩා උදව්වක් කරන්න නොහැකි  නිසාද කොහෙද, එයා මනෝජ්ට පැය 24 ටිකට් එකක් [දුම්රියට හා බස් වලට වලන්ගු] අරන් දීල පර්ත් පන්සලට යන්න පාර කියල දුන්නලු. 'කෙන්වික්' දුම්රිය ස්තානෙන් බැස්ස මනෝජ්, බෑග් අතිං කටිං එල්ලගෙන, පාරත් වරද්දගෙන  පන්සලට එනකොට සෑහෙන්න හවස් වෙලා. එදා උෂ්නත්වය සෙන්ටිග්‍රේඩ් 40 පැනල මට මතක විධියට. පන්සලේ මොනවා හරි දේකට ඇවිල්ල හිටිය දෙන්නෙක්, මනෝජ්ට මුදල් වගයක් දීල තියෙනව. පන්සලේ ස්වාමීන් වහන්සේ මනෝජ්ට කියල තියෙනව, පන්සල් කොමිටියෙ අවසරයක් නැතුව නවාතැන් දෙන්න  නං විධියක් නැහැ කියල. ඒ වෙලාවෙ තමා සිල් පවාරනේ කරල, ආන්ටි කෙනෙක් එක්ක පන්සලේ ඉඳල ගෙදර එන්න එන ඔබීට මනෝජ් මුණ ගැහුනෙ.

මම මොනවා කියයිද දන්නෙ නැති වුනත්, අර ආන්ටිවයි, මනෝජ්වයි, මනෝජ්ගේ බෑග් ටිකයි කාර් එකේ දාගත්ත ඔබී කෙලින්ම ගෙදර ආව. [ඔබී පස්සෙ කිව්ව, ආන්ටිව ඉස්සෙල්ල එයාගෙ ගෙදරින් බස්සන්නෙ නැතිව ආවෙ, ආන්ටි ඉන්න තැන, මට ඔබීට දොස් කියන්න බැරි හින්දලු, පේනව නේද ගෑණුන්ගෙ කපටි කම්] ඔබීයි, ආන්ටියි, විස්තරේ කියන වෙලාවෙ නං මට එක පාරටම හිතුනෙ, මේ දෙන්න මොන ලෙඩක්ද මේ ගෙදර ගෙනාවෙ කියල. එත් ඉතින් මනෝජ්ගෙන් හරස් ප්‍රශ්න ටිකකුත් එක්ක  විස්තරේ ඇහුවම මටත් පව් කියල හිතුන.

මනෝජ්ගෙ ඉල්ලීම,  සඳුදට වැඩට ගිහින් එයාගෙ බොස් එක්ක කතාකරල නවතින්න තැනක් හොයා ගන්නකන් සඳුද උදේ වෙනකම් නවාතැන් දෙන්න කියල. ප්‍රශ්නේ වුනේ, ඉරිද දවස පුරාම අපි දෙන්නම ගෙදර නැති එක. කවදාවත් දැකල නැති කෙනෙක්ව ගෙදර තියල අපි දෙන්න කොහොමද ගෙදරින් පිට වෙන්නෙ. ඒකට කරන්න පුළුවන් එකම දේ හැටියට මං කරපු යෝජනාව මනෝජ් කැමැත්තෙන්ම භාර ගත්ත.

මං කරපු යෝජනාව, මනෝජ් අපි එක්කම උදේට ගෙදරින් පිට වෙන්න ඕනේ. යන තුත්තුකුඩියක ගිහින් හවසට කෝච්චියට නැගල මට කෝල් එකක් දෙන්න. මම ස්ටේෂන්  එකට ඇවිත් මනෝජ්ව පික් කරන්නං කියල. එහෙම  කථා  කරගෙන  ඔබී ගියා අර ආන්ටිව බස්සල  එන්න. ඔබී ඇවිල්ල රෑට උයල කන්න දෙනකං කියල, මම මනෝජ්ට ගෙදර තිබුන විස්කෝතු කන්න දීල, ලොකු කිරි තේ එකක් හදල දුන්න. නාල එහෙම ඇඳුම් මාරු කර ගත්ත මනෝජ්ට රෑට කන්න බෑ, නිදාගත්තොත් හොඳා කියල කිව්ව. මිනිහ කිව්වෙ කලින් රාත්‍රියෙ  නිදා නොගත් නිසාත් දවස පුරාම අව්වෙ ඇවිද්ද නිසාත් බඩගින්නට වඩා තියෙන්නෙ නිදිමත කියල. ඉතින් අපි මිනිහට නිදා ගන්න කාමරයක් දුන්න.

ඉරිද හීල් දානය දෙන්න තිබුනෙ අපිට. ඔබී උදේම නැගිටලා හීල් දානෙට ආප්ප හැදුව. ආප්ප කාපු මනෝජ් කිව්ව, ඔස්ට්‍රේලියාවෙ ගත කල අවුරුදු දහයටම ආප්ප කෑවෙ, දෙවතාවයි කියල. මනෝජ්ට මුදල් ටිකකුත් දීල, පැය 24 ටිකට් එකකුත් අරන් දීල කෝච්චියට නැග්ගුව. හවස මනෝජ් ආවෙ ලොකු හදිස්සියකින්. මිනිහ වැඩ කරන තැන කිට්ටුව ඇවිදල නවතින්න තැනකුත් හොයාගෙන ඇවිල්ල තිබුනෙ. අපි වගේ වයසක පකිස්තානු ජෝඩුවක් මුණ ගැහිල මනෝජ්ට.  එයාලගෙ ගෙදර පිටතින් තියෙන කාමරය කුලියට අරන් හිටපු කෙනා වෙන තැනකට ගිහින්, ඒ කාමරේ මනෝජ්ට දෙන්නං කියල.  මනෝජ් එදා රෑම ආයෙත් කෝච්චියට නැග්ගුව, අලුත් නවාතැනට යන්න.
                                                                                                                    
                                                                      'නිමි'

Friday 10 February 2012

Living together



වෘතියෙන් ස්ප්‍රේ පේන්ටර් කෙනෙක් වුන මනෝජ් වීරසිංහ, ඔස්ට්‍රේලියාවට මීට අවුරුදු 10 කට ඉස්සර සංක්‍රමණය කරන විට එයාගෙ වයස අවුරුදු 30 ක් ලු.  මනෝජ් වැඩි කාලයක් පදිංචිව ඉඳල තියෙන්නෙ, දකුණු ඔස්ට්‍රේලියාවෙ, ඇඩිලේඩ් නුවර. එහෙ ඉන්න කාලෙ, තමන්ට හුරු පුරුදු රස්සාවෙන් ජීවත් වෙලා තියෙන්නෙ. මනෝජ්ට සහෝදර සහෝදරියො නම දෙනෙක් ඉන්නව, ඒ අය පදිංචිය ලංකාවෙ.  සහෝදර සහෝදරියන්ගෙන්  සමහරු රස්සාවල් කරනව, සමහරු විවාහ වෙලා. මනෝජ් ඕස්ට්‍රේලියාවේදි ලබාගත් ආදායමෙන් සෑහෙන ප්‍රමාණයක් තමංගෙ පවුලෙ අයට උදව් කරන්නත් යොදවල තියෙනව. 

මනෝජ් ඇඩිලේඩ් නුවර හැමදාම තනියෙන් ජීවත් වෙලා නෑ. එහෙදි හමුවුන ඕස්ට්‍රේලියන් ජාතික කාන්තාවක් සමග ඇතිවුන මිත්‍රත්වක් ආදරයක් බවට පත් වෙලා. පසුව දෙන්න 'Living together' කියන ක්‍රමේට ඉඳල තියෙනව. මනෝජ්ගෙ  ආදරවන්තිය  මත්පැනට හුරු වුන, නිතර සමාජශාලා වලට ගිහින් විනෝද වෙන්න, ඒ වගේම ගෙදර උයන පිහනවට වඩා පිටින් ආහාර ගන්න එහෙම පුරුදු වුන කෙනෙක්. එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන අතර, ලංකාවෙ පවුලෙ උදවියටත් උදව් පදව් කල මනෝජ් අතේ, මුදලක් ඉතුරු වුනේ නෑ කියන එක එතරම් පුදුම වෙන්න කාරනාවක් නෙමේ. 

කාලයක් මේ විධියට ජීවත් වුන මනොජ්ටත්, ආදරවන්තියටත්, දෙන්නට දෙන්න ගැලපෙන්නැති බව තේරෙනකොට, එයාලගෙ  වාසනාවට වගේ, දරුවො ඉඳල නැහැ. ඉතින් මේ දෙපළ තීරණය කරල වෙන් වෙන්න. දෙන්න වෙන් වෙලා වැඩි කාලයක් යන්න කලින්, මනෝජ් වැඩ කරපු ආයතනය පාඩු ලැබීම නිසා වහල දාල. මනෝජ් තීරණය කරල, හුඟාක් කාලෙකින් තමංගෙ නෑදෑ හිතවතුන්  දැක්කෙත් නැති නිසා ලංකාවට  ගිහින් එන්න.

ඔස්ට්‍රේලියාවෙ සියලු බැඳීම් වලින් නිදහස් වුන මනෝජ් කුරුල්ල වගේ ලංකාවට ගියා. නැතිවුන බැඳීම් සහ ඇතිවුන  නිදහස,  නැති කරගන්න ලංකාවෙදි මනෝජ්ට වැඩි කාලයක් ගත වුනේ නෑ.


ආපසු ඔස්ට්‍රේලියාවට එන්න හදිසි හේතුවකුත් නැති නිසා ලංකාවෙ ටික දවසක් නෑදෑ හිතවතුන් බලන්න එහෙම යමින් කාලය ගත කල මනෝජ්ට තමන්ගෙ ඥාති කාන්තාවක් හමුවුනා අහම්බෙන් වගේ. දැන් වයස 40 ක් විතර වුන මනෝජ්ට වඩා අවුරුදු කීපෙකින් බාල මේ තැනැත්තිත් මොනයම් හේතුවක් නිසා හෝ මේ වෙනකොටත් විවාහ වෙලා ඉඳල නෑ. වැඩිය දිග නැති කථාවක්  ඉතාම කෙටියෙන් කිව්වොත්, මේ දෙන්න අඳුනගෙන වැඩි කාලයක් නැති වුවත්, වැඩිහිටියන්ගෙත් ආශිර්වාදය ඇතුවම යුග දිවියටත් එළඹුනා.

ආව කියල කරන්න රැකියාවකුත් නැති නිසා, මනෝජ්ට ආපහු ඔස්ට්‍රේලියාවට යන්න හදිසියක් තිබුනෙ නෑ. මෙහෙම මාස කීපයක් සතුටෙන් ගත කරද්දි මනොජ්ගේ අතේ තිබුන මුදලත් ක්ෂය වෙලා ගියෙ ඇඟට පතට නොදැනි. ඒ අතරෙම තමා මනෝජ්ගෙ  බිරිඳට දරුවෙක් ලැබෙන ලකුණුත් පහළ වුනේ.

ඕස්ට්‍රේලියන් පුරවැසියෙක් වුන මනෝජ් සමග විවාහ වුනාට, ඕස්ට්‍රේලියන් නීති රීති රෙගුලාසි අනුව, මනෝජ්ගෙ  බිරිඳට ඕටෝමැටිකලි ඔස්ට්‍රේලියාවට යන්න වීස ලැබෙන්නෙ නෑ, . ඒ සඳහා, විවාහ සහතිකේ ඇතුළු තව අවශ්‍ය ලියවිලි සමග අයදුම් පතක් ඉදිරිපත් කල යුතුයි. අනික ඒ වගේ වීසා එකක් දවසෙන් දෙකෙන් ලැබෙන්නෙ නෑ කොහොමටත්, අඩුම මාස තුනක් වත් කල් යනව.

ලංකාවෙ ආදායම් මාර්ගෙකුත් නැතුව, දරු පවුලක් නඩත්තු කරන්න තියා,  තමන්ට ජීවත් වෙන්නවත් විධියක් නැති නිසා, මනෝජ් අනිවාර්යයෙන්ම ආපසු ඔස්ට්‍රේලියාවට යා යුතුම වුනා. මේ වෙනකොට රත්තරන්, යපස්, ස්වභාවික ගෑස් [natural gas] ආදී කර්මාන්ත නිසා බටහිර  ඔස්ට්‍රේලියාව රක්ෂාවල් සුලභ  ප්‍රාන්තයක්  බවට පත් වෙලා තිබුන. මෙහෙ අය කියන විධියට 'වෙස්ටන් ඕස්ට්‍රේලියා වල මයිනින් බූම් එකක් ' එහෙමත් නැත්තන් අමු හිංගලෙන් කිව්වොත් 'ආකර කර්මාන්තෙ නැගලම යන කාලයක් '  මේ බූම් එකට ප්‍රධානම හේතුව, යපස් සහ  ස්වභාවික ගෑස් වගේ දේවලට චීනෙන් තියෙන විශාල ඉල්ලුම. මුළු ලෝකෙම, විශේෂෙන් යුරෝපය ආර්ථික උද්ධමනෙකට යට වෙලා ඉන්න වෙලාවෙ, ඔස්ට්‍රේලියාව විතරක්  ඔළුව උස්සගෙන ඉන්නෙ තාමත් ඒ නිසා වෙන්න ඕනෙ. මේ දවස් වල ඇමෙරිකන් ඩොලරයට වඩා ඕස්ට්‍රේලියන් ඩොලරය වටිනා කමින් වැඩියි. [කාටද ආඩම්බර...හෙහ්..හෙහ්..]  කොහොමත් ඕස්ට්‍රේලියානුවො තමන්ගෙ රට හඳුන්වන්නෙ  ' ලකී කන්ට්‍රි ' කියල, බලාගෙන යන කොට ඒකෙ වැරද්දක්කුත් නෑ, කොයි තරං ලකීද කිව්වොත් මං වගේ එව්වො පුරවැසියො කර ගන්න තරං ලකී. 


බටහිර ඔස්ට්‍රේලියානුවො කියන්නෙ, රටේම ආර්ථිකේ රඳා පවතින්නෙ බටහිර ඔස්ට්‍රේලියාවෙ ආකර කර්මාන්තෙ [mining industry ] නිසාය, අපිට ෆෙඩරල් ආණ්ඩුව සළකනව මදිය,    හරි නං අපි වෙනම රාජ්‍යයක් පිහිටෝගන්න ඕනෙය, අපි උපද්දන සම්පත් අපිම තියා  ගන්න ඕනෙය වගේ කථා. මේගොල්ලො නං ඕව හැබැයි කියන්නෙ තනිකරම විහිළුවට.

'මයිනින් බූම්' එක නිසා අනෙත්  ප්‍රාන්ත වලින් බටහිර ඔස්ට්‍රේලියාවට රැකියාවල් සඳහා සෑහෙන පිරිසක් ඇදී එනව. ඒ නිසාම ගෙවල් වල මිළ, ඒ වගේම ගෙවල් කුලී එහෙමත් අහස උසට නැගල. කථාව පැත්තක තියල දන්නෙම නැතුව මම පඳුර වටේ තලන්න පටන් අරන්නෙ. ඔය කිව්ව රැකියා සුලභ බව නිසාම අපේ කථා නායක මනෝජ් තීරණය කළා මේ පාර බටහිර ඔස්ට්‍රේලියාවෙ අගනුවර වන පර්ත් නගරෙට ගොඩ බහින්න.

මනෝජ්ගෙ ඔය තීරණේ හේතු  වුනා දෛවෝපගත විධියට පොරට  ' ඔබී සහ ඔබා' මුණ ගැහෙන්න. ඒකෙන් වුනේ හොඳක්ද, නරකක්ද, හොඳක් හෝ නරකක් වුනේ කාටද, පර්ත් මනෝජ්ට සැළකුවෙ කොහොමද ආදී විස්තර 'Living together part 2'  වෙතින් ළඟදීම බලාපොරොත්තු වන්න.

Monday 6 February 2012

ඉන්දරේගෙ වැඩ කිඩ


පර්ත් නුවර වසන ශ්‍රී ලාංකිකයන්ගෙ මුලිකත්වයෙන් පවත්වාගෙන යන බෞද්ධ විහාරස්ථානෙ, සෑම වර්ෂයක් අවසානෙම දවස් හතක පිරිත් පින් කමක් පවත්නව. 

දැන් අවුරුදු ගානක ඉඳල මේ පිරිත් කම සඳහා 'පිරිත් මණ්ඩපය' නිර්මාණය කරන්නෙ මගෙ පෝස්ට් වල කීප වතාවක් නම සඳහන් කෙරුණු 'ඉන්දරේ'

ඉන්දරෙත් දැන් පදිංචි වෙලා ඉන්නෙ පර්ත් නගරයට නුදුරින්. ඉන්දරේගෙ වැඩකිඩ ගැන මීට කලිනුත් කීප වතාවක් මගෙ පෝස්ට් වල සඳහන් කළා කට්ටියට මතක ඇති.

ඉන්දරේ පර්ත් වල පෙන්නපු වැඩකිඩ වලින් කීපයක් පෙන්නන්න මේ පෝස්ට් එක වෙන් කලේ.

මෙම නිර්මාණ කටයුතු 
වලදි , වේදිකා නිර්මාණය සඳහා ලංකාවේ රාජ්‍ය නාට්‍ය උළෙලකදී ජනාධිපති සම්මාන ලාභියෙක් වුන ඉන්දරේගෙ බාල සොයුරාත්[සරත් අනුර], විදුලි වැඩ කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළේ සේවය කල විදුලි ඉංජිනේරු වරයෙකුත්[අනුර විජේවර්ධන] සහ මෙකී, නොකී, පර්ත් වාසී බෞද්ධ, අබෞද්ධ, බොහෝ දෙනෙකුගෙත් සහය ඉන්දරේට ලැබෙනවා වගේම, අනුශාසනා පර්ත් විහාර වාසී ශෝභිත හිමියන්ගෙන් බව මතක් නොකලොත් ලොකු වැරද්දක්.
 
ඉහත සඳහන් පිරිත් මණ්ඩප ඇරෙන්න, අවුරුදු ගානක ඉඳල, ඔය කිව්ව අයම එකතු වෙලා, වෙසක් එකට පන්සලේ ඉදි කරන වෙසක් කූඩුවත් ශ්‍රී ලාංකිකයන් අතර පමණක් නෙමේ, ඕස්ට්‍රේලියානුවන් අතරත් ජනප්‍රියයි. 

පිරිත් මණ්ඩප සහ වෙසක් කූඩු කීපයක් මේ සබැඳියාවන් ගෙන් ගිහිල්ල බලන්න.



ඉන්දරේ ගරු රඟපෑම් කල මගෙ පෝස්ට් 

Friday 3 February 2012

බල්ලෙක් සිංහයෙක් වුන හැටි



මට මතක විධියට මේ සිද්ධිය වුනේ 1960 ගණන් වල මැද හරියෙ. ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියේ, ගම්පහ කොළඹ පාරේ දැනටත් තියෙන 'සිරිල් ගරාජ් ' එක ඉස්සරහින් හැරිල යන පල්ලිය පාරෙ, [එවකට] අන්තිම ලයිට් කණුව ඉස්සරහ තිබුන 'කාමන් කොටේජ් ' කියන ගෙදර. පාලිත, කීර්ති, පරාක්‍රම, හරීන්ද්‍ර, එහෙම තමා ඒ කාලේ අහළ, පහළ, හිටිය මගේ සම වයසෙ යාළුවො. පාලිත තමා ' ෆොරිජින් සිගරෙට් ' පෝස්ට් එකේ, සුප්‍රසිද්ධ චිත්‍රපටයක්  නිශ්පාදනේ කළා කියන පුද්ගලය සම්භන්ද කතාව මට ඒ කාලෙ කිව්වෙ. හරීන්ද්‍රගේ තාත්ත ගම්පහ හදිසි මරණ පරීක්ෂක එම්. ඩී.සී.විජේසුරිය කියල එක්කෙනෙක්. හරීන්ද්‍රලගෙ තාත්තගෙ ගම ගම්පහට නුදුරු උඩුගම්පල පැත්තෙ.

ටික කාලයක්, මොනයම් හේතුවක් නිසා හෝ, ගේ කුලියට දීල, හරීන්ද්‍රල උඩුගම්පල තාත්තගෙ මහ ගෙදර පදිංචියට ගිහින් හිටිය. ඒ කාලෙ  නිළියක් [එලොව  ගිහින් මෙලොව ආව], නාට්‍ය නිෂ්පාදිකාවක් [විකෘති], හැටියට ප්‍රසිද්ධ සෝමලතා සුභසිංහ සහ එයාගෙ සැමියා ලයනල් ප්‍රනාන්දු [එවකට ආදායම් පාලක නිලධාරි පසුව යාපනේ පළාතෙ ආණ්ඩුකාරය] ඒ ගෙදර කුලියට අරන් හිටිය.  කෞශල්යා ප්‍රනාන්දු පොඩි බබෙක් එතකොට. ප්‍රනාන්දු පවුල වෙන ගෙදරකට ගියාට පසුව, නම මට මතක නැති වෙනත් පවුලක් හරීන්ද්‍රලගෙ ගෙදර කුලියට අරන් පදිංචි වුනා.

මන් කියන්න යන සිද්ධිය වුනේ, ඔන්න ඔය පසුව ආව කට්ටිය  හරීන්ද්‍රලගෙ ගෙදර ඉන්න කාලෙ. ඒ කට්ටිය  වන්දනා ගමනක් හෝ වෙනයම් ගමනක් ගිහින්, දවස් දෙක තුනක්ම ගෙදර හිටියේ නැති වෙලාවක, ඒ ගෙදරට හොරු පැනල. එයාලගෙ  පැමිණිල්ලට ආව පොලිස්  කන්ඩායම, පරීක්ෂණ  කටයුතු කරල හොරු අල්ලන්න පොලිස් බල්ලො ගෙන්නුවා.

පොලිස් බල්ලො ' ක්‍රයිම් සීන් ' එකට ගේනකොට හවස හයට විතර වෙලා, කරුවල  වැටීගෙන එන වෙලාව.


 හවස හත විතර වෙනකොට අපිටත් ආරංචි වුනා පොලිස් බල්ලො ගෙනල්ල, උන් ඉව කරමින් හැමතැනම ඇවිදිනව කියල. මේක ආරංචි වුනාම අපේ අම්ම ගෙදර හිටිය ' ටෝනි'යව අල්ලල ඌව බඳින්නම ඉස්සරහ ඉස්තෝප්පුවෙ සිමෙන්ති පොළවට සවි කරල තිබුන කොක්කට ඌව දම්වැලෙන් බැඳල.

පොලිසියෙ 'ඩෝග් හැන්ඩ්ලර් ' අපේ ගේට්ටුව ගාව ඉඳන්  'රෙක්ස්...රෙක්ස්...' කියල පොලිස් බල්ලට කථා කරනව. අපේ ටෝනි ගේට්ටුව ගාව ඉඳන් 
'ඩෝග් හැන්ඩ්ලර් ' පොලිස් භටයව කන්න පනිනව .

බලනකොට අපේ අම්ම කරුවලේ කොක්කට බැඳල තියෙන්නෙ ටෝනි නෙමේ රෙක්ස්.

[අපේ ටෝනි සහ පොලිසියෙ රෙ
ක්ස් එකම ජාතියෙ]


 මාතෘකාව මෙයා ගැන