My followers

Saturday 31 December 2011

ඔබා ආයෙත් කුස්සියට රජ වූ වගයි...


මේ දවස් වල තනියම ඉන්න ගමන්, වැඩක් නැති වෙලාවක කාලෙ මරන්නත් එක්ක හිතුන, නිකමට කඩමණ්ඩිය පැත්තෙ ගිහින් එන්න. ගන්ඩ ඇති දේකුත් නැතුව, ලොකු කඩයක් ඇතුලෙ නිකමට කැරකෙන කොට දැක්ක, කඩේ එක එක ජාති මස් වර්ග ප්‍රදර්ශනේ කොරන රාක්ක ටික. මෙන්න මේ විදියට.

'ඔබී' නිර්මාංශික ආහාර කන්නෙ. තේරෙන බාසාවෙන් කිව්වොත් 'වෙජිටේරියන්'. 
බිත්තර දාල හදන්නෙ කියල කේක් හෝ උම්බලකඩ දාල තියෙන්නෙ කියල ලුනුමිරිසක්, පොල්සම්බෝලයක්, නොකන තරං දරුණු 'වෙජිටේරියන්' කෙනෙක් නං නෙමේ. ඒ වුනත් එයාලගෙ ගෙදර ඉස්සර කිරි එළදෙනුන් ඇති කල නිසා, හරක් මස් ගෙදරට ගේනවට වැඩි කැමැත්තක් නෑ. ගෙනාවොත් උයල නොදී ඉන්නෙත් නෑ. ඔය හේතුව නිසා අපි ගේන්නෙ මාළු සහ කුකුල් මස් විතරමයි වගේ.
ඔබීත් ගෙදර නැති වෙලාවෙ මට හිතුන, 'බීෆ් ස්ටර් ෆ්‍රයි' එකක් හදල බලන්න. [වැරදුනොත් අපේ 'කළු' ඉන්නව රස ගුණ බලන්නෙ නැතුව දෙන ඕනෙම දෙයක් කන්න.මේ පහලින් ඉන්නෙ එයා අව්ව තපිමින්.]
ඒ පාර කඩේ ඇතුලෙ කැරකිලා බැලුව වැඩේට අවශ්‍ය දේවල්. හරියයි කියල හිතුන මෙන්න මේ දවල් දැක්කෙ එතකොට.
ඉස්සෙල්ලම දැක්ක, 'බේකින් ට්‍රේ' එකත් එක්කම තෙල්, සව්, ඇටකටු, නැති ග්රෑම් 500 ක විතර මස් කුට්ටියක්.

කෝකටත් කියල, හම එහෙම ඉවත් කරපු, කුකුල් මස් ග්රෑම් 500 ක් විතරත් ගත්ත මෙතනින්.

ඊට පස්සෙ ගත්ත, අවශ්‍යයි කියල හිතුන අනිත් දේවල්, මේ තියෙන්නෙ ඒව.
    හතු

   රතු පාට මාළුමිරිස්[කැප්සිකම්]
    කහ පාට කැප්සිකම්
ලූනු කොළ වගේ ජාතියක් [ස්ප්‍රින් අනියන්]
  අපි නොදන්න කැරට්
 ලොකු ලූනු
පහල පින්තුර වල තියෙන ජාතිත් තිබුන, ඒව ගත්තෙ නෑ. තක්කාලි, මිරිස්, කරපිංචා, දෙහි, එහෙම ගෙදර ගස් වලත්, ඉඟුරු, සෝස්, සුදු ලූනු එහෙම කලිං අරන් ගිය ඒවත්, ගෙදර තිබුන නිසා.
පහල තියෙන සෝස් ජාතියි, තව තක්කාලි සෝස් එකකුයි, ගෙදරම තිබුන.

මේකත් ගෙදරම තිබුන.

දැන් ඔන්න ඔබාගෙ ක්‍රමේට 'බීෆ් ස්ටර් ෆ්‍රයි' හදන්න, ඕනෙ අවශ්‍ය ජාති ඔක්කොම කිව්ව. ඕකට තව ඕනෙ වෙන්නෙ බටර්, මාජරින්, පොල්තෙල්, කෝර්න් ඔයිල්, පාම් ඔයිල්, ඔලිව් ඔයිල් හෝ තමන් පාවිච්චි කොරන ඕනෙම, වසවිස ජාතියෙන් මේධය මේස හැඳි දෙකක් විතර සහ කෑලි මිරිස් [තමන්ගෙ ටේස්ට් එකේ හැටියට අවශ්‍ය ප්‍රමාණය]


ලුනු අමතක වුනා නෙමේ, මං දාන සෝස් වල හැටියට,මට නං ලුනු ඕනැන්නෙ නෑ, ඔයාලට ඕන්නං දාගත්තට මගේ අමනාපෙකුත් නෑ.


මේක අදම ලියල ඉවර කොරන්න හිටියට, 'හෙනහුරෙක්' කඩා වැටුනනෙ මේ දැන්. හෙනහුරාගෙ නම කිව්වොත්  'අශෝක හඳගම'


මතකනෙ අපේ ඉන්දරේ. ඉන්දරෙයි, ඉන්දරේගෙ මල්ලියි ඉන්නෙත් මං ඉන්න කිට්ටුවමයි. [ඉන්දරේ චුට්ටකට ඉස්සෙල්ල ලංකාවට පිටත් වුනා, වාර්ෂික විසිට් එකට] 


  
අශෝක හඳගම, ඒ මල්ලිගෙ වාසිටි ගජයෙක්. සතියකට විතර ඉස්සෙල්ල  ඒ මල්ලි මට දුන්න, අශෝක හඳගමගෙ 'මේ පාරෙන් එන්න' ටෙලියෙ කොපියක් . ඒක මම හුඟක් කාලෙකට පස්සෙ දැකපු හොඳම නිර්මාණයක්. මේක කියවන බොහෝ දෙනෙක් 'මේ පාරෙන් එන්න' බලල ඇති. මල්ලි ඒක දෙන ගමන් කිව්ව, තව හොඳ එකක් තියෙනව අශෝක හඳගමගෙ, ඒකත් හොයල දෙන්නං කියල. මේ දැන් කෝල් එකක් ආව 'බඩු හෑව්' කියල.


කට්ටිය සමා වෙන්න ඕනෙ, මම දැන් යනවා අළුත් එක , [ඒ කියන්නෙ 'නැගෙනහිර වෙරළෙන් ඇසෙන'] අරං එන්න.


සමාව දීල ඉවසා වදාරනවට සැනසිලි තෑග්ගක් හැටියට, 'නැගෙනහිර වෙරළෙන් ඇසෙන' බලල ඉවර වුනු ගමන්, 'බීෆ් ස්ටර් ෆ්‍රයි' එකට අමතරව, 'චිකන් ස්ටර් ෆ්‍රයි' එකකුත් හදන හැටි කියල දෙනව කෂ්ටියට.


සිංහල බ්ලොග් කියවන, කොමෙන්ට් දාන සහ බ්ලොග් ලියන සියලු දෙනාටත්, ඔවුන් සියලු වැඩ අතපසු කර, බ්ලොග් ලෝකයේ සැරිසරණ අතර මෙත් සිතින් ඉවසා වදාරන, ඔවුන්ගේ පවුල් වල අයටත්, හෙට ලබන්නා වූ නව වසර, ගත වුනු වසරට වඩා සුභ පල දායක එකක් වේවා....!!!




ඔබා කුනුහපර කියනව කියල හැමදාම බනින කට්ටිය 'ෆොරිජින් සිගරෙට්' පෝස්ට් එකේ පින්තුරෙ හරියට බලල නෑ, හෙහ්...හෙහ්...හූ..හූ...

Tuesday 27 December 2011

'ෆොරිජින් සිගරෙට්'

දැන් ගම්පහ නගරෙ සහ ඒ අවට කාර්, මෝටර් බයිසිකල්, බස්,ලොරි, වෑන් විකුණන සේල් තියෙනව වෛවාරන්ය නම් වලින්, ගණන් කරල ඉවර කොරන්න බැරි තරං. ඒ වුනාට අපි පොඩි කාලේ ගම්පහ තිබුනෙ ඒ ජාතියෙ එකම, එක, සේල් එකයි. හැබැයි ඒ සේල් එක දිවයින පුරා නම් දරාපු එකක්. වාහන ගන්න, යාපනේ ඉඳලත් ඒ කාලෙ මිනිස්සු එනව කියල තමයි, අහල තියෙන්නෙ. අදටත් ඒ සේල් එක තියෙනව,  මං හිතන්නෙ, ඒ කාලෙ සේල් එක කරපු මුදලාලිගෙ දරුවො, මුනුපුරෝ, වෙන්නැති දැන් රන් එක දෙන්නෙ.

මං ඉස්කෝලේ යනකොට, අටේ පන්තියේ විතර කාලෙ, සමාන්තර පන්තියක හිටිය  'ටීයකියල යාලුවෙක්.  උන්ගෙ තාත්තගෙ 'නික් නේම්' එකම තමා පොරටත් ලැබිල තිබුනෙ. තාත්තට ඉස්සර කරපු බිස්නස් එකක නමක් මුලට දාල පෙරේරා. මූටත් මුලදි බිස්නස් එකේ නම කිව්වට, පස්සෙ ඒකෙ මුල අකුර  'T'  විතරක් පාවිච්චි කොරල ලේසියට  'ටීයකිව්වෙ.  'ටීය'  තමා අපි දන්න කියන කෙනෙකුට, ඉස්සෙල්ලම චිත්‍රපට නළුවෙක් බවට පත් වුනේ.

අර ඉස්සෙල්ල සඳහන් කරපු සේල් එකේ මුදලාලි චිත්‍රපට නිෂ්පාදනේට අත ගැහුව.  මං දන්න විදියට හැදුවෙ හැබැයිඑකම එකයි.  ඒ කාලෙ සම්භාව්‍ය වගේම ගැලරියටත් නැගල ගිය චිත්‍රපටයක් පොර නිස්පාදනේ කොලේ.  නම කිව්වොත් 'අන්සතු මල්' වගේ එකක්.  ඕකෙ ප්‍රධාන නළුවපස්සෙ කාලෙක අපේ රටේ පාර්ලිමේන්තුවෙ 'කථානායක' තනතුරත් දැරුව. පොර කතානායක තනතුර දරන කාලෙ, ගත්ත තීරණයක් නිසා, එයාගෙම පක්ෂෙ,බොහොම අඩුවෙන්, පාර්ලිමේන්තුවෙ කථා කරල තියෙන,  ගම්පහ පළාතේ මන්ත්‍රී කෙනෙක් කිව්වලු 'කතානායක තුමා ඔය කථා කොරන්නෙ ගැලරියට' කියල. කතානායක තුමා දීල තියෙන උත්තරේ, 'ගරු #### මන්ත්‍රී තුමා  ජංගි කොටේ ඇඳන්, ගැලරියෙ විසිල් ගහන කාලෙ,  මං ගැලරියට කථා කොලේකියල. දන්නෙම නැතුව පඳුර වටේට තලන්න පටන් ගත්තනෙයං ආපහු කතාවට.

මේ පිචර් එක බලල තියෙන කට්ටියට මං කියන්න යන සීන් එක මතකත් ඇති.  පිචර් එකේප්‍රධාන නළුව කොරනව, හෙණම පීචන් වැඩක්.  පොර පැණි හලන කෙල්ලගෙ,  තාත්තගෙ කුඹුරෙ,  කපල පාගන්න රෙඩී ගොයං  කොලේකට, යාලුවොත් එක්ක ගමේ සංචාරයක් යන ගමං,  ගිනි තියනව.  ගොයං කොලේ ගිනි ගන්නව දැක්ක පොඩි එකෙක්, සරමත් උස්සගෙන,  දුවල ගිහින් කෙල්ලගෙ තාත්තට නියුස් එක දෙනව.  ආන් ඒ පොඩි කොල්ල තමා 'ටීය'.  ලංකාවෙ ප්‍රේක්ෂක ජනතාවගෙ හෝ,  'ටීය'ගෙ,  ලක් එකක් තිබිල, උගෙ නළු වෘත්තිය එතනිම්ම ඉවර වුනා.

අද කාලෙ වගේම, ඉස්සර කාලෙත්, කාර් සේල් කාරයො ලේසි පාසු පොරවල් නෙමේ. මෑන්ට ප්‍රසිද්ධියට වඩා වැදගත් වෙන්න ඇති  'ඉන්කම් ටැක්ස් '  වලින් ශේප් වෙන එක.  අනික, පිචර් එක හදන්නත් ඉස්සෙල්ල පොරට තේරෙන්න ඇති, මේක නැගල යන, සල්ලි හොයන, එකක් කියල. හේතුව අනුමාන කොරනව මිස හරියට කියන්න දන්නෙ නෑ,  පිචර් එකේ නිෂ්පාදක හැටියට නම වැටුනෙ,  'චිත්‍ර'යක්  වගේ මුල නමක් තියෙන,  'වයසින් අඩු සුරිය' කෙනෙනෙක්ගෙ.  නිෂ්පාදක හැටියට නම වැටුන පොරත්ඒ කාලෙ ගම්පහ නගරෙ හැමෝම වගේ දන්න කියන කෙනෙක්.

චිත්‍රපටියට සම්භන්ද වෙන්න ඉස්සෙල්ල මෑන්ස් ගමං  බිමන් ගියෙ බයිසිකලෙන්. චිත්‍රපටිය හැදෙන කාලෙ  'දඬු ෆෝර්ඩ්'  එකක් හෝ  'මොරිස් එයිට්'  එකකට දියුණු වුනා.  පිචර් එක ප්‍රදර්ශනේ වෙනකොට, ගමන බිමන  'බෙන්ස්' එකකින්.  [කොහොමද 'පොඩි ඔබාගෙ' ඔබ්සවේෂන්]  ඊටත් පස්සෙ පොර හැදුවඒ කාලෙ හැටියට ඉස්තරම් ලෙවල් එකේ ගෙයක්.  මම ගේ ඇතුල දැකල නං නෑ.  ආරංචියෙ හැටියට ගේ ඇතුලෙ  'ස්විමින් පූල්එකකුත් තියෙනවලු.  අඩු ගානෙ 'පොන්ඩ්' එකක් වත් ඇති.  ගේ වටේ බිත්ති ඔක්කොම, කළුගලෙන්  වගේ තමා මගෙ  මතකෙ හැටියට.  ගේ නං තාම ඇති ගම්පහ, පරාක්‍රම පාරෙ.

ඔන්න ඔය කියපු ගේ හදන කාලෙ තමාමෙන්න මේ කියනසීන් කෝන් එක සිද්ධ වෙලා තියෙන්නෙ.  ගේ හදල ඉවර වෙන කාලෙ, ඔය සුකුරුත්තන් වැඩ, ඒ කියන්නෙ  'ෆිනිෂින් ටච්'  වගේ වැඩ කොරන, බාස්උන්නැහෙ කෙනෙක්, වැඩක් කොරමින් ඉන්න තැනට ආපු ගෙවල් අයිතිකාරය,  සිගරෙට් එකක් පත්තු කොර ගත්තලු. ඒ කාලෙ ඔය ෆොරිජින් සිගරෙට් වලට සාමාන්නිය මිනිස්සු කියන්නෙ  'නැව් සිකරට්'  කියල.

බොසා පත්තු කොරන් තියෙන්නෙත් කොහෙන්ද හම්බු වෙච්ච පැකට් එකකින්  'නැව් සිකරට්'  එකක්. බීඩි බොන බාසුන්නැහෙත්, සිගරෙට් දුමේ ස්මෙල් එක නිසා පෙරේත බැල්මන්ට් එකක් දැම්මලු.  බොසාට පව් කියල හිතිලබාසුන්නැහෙටත් දුන්නලු  'නැව් සිකරට්'  එකක්. බාසුන්නැහෙත්  'නැව් සිකරට්'  එක පත්තු කොරන්,  දුං උගුරක් දෙකක් ඇදල හෙම,  ' සර් මට තව එකක් දෙන්න බැරිද'  කියල ඇහුවලු. බොසාට චුට්ටක් විතර මල පැන්නත්,  ' ඒ මොකටද බාසුන්නැහෙකියල අහන ගමං   තවෙකක් දුන්නලු.  ' බත් කාල බොන්න, සර්'   කියල බාසුන්නැහෙ  'නැව් සිකරට්'   එක කනේ ගහ ගෙනආපහු කොරමින්  හිටිය   වැඩේට බැස්සලු.

වැඩේ කොරගෙන යන බාස්උන්නැහෙට, බොසා ආයෙත් 'නැව් සිකරට්' එකක්  දික් කලාලු.  බාස පොඩ්ඩක් මවිත වෙලා  'ඒ මොකටද සර්කියල ඇහුවලු.  
බොසා කිව්වලු,   ' තමුසෙට ගෙදර ගිහින්, ගෑනිට හු#ල ඉවර වෙලා බොන්න'   කියල.