My followers

Tuesday 31 January 2012

බවුන් වැඩුම


ඔබීගෙ කවි පන්තියක්, සත්‍ය සිද්ධියකි.
රස්නෙත් නෑ, සීතත් නෑ
දවස හොඳය් හැන්දෑවේ
සක්මන සිහියේ රඳවා
පාරට බැස්සා
පාරෙ දුවන වාහන ගැන
සුවසෙත සඳහා ඇවිදින
කිසිවෙක් ගැන නැත සිතුවේ
පියවර නැගුවා
බඹයක් දුර ගැන සිතලා
ඒ දුර මත දෙනෙත් යොමා
වම දකුණට සිහිය තබා
සක්මනෙ යෙදුනා
එලෙස ටිකක් දුර යන විට
එක්තැන් සිත නෑ කලබල
තවත් විරිය රැගෙන සිතින්
දෙපා පෙරළුවා
පියවර නගනා පාරට
සමීපයේ ඇති ගෙවල්ද
පසුවන්නට ඇති නොදැනිම
සතියද තිබුනා
කවරෙක් හෝ ඈත සිටන්
මදෙස බලා සිටින්න ඇති
අසල තිබූ ගසක් මුල
සැඟවී ගත්තා
සීරු මාරුවෙන් සිහියෙන්
පසු කරනා විට එම තැන
සද්ද නගා සිනා සිසී
මදෙසට පැන්නා
කලබල නැති පුහුණු සිතක්
තිබුණු නිසා මා නැවතී
මුනිවත රැක සිනහ වෙලා
ඒ දෙස බැලුවා
අසල ගේක නිවැසි කෙනෙක්
රැව්ල වවා ගත් මිනිසෙක්
බිය කල මුත් මදෙසට පැන
කෝපය නාවා
ඉතිරි දුරත් ගෙවා දමා
පැයකින් ආපසු එද්දී
බවුන් වැඩුම නැවතී ගොස්
ඒ තැන බැලුනා
ගමනක් ගොස් කාරයකින්
බසින ගමන් මා දැක ඔහු
සිදු වූ ඒ දේ හඟවා
සමාව යැද්දා
මුවට නැගුන මද සිනහව
තුලින් ඔහුට දී සමාව
බවුන් වැඩුම නවතා මා
නිවසට ආවා

Monday 30 January 2012

විනය තැකූ ප්‍රින්සිපල්

මේකත් මගේ පරණ පෝස්ට් වල ගරු රඟපෑම්  කීපයක්ම කල ඉන්දරේ සම්භන්ද කතාවක්.

 
වේරහැර ලංගම අභ්‍යාස විද්‍යාලේ පුහුණුව ඉන්දරේ කලේ,  මට වඩා අව්රුදු දෙකකට   විතර ඉස්සෙල්ල. ඔය අවුරුදු හතරෙ ට්‍රේනින් එකෙන් අව්රුද්දක්ම,  ඒ කියන්නෙ  තුන්වෙනි  අවුරුද්ද  ගත කරන්නෙ ලංගම ඩිපෝවක හෝ වැඩපොළකසාමාන්නයෙන් තමන්ගෙ ගෙදර ඉඳල දිනපතා පුහුණුවට යන්න පුළුවන්  ඩිපෝවක්  හම්බ වෙනව ඒ අවුරුද්දට.

 
'හාමු මහත්තය'නැත්තං  කෙටියෙන්  'හාමු’  කියල හඳුන්නපු ඉන්දරේගෙ බැචෙකුයි, ඉන්දරෙයි වැටුනෙ  ගම ගාල්ලෙ  නිසා, ගාල්ලෙ ඩිපෝවට. 'හාමුවේරහැර ට්‍රේනින් එකට තෝර ගන්න, ඉන්ටර්වීව් එකට ඇවිල්ල තියෙන්නෙසුදු කිටක් මරල, ටයි පොල්ලකුත් දාගෙන. ඒ මදිවට  උංගෙ තාත්තත් එක්ක, පරණ 'දඬු ෆෝඩ්' එකකනම රෙජිස්ටර් වෙලා තියෙන්නෙ  ඉන්ටර්වීව් එකටත් ඉස්සෙල්ල.


ඉන්දරෙයි,  හාමුවයිගාල්ලෙ ඩිපෝ ට්‍රේනින් ඉන්න කාලෙඩිපෝවෙ වැඩ කරන අය අතරෙ ලොකු කුල භේද ප්‍රශ්නයක් තිබිල තියනව. හාමු මොකද්ද ප්‍රශ්නෙකට ඩිපෝවෙ ෆෝමන් කෙනෙක් එක්ක වචන හුවමාරුවක් වෙලා,  කුල භේද ප්‍රශ්නයක් නිසා වැඩේ සෑහෙන්න දුර දිග ගියාලු. අන්තිමට ගුටි කෙලියක් නොවී නැවතිලා තියෙන්නෙ අනූ නමෙන් . ඉන්දරේ කිව්ව කථාව මට හරියටම මතක නං,  හාමු ගාල්ලෙ ටවුමෙ සෙට් එකකුත් ලැහැස්ති කොරගෙන තියෙනව, වලියට සපෝට් එක ගන්න. ඒ අස්සෙ හාමුගෙ තාත්තත් දඬු ෆෝඩ් එකෙන්  ඩිපෝවට ඇවිල්ල සද්දයක් දාල ගියා කියල කිව්ව වගේ තමා මතක.

 
කොහොමින් හරි අන්තිමට වුනේ , වැඩේ වේරහැර අභ්‍යාස ආයතනෙට දැනගන්න ලැබුනට පස්සෙ ඉන්දරෙයි, හාමුයි, ඉන්ටඩික්ට් වෙච්ච එක.  හාමුට නං ආපහු පුහුණුවට එන්න චෑන්ස් එක ලැබිලම නෑ, පොර ඩිස්මිස් වෙලා .ඉන්දරේ ආපහු ඇවිල්ල, අවුරුදු හතර සම්පුර්ණ කරල අවසාන පරීක්ෂනෙන් ෆස්ට් ඩිවිෂන් පාස් වෙලා තියෙනව. ඒ කාලෙ පුහුණුවෙන් ෆස්ට් ඩිවිෂන් පාස් වෙනව කියන්නෙ හරියට විශ්ව විද්‍යාලෙ අපර් ක්ලාස් එකක් අරන් ඩිග්‍රිය ගැහුව වගේ.

 
ෆස්ට් ඩිවිෂන් එහෙමත් නැත්තං පළමු පෙළ සාමාර්ථයක් ගන්න අයට  'ගෙඩෝර්  වැනේඩියම්වර්ගයේ ඉස්තරම්ම  ජර්මන්  ටූල් බොක්ස් එකක් තෑගී ලැබෙනවට අමතරව, ඩිමොස්ට්‍රේටර් කෙනෙක් හැටියට ආයතනේම ස්ටාෆ් එකට ජොයින් වෙන්නත් අවස්තාව ලැබෙනව.  



අභ්‍යාස  විද්යාලෙම සේවය කරන්න ලැබෙන කට්ටියට තව චාන්ස් වදිනව. ඒ කියන්නෙ ඉක්මනින් උසස් වීම් වගේ ඒව. ලොකුම චාන්ස් එක තමා, ශිෂ්‍යත්ව වලට බටහිර ජර්මනියෙ අඩුම ගානේ අවුරුදු දෙහෙකවත්  පුහුණුවකට යන්න ලැබෙන එක. [පන්දම ඇල්ලීමේ හැකියාවත් සෑහෙන්න බලපානව කියල තමා මං නං අහල තිබ්බෙ]


ටූල් බොක්ස් එක ලැබුනද කියන්න නං දන්නෙ නෑ,  හැබැයි ඉන්දරේගෙ පළවෙනි පත්වීම 'පුන්ඩලුඔය'  ඩිපෝවට.  අභ්‍යාස  විද්යාලෙම ඉන්න  ලොකු ආසාවක් තිබ්බෙ නැතත්, වෙලා තියෙන අසාධාරණේ ගැන කට පියාගෙන ඉන්න හිතුං නෑ ඉන්දරේට.  ඉන්දරේ  ගියා ප්‍රින්සිපල්  හම්බ වෙන්න. ගිහින් ඇහුව ඇයි ෆස්ට් ඩිවිශන් පාස් එකක් තියෙන තමන්ට,  අභ්‍යාස  විද්යාලෙට පත්වීමක් දීල  නැත්තෙ කියල. ප්‍රින්සිපල්ගෙ උත්තරේ, 'විනය  නරක ළමයි ඉස්කෝලෙ  තියාගන්නෙ නෑ'. මදෑ කොළා.



මුලින් ඔය කිව්වෙ අතුරු කථා. [පඳුර  වටේ  තැලිල්ල]  මේන් ස්ටෝරිය, සිංහලෙම්ම කිව්වොත්  ප්‍රධාන කථාව, සිද්ධ වුනේ ඉන්දරේ අර වැඩ තහනං වෙලා හිටිය කාලෙ. වැඩ තහනං වෙලා මාස ගානක් ඉන්නකොට, කොරන්න වෙන වැඩකුත් නැති නිසා,  දවසක් ඉන්දරේ හවස් යාමෙ ගිහිං තියෙනව යාළුවෙකුගෙ ගෙදර. යාළුවගෙ ගෙදරට වෙලා කයිය  ගහගෙන ඉන්නකොට හොඳටම රෑ වුනාලු. 70 ගණන් වල මුල හරියෙ මොබයිල් ෆෝන් තියා, ගමක  ගෙදරක  ලෑන්ඩ් ලයින් ෆෝන් එකක්වත්  තිබුන නං තමා පුදුමෙ. රෑ වෙලා ගෙදර යන්න බස් තිබිලත් නෑ,  එදා  ගෙදර එන්නෙ  නෑ කියල ගෙදරට දැනුන් දෙන්න විධියක් තිබිලත් නෑ ඉන්දරේට.



 

වෙලාවට ඉන්දරේ ගෙදරින් පිටත් වෙනකොට අම්මට කියල තියෙනව කොයි යාළුවගෙ ගෙදරද යන්නෙ කියල.  ඒ නිසා එදාම ගෙදර යන්න බැරි වුන එක ගැන  ඉන්දරේ  වැඩිය කලබල  වෙලා  නැහැ.  යාළුවගෙ ගෙදරින් රෑ කෑමත් සප්පායන් වෙලා නිදා ගන්න ලැස්ති වුනාම තමා උභතෝකෝටික ප්‍රෂ්නෙකට මුණ දෙන්න වුනේ ඉන්දරේටයි, 
යාළුවටයි.


හුඟාක් කළිසන් කාරයන්ට වගේ ඉන්දරේගෙ යාළුවටත්  තිබිල තියෙන්නෙ එකෝම එක සරමයි. [ මටත් කසාද බඳිනකම්ම තිබ්බෙ එක සරමයි,  'ඒක සාඨක බමුණ'  කියල නමකුත් හදල,  'ඔබී'  තමා මගෙ සරම් ගණන වැඩි කලේ ]  තත්වෙ තවත් නරක් වෙලා තියෙන්නෙ ඉන්දරේගෙ යාළුවට අයියල,  මල්ලිල, ඉඳලත්  නෑ.  ඉඳල තියෙන්නෙ ඔක්කොම අක්කල,  නංගිල.  ඉතින් කාගෙන් කියල සරමක් ඉල්ල ගන්නද?

කොරන්නම දෙයක් නැති තැන,  යාළුව අක්ක කෙනෙක්ගෙ නයිටියක් හෙමීට ශේප් කොරන් ඇඳගෙන,  ඉන්දරේට උගෙ එකම සරම දීල.  ඊට පස්සෙ දෙන්නම සතුටෙන් සමාදානෙන්  ඉස්තෝප්පු කාමරේට වෙලා නිදා ගත්තලු.  හුඟක් රෑ වෙනකං කයිය  ගහගෙන හිටිය හින්ද, දෙන්නට ඇහැරිලා තියෙන්නෙ පාන්දර නමේට දහයට විතර.  ඇහැරිච්ච ගමන් යාළුවගෙ ගෙදරින් ලැබුණු දේකුත් උදේට කාල,  ඉන්දරේ වහාම ගෙදර ගියාලු.

ගෙදර ගියාම අම්ම කිසි අප්සෙට් මුඩ් එකක් නං පෙන්නල නෑ. ඒත් කිව්වලු,
ඉන්දරේ යහතින්ද බලන්න කියල, උදේම බාප්පව තාත්තගෙ බයිසිකලේ දීල යාළුවගෙ ගෙදර පිටත් කළ බවත්, බාප්ප ඇවිත්, ඉන්දරේ තාම නිදි නිසා ඇහැරවන්නෙ නැතුවම  ආපහු ආව කියල කිව්ව බවත්.

'තෝර  බලයි '  කතාව කියවපු කට්ටියට මතක ඇති,  වයසෙන් ඉන්දරේට වඩා පොඩ්ඩක් විතර වැඩිමල්, නෑ කමට බාප්ප වුනාට යාලුවෙක් වගේ දුකට සැපට හිටිය  බාප්ප. ආන් ඒ බාප්පව  තමා,  ඉන්දරේ යහතින්ද  බලන්න අම්ම පිටත් කොරල තියෙන්නෙ යාළුවගෙ ගෙදෙට්ට.


අම්ම ටිකක් එහාට මෙහාට වෙනකං ඉඳල,  බාප්ප ඉන්දරේව පැත්තකට අඬ ගහල  අහනවලු '
තාම රස්සාවකුත් නැතුව,  මොකද්ද  ###  කොරගත්තෙ තෝ ?  තොට අමතක වුනාද තාම ඉගෙනගන්න මල්ලියෙකුයි , නංගියෙකුයි ඉන්නව කියල තොට ?'

බාප්ප,  යාළුවගෙ ගෙදර ඉස්තෝප්පු කාමරේ ජනේලෙන් දැක්ක දේයි,  දැකල හිතා ගත්තු දේයි,  කියවන  කට්ටියට ටියුබ්  ලයිට්  නොවේවායි  ප්‍රාර්ථනා කොරමින් මගේ
අද දවසේ කතාව  අවසන් කරමි.

.

Wednesday 25 January 2012

මචං මේකි රොබෝ කෙනෙක් බං

“මාලිබාන්ත”  එකේ මැනේජින් ඩිරෙක්ටර් ගියා දවසක්  “බන්චි” එකේ මැනේජින් ඩිරෙක්ටර්ව හම්බු වෙන්න බිස්නස් වැඩකට.

දන්නැද්ද ඉතින් අපේ දේශපාලක තුමාල වගේ තමා, ඔය ලොකු කොම්පැනිත්. ජහමණයට පේන්න ඇරගත්තට, ටී.වී. එකේ රේඩියෝ  එකේ ඇඩ් වලින් තරඟ කොලාට, යටින් දෙන වැඩකිඩ ඔක්කොම දෙගොල්ලටම වාසි විදියට තමා කොරන්නෙ. වෙන එකක් තියා දේශීයව සහ විදේශ වලින් අමු ද්‍රව්‍ය මිලට ගැනීමේ ඉඳල, කොල්ලෙක්, කෙල්ලෙක් රස්සාවකට ගන්න එක දක්වාම, කතාබහ කොරගෙන දෙගොල්ලට වාසි විදියට තමා වැඩේ කෙරෙන්නෙ. 

ඒ නිසා ඔය කොම්පැනි දෙක අතරෙ  ලොක්කන්ගෙ සාකච්චා නිතරම සිද්ධ වෙන දෙයක්. ඒ හින්දම ඩිරෙක්ටර්ල වගේ අය පුද්ගලික මිත්‍රයො බවටත් පත්වෙලා හිටියෙ කිව්වොත් වැරද්දක්  නෑ.

බිස්නස් ගනුදෙනුව කතා කොරගෙන ඉවර වෙලා “මාලිබාන්ත” බොසා යන්නත් නැගිටල,   “බන්චි” බොසාට ඇහැක් එහෙම ගහල රහසෙන් වගේ කිව්ව  “උඹේ සෙක්‍රටරි කෑල්ල නං නියම භාණ්ඩේ මචං"  කියල. 

“බන්චි” බොසා හැක හැක ගාල හිනාවෙලා කිව්ව  “ඒකි පන තියෙන එකියක් නෙමේ මචං, රොබෝ කෙනෙක්. වම් පැත්තෙ උක්කුවට අත තිබ්බම, කියන ඕනෙ දෙයක් ෂෝර්ට් හෑන්ඩ් වලින් ලියාගන්නව, දකුණු පැත්තෙ උක්කුව ඇල්ලුවම, ලියාගත්ත දේ ටයිප් කරලා දෙනව, ඕන්නං  අරං ගිහින් දවසක් තියාගෙන ට්‍රය් කරල බලහං,  උඹටත් එකක් ඉම්පෝර්ට් කොරල  දෙන්නං ඕනෙ නං ”  කියල. 


“මාලිබාන්ත” බොසාත් හෙනම සන්තෝසෙන් රොබෝ භාන්ඩෙත් කාර් එකේ දාගෙන උගෙ ඔෆිස් එකට ගියා.

පහුවෙනිද උදේම “බන්චි”  බොසාට කෝල් එකක් ආව යාළුවගෙන්, ඉස්පිරිතාලෙ ඉඳල.  
“මොකධ භැල්ලිගෙ පුතෝ,  ඊයෙ කිව්වෙ නැත්ථෙ අර පහලින් තිබුනෙ පැන්සල් කටර් එකක් කියල?”

Tuesday 17 January 2012

ඇයි..ලොකු කොරගන්න ඕනෙද?



පහුගිය දවසක අලුතෙන් පෝස්ට් එකක් දැම්මට පස්සෙ  තමා දන්නෙ, කොමෙන්ට් අකුරු  කුඹි කකුල් සයිස්  එකට පුංචි වෙලා කියල.

වෙනද  වගේ කොමෙන්ට් වලට උත්තර ලියන්නත් බැරුව  අතෑරලා දාන්න  වුනා, කොමෙන්ට් කියෝගන්න බැරුව. [40 ඇඳිරිය නෙමේ, 60 ඇඳිරිය, ලාවට වගේ හැදීගෙන එනවද මන්ද]

කොර ගන්නම දෙයක් නැතුව දන්න  කියන හැමෝටම ඊමේල් ඇරිය උදව් ඉල්ලල. බොහොම දෙනෙක් දැනන් උන්නෙ නෑ මොකද කරන්නෙ කියල.
'
මගේ මරණය ' ලියන මරණෙ, සහ ' මගේ සඳ ලියන පසන්, පුතාල ජෙනුයින් ට්‍රයි එකක් දුන්න සපෝර්ට් එකක් දෙන්න. [ගෑල්ළමයි නං ඊයට උත්තරයක් එවන්න වත් මහන්සි වුනේ නෑ.]

වැඩේට උනන්දුවක් දක්වපු තවත් කෙනෙක් තමා,  ' රාමාගෙ අඩවියලියන ඉඳුනිල්.  පෝස්ට්  එකක්ම දාල තියෙනව  ඉඳුනිල්, ඔන්න කොමෙන්ට්  අකුරු ලොකු කොර ගන්න හැටි කියල  දීල.
ගිහින් කියෝල බලල ඕනෙ කෙනෙක් ඉන්නව නම්  ලොකු කොර ගන්න එකයි ඇත්තෙ.



උඩ දීල තියෙන ලින්ක් එක වැඩ කොරන් නැත්තන්, මේ පහලින් තියෙන ලින්ක් එක කොපි පේස්ට් පාරක් දාගන්න. [කොහොම හරි ලොකු කොරල දෙන්න තමා මගෙ ට්‍රයි එක]
 http://www.ramadasa.name/%E0%B6%9A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1/

ඔබා ලිව්වොත් කුණුහරපයක් කියල කියන, සයිඩ් එකෙන් ඉන්න බජාර් එකේ කකුල් වලින්අහන්න කැමතියි, මේ දිළිසි දිළිසි තියෙන්නෙ මොකද්ද කියල?

Wednesday 11 January 2012

' නාකි විසේ '

                                                       පින්තුරේ 'ගූගල් ෆ්‍රී ඉමේජස්' වෙතින්
වයස අවරුදු 70 විතර තරුණයෙක් ගැන මේ කතාව. මේ චමින්දගෙ නෝන පරලෝසැපත් වෙලා කාලයක් ගතවෙලා, දරුවො එහෙමත් කසාද බැඳල වෙන්වෙලා ගිහින්. පොරට හොඳට සල්ලි බාගෙ තිබුනත්, මහා මන්දිරේක තනියම තමයි ජීවත් වුනේ. ඉතින් මේ චමින්ද කල්පනා කළා තමන්ගෙ අවසාන කාලෙ තනි නොතනියටයි, අනිත් අවශ්යතා ඉටු කර ගන්නයි, ආයෙමත් සැරයක් කරකාර බන්ධනයක් කරගන්න.


ඉතින් හොඳට හොයල බලල, යාළු මිත්‍රයන්ගෙ උපදෙස් එහෙමත් අහල බලල, දුප්පත් වුනත්, හොඳට ඇහැට කනට පේන, අතට පයට අහුවෙන, වයස 20 විතර නාඹර කෙල්ලෙක් කසාද බැඳගත්ත.


කෙල්ලත් මහා මන්දිරේ පදිංචියට ආව පලවෙනි දවසෙම කල්පනා කොලා, මේ මනුස්සයට උයල පිහල කන්න දීල හොඳට ඇප උපස්ථාන කොරල බලාගන්නව, ටික කාලෙටනේ. මෙයා මැරිල ගියාම මේ වතුපිටි, දේපල, මිල මුදල්, මටනෙ අයිති වෙන්නෙ. ඊට පස්සෙ බැරියැ, මට ගැලපෙන කෙනෙක් හොයා ගන්න කියල. අලුත් මනමාලි තවත් උපකල්පනේකට ආව, තමුන්ගෙ ස්වාමි පුරුෂයගේ වයසෙ හැටියට, දැන් එයාට නිදන කාමරේ කටයුතු අවශ් නැතුව ඇති, එහෙම අවශ් වුනත් ඒව කොරගන්න හය්ය හත්තිය නැතුව ඇති කියල. එහෙම හිතල, නාකි මනමාලයගෙ අවසරත් ඇතුව, තමන්ට නිදාගන්න වෙනම කාමරයක් පිළියෙළ කොරගත්ත. වැඩිය ඈත නෙමේ මනමාලයගෙ කාමරේට අල්ලපු කාමරේ, මොකද වයසක මනුස්සයට රෑට හදිසි අසනීපයක් එහෙම හැදුන වුනත්, බලාගන්න හිටියෙ මේ දැරිවි විතරනෙ.



ඔන්න ඉතින් පළවෙනි දවසෙ රෑට කාල එහෙම දෙන්න ගියා තම තමන්ගෙ කාමර වලට නිදාගන්න. අලුත් මනමාලිට නින්ද යාගෙන එනකොට හිමින් සැරේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුන. තමන්ගෙ ස්වාමි පුරුෂය ඇර වෙන කව්රුත් ගෙදර නැති බව දන්න නිසා, "එන්න ඇතුලට" කියල කිව්ව. මනමාලයත් ඇතුලට ආව. මිනිහ ඉතින් පුරුදු කාරයනෙ, අලුත් මනමාලිට වැඩිය රිද්දන්නෙ එහෙම නැතුව, වුනාට බොහොම දක්ෂ විදියට, අලුත් මනමාලිවත් සන්තෝස කරල, තමනුත් සන්තෝස වෙන විදියට වැඩ කටයුතු කොරගෙන, ඔක්කොම ඉවර වුනාට පස්සෙ කෙල්ලගෙ නළලත් ඉඹල, කාමරේ දොරත් වහගෙන, තමන්ගෙ කාමරේට ගියා නිදාගන්න.



මනමාලිටත් පුදුමය්, ඒත් සන්තෝෂයි. ඔක්කොම සැප සම්පත් ලැබුනත්, නොලැබෙයි කියල හිතා ගෙන හිටපු සැප සම්පතකුත්, මේ මනුස්සය එක්ක ඉන්ඩ සිද්ද වෙන ටික කාලෙට වුනත් ලැබෙනවනෙ කියල.


මනමාලිට මහන්සියටත් එක්ක නින්ද යාගෙන එනකොට, ආයෙමත් දොරට හෙමින් සැරේ තට්ටු කරනව ඇහුන. වයසක මනුස්සයනෙ නින්ද යනවත් හොර ඇති, තේ එකක් වත් හදාගන්න ඕනෙ වෙලාද දන්නෙ නැහැ කියල, ඉක්මනට නැගිටල දොර ඇරිය. දොර ඇරපු ගමන් චමින්ද, "ඔයා මන් එනකන් දොර ගාවට වෙලා බලන් හිටියද ඩාලින්? " කියල කෙල්ලව බදාගෙන ඉඹල එහෙම, ඇඳට එක්කන් ගිහිල්ල, ඉස්සෙල්ල කිසි දෙයක් නොවුන වගේ ආයෙත් මුල ඉඳලම රාජකාරිය ඉටු කොලා. ඊට පස්සෙ එයාගෙ කාමරේටම ගියා නිදා ගන්න.



පාන්දර දෙක විතර වෙනකොට, ඔය විදියට රාජකාරිය හතර පාරක් ඉටු කෙරිල. මනමාලි තවම තරුණ කෙල්ල වුනාට, ඇඟේ මහන්සියයි, නිදිමතයි, හින්ද විතරක් නෙමේ, මනමාලය පුරුදු කාරවුනාට, මෙයාට මේ රාජකාරිය පුරුදු එකක් නෙමේ හන්ද, වැඩේ හොඳටම තිත්ත වෙලා.



පස්වෙනි පාරටත් චමින්ද කාමරේට රින්ගුවම කෙල්ල ඇහුව "ඔයාට මහන්සි නැද්ද අනේ?

අද රෑට පස්වෙනි පාරට ඔයා මේ ආවෙ, මට නං දැන් පාන් කියා ගන්න පණ නෑ, හරිම අමාරුයි" කියල.


චමින්ද අහනව "මන් ඉස්සෙල්ලත් ආවද?"



පොරට "ඇල්සයිමස් ඩිසීස්" කියන [දැන් කොරාපු දේ තව චුට්ටකින් අමතක වෙන] හුඟක් වෙලාවට වයසට යනකොට මනුස්සයන්ට හැදෙන අසනීපයක්.


බලාගෙන යනකොට ඒකත් නරකම ලෙඩක් නෙමෙයි නේද නාකි වෙනකොට හදාගන්න?



මේ කතාව, මීට ඉස්සෙල්ල, මං මේ බ්ලොග් එකේ කියල නෑ නේද ?