My followers

Saturday 19 November 2011

පිය ගුණ වැස්සෙන් පොදක්...!!!


ඔබීගේ පියාණන් පරලෝ සැපත් වෙලා අවුරුදු විසි පහක් 2012 හෙ ජනවාරි පළවෙනිදට.

තමන්ගෙ පියාණන්ගෙ ගුණ සැමරීමට, ඔස්ට්‍රේලියාවෙ පළවෙන සිංහල පුවත් පත් වලට යැවීම පිණිස, ඔබී ලියූ කවි පේළියක්.


ඊයේ නිකුත් කල 'No Standing' ලිපිය හුඟක් බ්ලොග් සයිට් වල අප්ඩේට් වෙලා නැහැ කියල දැන ගන්න ලැබුන. ඒ ලිපිය මග ඇරුන අයට  http://observer-nireekshaka-observer.blogspot.com/2011/11/no-standing.html ගිහින් කියවන්න ආරාධනා කරනව.



'No  Standing' දෙවෙනි කොටස, හෙට නං බැරි වෙයි, අනිද්ද රෑට කෝම හරි පබ්ලිෂ් කරන්න ට්‍රයි එකක් දෙන්නං.


පිය   කූඩුවේ   සිටි   අප  දරු   සිව්  දෙනෙකුන් 
කුසගිනි   නිවා  ඇති  දැඩි  කලෙ     ආදරයෙන් 
ඔවදන්  ශිල්ප  දුන්නේ  සෙනෙහස        පාමින්
රෝගී  කලදී ඔසු  දී  මැතිරුවා           සෙමෙන් 

රස දෑ    සොයා   ඔබ   ළඟ   දැවටෙන්න    ඇතී 
හඬනා   කලදී    දුව  ගොස්   නලවන්න      ඇතී 
කව්   ගී කතා   වල   මිහිරිය   දෙන්න         ඇතී  
පියෙක්   ලෙසට   කරදර     ඉවසන්න        ඇතී

නිවසට   මිණි  පහන   වූ   මව   ඔබ      සමග 
එක්වී   ලබාදුන්   ශක්තිය   නැණැති         මග 
ඔබ  රැකි   පවුල   නිති   බැඳුනා   දහම     ළඟ 
ගැටුනා   සවනෙ   නෑ   මිතුරෝ   කියන    රඟ

හිඳගත්   කලදී   කෑමට   දහවල        රෑට
මුල්  බත්  පිඩම බෙදුවා එන  සතුන්    හට 
යාචක වෙසින් පැමිණුන  අසරණ      අය 
දන් දී   නිතින්   දෙසුවා  කම්පල        අපට 

විදුහල්පති කෙනෙක් ලෙස දුර පළාත්     වල
කල මෙහෙවරට ගම්වැසි තුති පිදුව        කල
සතුටු සිතින් ඉවසුව ගුණ ගැයූ              කල 
වෙන් වූ නමුත් නිති සිහියේ මිතුරු       කැල 

ආගම දැයද මුල් තැන නිති         තබමින්නේ 
දන් පින් කලා පන්සල ගැන     සොයමින්නේ 
සමිති සමාගම් වල මෙහෙ          කරමින්නේ
යුතුකම් ඉටුකළා නෑදෑ ගම්        වැසියන්නේ 

ජාතික ඇඳුම හැඳි ඔබ සිත මෙත   පිරුණී 
සැමටම සුහද ලෙස අමතන හඬ    ඇසුණී
කිසිදින කිසිවෙකුට කරදර නොම කෙරුණී
සැමතැන මුල් අසුන ඔබටම නිති     පිදිණී 

නිසිමග  එළිය  කළ  ගුරු        පියාණෙනී
නිරතුරු  ගුණ සපිරි ඔබ දිරි      පියාණෙනී
නිවැරදි මගක දිවි ගෙවූ   ඔබ    පියාණෙනී
නිවසට මහා රුක ඔබ  විය       පියාණෙනී

වෙන්වී අපෙන් විසිපස් වසරක්       වෙනවා 
පිය මතකයන් ඇඳි සිතුවම් මතු       වෙනවා
ඉවසුම දයා කරුණා ගුණසිහි          වෙනවා
හද බැඳි පෙමට කවි මාලා           අමුණනවා 

සසරේ දුකක් ලෙස යනෙනා භව            ගමන 
නවතන මොහොත තණ්හාවෙන් මිදුණු      දින 
බුදු හිමි දෙසු අප සොයනා අම               නිව 
ඔබහට ලැබේවා මතු භවයක               සැණින.





පබැඳුම : වසන්තා   විජේවර්ධන 

             බටහිර   ඕස්ට්රේලියාව       

52 comments:

  1. කොහේට හරිවෙලා ආඩම්බරයෙන් බලං ඇති ඔබා දිහා!

    ReplyDelete
  2. අගේ ඇති කයි පංතිය හැබෑ දස්සියක් නොවැ ඔබා අයියේ. පියාණන් නිවන් මඟට යාවි. ඔබලාගේ ගුණ යහපත් කමින් ඒ බව හිතා ගත්තැහැකි.

    ReplyDelete
  3. ඔබී නැන්දගේ බ්ලොග් අඩවිය ඉක්මනට සෙට් කරලා දෙන්න. අතේ පයේ හිරි ඇරලා ලියන්න පටන් ගනීවි..

    ReplyDelete
  4. හරිම අපූරුවට පිය ගුණ ගැන ලියවුන කවි ටිකක්.... තාත්තෙක් නැති කල දූවරුන්ට හිනා වෙන්න බැරිලු...ඒක ඇත්තක් වෙන්න ඇති...දිල්ට දිල්ගේ අප්පච්චි මතක් උනා...

    ReplyDelete
  5. නරකද ඔබා අයිය ලියන එක නවත්තල ඔබී අක්කට ලියන්න දුන්නනම්...

    ReplyDelete
  6. පිය සෙනෙහසට කවු ගී ලියවුනා මදී...

    ReplyDelete
  7. NO Standing පෝස්ට් එක මිස් වුණා..

    ඒත් ඔබා අයිය මාම මේ පෝස්ට් එකේ දාල තියෙන ලින්ක් එකත් පොඩ්ඩක් මඤ්ඤං ...

    මිස් වුණ කට්ටිය මෙතන කොටල ගිහින් No Standing බලමු..

    ReplyDelete
  8. එළ කවි ටික...තාත්තටයි පුතාටයි දෙන්නටම නිවන් සුව පතනවා....හප්පේ වැරදුනා තාත්තට විතරයි..........

    ReplyDelete
  9. ඔබීගේ කවි ටික ලස්සනයි. බලන්ට මට විතරනේ කවි ලියන්ට බැරි.:(

    හොඳ පියෙක් බව කවි කියනකොටම තේරෙනවා. නැතත් ඉතින් ඔබා වගේ පුතෙක් දිහා බලපුවාමත් කියන්ට පුලුවනිනේ.

    එකම ප්‍රශ්නේ ලමයින්ට ඇයි මව්පියන්ගේ රූපය නොයන්නේ කියන එක....:D

    පියාට නිවන් සුව පතනවා.

    ReplyDelete
  10. අර කියලා තියන එක, එතනින් ගියත්, කියවන්ට බෑ...:D:D:D

    ReplyDelete
  11. @ පොඩි කුමාරිහාමි,
    'සපතේරු උන්නැහේගෙ' කොමෙන්ට් එකේ දීල තියෙන ලින්ක් එකෙන් යන්න පුළුවන්

    ReplyDelete
  12. හරි අගේ ඇති කවි ටික. කවි ටික කියවනකොට මට මතක් උනා මගේ පියානන්. හරියට ඔහු ගැන කියවුනා වගේ.ඔහුත් මේ වගේම ගූරු පියෙක්. මේ කවි මාවත් මගේ කුඩා කල වෙත රැගෙන ගියා.

    ඔබිත් සැබෑම දක්ශයි නෙව.නරකද ඔබා අය්ය ඇයත් බ්ලොග් ලියන්න ගන්නවනම් ...අපිට ඔබේ දස් කම් ගැන ඇගෙන් අහගන්නත් පුලුවන්නේ ...

    ReplyDelete
  13. බඩුම තමයි..හෙට අනිද්දටම ඔබාට කෙල වෙනවා..අක්කා වැඩ අල්ලලා...

    ඔබයියේ ඔය ෆොන්ට් සයිස් එක අඩු කරහං කවි ටිකේ..පද ටික රට වටේ...

    ඔබාගේ මාමණ්ඩිට නිවන් සුවයම අත් වේවා..!
    කොහොමත් අපි නොකිව්වත් උන්නැහේ කොරගත්ත පිංකම හින්දම නිවන් දකින්ට බැරි වෙන එකක් නැහැ..ඇයි යකෝ මෙච්චර මහන්සියෙන් හදපු කෙල්ලව ජූජකයට දන් දීපු එකම මදෑ..:P

    මං මේ කල්පනා කලේ ඒක නෙවෙයි මෙකා අර දාලා තියෙන පොටෝ එක අරගෙන තියෙන්නෙත් ගේ ඇතුලේ තියෙන බඩු මුට්ටු අහුවෙන විදියටම නෙව..කට්ටිය ටිකක් බලන්නකෝ...

    ReplyDelete
  14. ඔබී නැන්දා ගේ පියානන්ට නිවන්සුව ලැබේවා!

    ReplyDelete
  15. හරිම ලස්සනයි කවි ටික...ඔබීට ජය...

    ReplyDelete
  16. හරි! ඔබා අයියා ඉවරයි. අක්කා දස්සි. දැන් බ්ලොග් එකකුත් හදලා දෙමු!!!

    ReplyDelete
  17. කවි පංතිය නම් හරි අගෙයි......ඔබී අක්කාටත් ඔය ඉන්න ගමන් මොනව හරි ලියන්න බ්ලොග් එකක් අටව ගත්තොත් නරකද ?

    ReplyDelete
  18. ඔබා ගැනත් දිනක මේ ලෙස කවි ලියවේවා!

    තාත්තා ගේ කාලේ මයික්‍රෝවේව් උඳුන් තිබිලා තියෙනවා වගේ නේද?

    ReplyDelete
  19. මට මතක වෙනවා මගේ අප්පච්චිව... :(((

    ReplyDelete
  20. ඔබගේ පියානන්ට නිවන්සුව පතමි...ඔබවැනි පුතෙක් ලැබිම ගැන ඔහු සතුටු වෙවී

    ReplyDelete
  21. සියක් උල්පත් මවා දී
    නිහඬවම හිඳිනා
    නමක් නැති මහ කන්ද ඔබ...
    අප්පච්චී....

    ReplyDelete
  22. ඔබීට කියන්න තාත්තා ගැන තව ලිපි එහෙමත් මේ බ්ලොග් එකට ලියන්න කියලා. එතුමාට නිවන් සැප පතමු!!!

    ReplyDelete
  23. ඔබා අය්යගෙ මාමණ්ඩිට නිවන් සුව පතනවා.. අර මාරයා කිව්වත් වගේ කරගත්ත පිංකම මදැයි

    ReplyDelete
  24. පිය ගුණ ලිය වුන අපූරු කවි පෙලක් ඔබ මාමේ.. ලස්සනයි....

    ReplyDelete
  25. තාත්තා නියම මිනිහෙක් විදියට ජීවත් වෙන්න ඇති...... අනිවාර්යෙන්ම ඔවු....

    ReplyDelete
  26. සෙනසුරාද, ඉරිද, දෙකනෙ සතියෙ නිමාඩුවක් නැතිම දවස් දෙක. හෙට දවල් වැඩට ගියාම කොමෙන්ට් වලට වග උත්තර බඳින්නන්

    ReplyDelete
  27. ඔබාට පුළුවන්නේ කයි ලියන හැටි නෝනා මහත්තටගෙන් ඉගෙන ගන්න. ම්ස් උන ඒවත් බැලුවා.

    ReplyDelete
  28. බුදු හිමි දෙසු අප සොයනා අම නිවන
    ඔබහට ලැබේවා මතු භවයක සැණින.
    අපිත් හැමෝම පතන්නම් ඒ විදියටම

    ReplyDelete
  29. ඔබා අයියගෙ මාමන්ඩිට අමුතුවෙං නිවන් පතන්න දෙයක් නෑ . . . . තමංගෙ දරුවො දන් දීල තියෙන්නෙ ඔයිට කලිං එක්කෙනයි නොවැ . . ඔය ඉහලිංම මාරයා කියල තියෙන්නෙ . . .

    ප.ලි.
    අනේ තව ටික කාලෙකිං අපිටත් ඔබා ගැන මේ විදියට කවි ලියන්න වෙනව නෙ . . . .

    ReplyDelete
  30. "එළ" කවි ටික නෝනෙ. ඔබා ලියන කතන්දරත් නරක නැහැ. නියම කවි කතන්දර පවුල.

    ReplyDelete
  31. ජුවෙලරි ශොප් එකක් හොරෙන් කඩලා හරි මාරයගෙයි, ඕනයගෙයි කඩේ මසුරන් දෙකක් දමන්න ඕනි !

    ReplyDelete
  32. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  33. බුන්ට මාමයි, බුන්ට නැන්දයි දැං අපේ නෑදෑයෝ වගේනේ...... අර මොබිටෙල් කාරයෝ කියන්නැහේ සයිබර් අවකාශයේ වේගයෙන්ම ජනප්‍රිය වෙන මෙව්වා එක වගේ බුන්ට මාමගේ මේ ඔබ්සවර් බ්ලොග් එක.

    ඔය ඕනයලා ව‍ගේ උන් ඉරිසියාවේ පැලෙන්න යන්නෙ ඒකනෙ ඔය....

    ...........

    කුමාරිහාමි,
    ප්‍රවීණා පලිපාන කියන්නෙ කව්ද? එහෙම කෙනෙක් වලව්වෙ නෑනේ...!!!

    ReplyDelete
  34. අවුරුදු විසිපහක් ගිහිල්ලත් තාමත් තාත්තගේ මතකේ අලුත් .. මටත් ජීවිතාන්තය දක්වා තාත්තාගේ මතකය අලුත් විදිහට තියේවි.. ඔබී සහෝදරීගේ පියාණන්ට ඉපදී සිටින තැනක නිරෝගී භාවය හා දිගාසිරි පතනවා.

    ReplyDelete
  35. @ සාබිත්,
    මාමණ්ඩිට අන්තිම දොඩම් හැන්දත් පෙව්වෙ මම

    @ වෙද ගෙදර මහ වෙදනා ,
    හප්පා, ඔබීව මුරුංග ගැහෙ උඩින්ම තියල.
    ස්තුතියි කොමෙන්ට් එකට

    @ ඉඳුනිල්,
    කවි පන්ති කීපයක් එයා 'අන්තිම පේලිය' සයිට් එකේ පළ කළා.
    ඕස්ට්‍රේලියාවේ පළ කරන සිංහල පුවත් පත් තුනටත් කවි යවනවා, යැව්ව හුඟක් ඒවා පළ වුනා

    @ දිල්,
    ' තාත්තෙක් නැති කල දූවරුන්ට හිනා වෙන්න බැරිලු'
    මාත් අහල තියෙනව ඒක.

    @ සපතේරු උන්නැහේ,
    එතකොට මට වෙන්නැති උයන්න පිහන්න වෙන්නේ හෙහ් .... හෙහ්... හෙහ්....
    ස්තුතියි ලින්ක් ඒක නැවත දැම්මට

    @ ලොකු ඡෝන්,
    ඇත්ත...ඇත්ත...ලියවෙන තරමක් මව් සෙනෙහස ගැනමනෙ

    @ ඔබ නොදු‍ටු ලොවක්,
    කවි ලිව්වෙ මං නෙමේ, ඔබී

    @ පොඩි කුමාරිහාමි,
    වලව්වට කවි ලියල දෙන්න'කවිකාර' නිළමෙ හෙම ඉන්නවනෙ

    @ ගිම්හානි,
    මං මොටද මටම කෙලෝ ගන්නෙ? හෙහ් .... හෙහ්... හෙහ්....

    @ මාරයා,
    පල යන්ඩ. උඹයි, ඕනයයි, ආවොත් මටම කෙලවන්න තමා හදන්නෙ

    @ විදානරාළ,
    ස්තුතියි, මම උත්තර ලීවට ඔබී ඔක්කොම කොමෙන්ට් කියෝනව

    @ සයුරි ,
    ඔයාටත් බෙහෙවින් තුති, මම උත්තර ලීවට ඔබී ඔක්කොම කොමෙන්ට් කියෝනව

    ReplyDelete
  36. @ චන්දික,
    මේ විධියට පුළුවන් වෙලාවට ලියයි, ආයේ ඉතින් අපි දෙන්නට දෙකක් මොකටද

    @ ලකී,
    බෑ කියනවනේ, මේකෙම ලියන්නන් ලු

    @ කතන්දර කතන්දර,
    අවරුදු 25 කට ඉස්සෙල්ල ලංකාවෙ මයික්‍රෝවේව් උදුන් තිබුන, හැබැයි අපේ ගෙවල් වල නං තිබ්බෙ නෑ. මේ රිෆ්ලෙක්ෂන් ඒක වැටිල තියෙනව දැක්කෙ නැහැනෙ. අළුත් ෆොටෝ එකක් අරන් දාන්නත් හිතුව, මාරයගෙයි, ක.ශු. ගෙයි කොමෙන්ට් දැකල, ආයෙත් කම්මැලි හිතුන.

    @ වර්ණා,
    අම්මල තාත්තල අමතක කරන්න බැහැ, එහෙම අමතක කරන්න ඕනෙත් නෑ.

    @ Raj ,
    කවි පන්තිය මගෙ නෙමේ, ඔබීගේ.

    ඔබීගේ තාත්ත ගැන.

    @ Gordonia ceylanica ,
    ලස්සන පද හතරක් ලියල තියෙන්නෙ.

    බ්ලොග් ඒක තාවකාලිකව නවත්තනවා කිව්ව නේද?
    ආයෙත් ලියන්න ගත්තම කියන්න.

    @ හරී - පිණිපළස,
    තෑන්ක් යූ. මම උත්තර ලිව්වට ඔබී කොමෙන්ට් ඔක්කොම කියෙව්ව.

    @ ක්සැන්ඩර් | Xander,
    හැබෑව...හැබෑව.....

    @ Dinesh ,
    ඔබීගේ ස්තුතිය පිළිගන්න. ඔයාගෙ බ්ලොග් එක පැත්තෙ ගිහින් චෙක් කරල බලන්න බැරි වුනා ටික දවසකින්.
    ඉක්මනින් එන්නම්

    @ Mahesh Wickramasinghe ,
    තෑන්ක් යූ, මට හමු වුන හොඳම මනුෂ්‍යයෙක්

    @ මාතලන් ,
    හපොයි ඔව්. දෙවැනිව කිව් කාරනේටත් තෑන්ක් යූ .

    ReplyDelete
  37. @ Weni ,
    මොකෝ බං පද තුනෙන් නවත්තල?

    @ ඕනයා,
    කාරනා දෙකම ඇත්ත.දැන් තියාම කයිය පද බැඳගෙන හිටහං.

    @ kavikaari ,
    මේ මේ අපි දෙන්නට කතන්දර නං හදන්න එපා ඕන්....

    @ Weni
    ජුවෙලරි ෂොප් වල කොහෙද බොල මසුරං, බොට බැංකුවක් තමා කඩන්න වෙන්නෙ.

    @ Podi Kumarihami
    අපිව මබ්බෝධ කරන්න හදනවද? කව්ද මේ ප්‍රවීනා පලිපාන?

    @ බුද්ධි,
    පොඩ්ඩක් ඉඳහන් මුරුංග ගහෙන් බහිනකන්.

    ඕනයට මතක නෑ උගෙ දෙයියනේ කියල දාපු කුළුඳුල් පෝස්ට් එකට පලවෙනි කොමෙන්ට් එක දාල ඌම කියනවා වගේ 'උගේ පිකප් එකට, අපේ බැකප්' එක දුන්නෙ කව්ද කියල. මොකද්ද බං ඔය වගේ එවුන්ට කියන්නෙ? 'ගුණ මකුණෝ' කියලද?

    මාත් මේ හොයන්නේ කව්ද මේ 'ප්‍රවීණා පලිපාන' කියල

    @ සරත් ලංකාප්‍රිය
    බොලා මං මොනා හරි ලිව්වොත් තමා මඩ බාල්දි කර ගහගෙන එන්නෙ නේද?

    ReplyDelete
  38. ඔබා මාමව අල්ලගත්තෙත් මෙහෙම කවි ලියලද දන්නේ නෑ. ලස්සනයි ඔබා නැන්දගේ කවි ටික !!

    ReplyDelete
  39. කයිය පරවෙයිද දන්නෙ නෑ . . . දැං ඉඳලම පද බැඳං තියාන ඉන්න ගියොත් . . . .

    ReplyDelete
  40. ඔබීත් එහෙනම් හොඳ කවිකාරියෙක්...නරකද කවි මඩුවක් හෙම දැම්මොත්...

    ReplyDelete
  41. ඔබා මාමා කවි කියවන්ට හොරය්..ඔබී නැන්දා නම් කවි ලියන්න හරි හපනානේ....
    ෂෝයි කවි ටික ඔබා මාමේ......
    අම්මා තාත්තා ගැන නොහිතන මේ කාලෙට මේ කවි ටික බොහෝම ආදර්ශයක්!
    ඔබී නැන්දට බ්ලොග් එකක් නැතෙයි?

    ReplyDelete
  42. බුදු හිමි දෙසු අප සොයනා අම නිවන
    එතුමට ලැබේවා මතු භවයක සැණින.

    ReplyDelete
  43. @ මධුරංග,
    ඔබී කවි ලියන්න පට ගත්තෙ නං දැන් අවුරුදු කීපෙකට ඉස්සෙල්ල. මේක බාල වියේ බැඳි ආලයක්නෙ

    @ ඕනයා,
    හ්ම්.... උඹේ නං දැනටමත් කර වෙලා ඇති තමා, කරෝල වාඩියෙ වේලි වේලි ඉඳල හෙහ් හෙහ් හෙහ්

    @ Miyuru,
    අකුරු දෙකේ කවි කියන්න හෙම නෙමේ නේද?

    @ ගලයා,
    ඔබී නැන්දට බ්ලොග් එකක් නෑ. රස්සාවයි, සමාජ සේවා වැඩයි, මුණුපුරා බලා ගැනිල්ලයි නිසා බ්ලොග් ලියන්න වෙලාව හොයාගන්න අමාරුයි.
    'අන්තිම පේලිය' සයිට් එකට සහ මෙහෙ පලවෙන සිංහල පුවත් පත් තුනට වෙලා තියෙනකොට කවි පන්ති කීපයක් යැව්වා.
    ඔක්කොම වගේ පල වුනා, පත්තර වලට යවපු කීපයක් හැර.

    ReplyDelete
  44. @ Praසන්ன
    ඔබී වෙනුවෙන් තෑන්ක් යූ.

    ReplyDelete
  45. කවි ටික නියමයි ඔබා මාමා!!! ඔබී නැන්දාගේ පියාණන්ට අමා මහ නිවන් සුව ලැබේවා !!!

    ReplyDelete
  46. යහපත් පියකුගේ යහපත් දරුවෝ ( ඔබීත් ඇතුළුව ) ! අනේ වාසනාවන්!

    ReplyDelete
  47. @ Godaya,
    A big 'THANK YOU' from both of us.

    @ Kandyan,
    Thank You very much mate, both of us appreciate your comment.

    ReplyDelete
  48. මාරයා තමයි නියම කතාව කියල තියෙන්නේ...

    ReplyDelete
  49. @ පිස්සා පලාමල්ල,
    පිස්සා කිව්වේ මේ ගැන වෙන්නැති නේද?

    'ඔබයියේ ඔය ෆොන්ට් සයිස් එක අඩු කරහං කවි ටිකේ..පද ටික රට වටේ...'

    ReplyDelete
  50. පරක්කු වෙලා කමෙන්ට් කරන නිසා අගේ නැතිවෙයිද මන්දා?කවි ටිකනම් ලස්සනයි

    මමත් ඔබී නැන්දාගේ තාත්තට නිවන් සුව පතනවා!

    ReplyDelete
  51. @ Rajith,
    Better late, than never mate. A big 'Tank You'
    from Obbee & myself.

    ReplyDelete